ඇස් පිහාටුවල ඝන ස්වභාවය ඉස්මතු කරන්නේ මෙහෙමයි

මුහුණේ සුන්දරත්වය සහ භාව ප්‍රකාශනය පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඇහි බැම සහ ඇස් පිහාටු සැලකිය යුතු කාර්යය භාර්යයක් ඉටු කරයි. කාන්තාවකගේ මුහුණේ ආකර්ෂණීය බව මෙන්ම පෞරුෂත්වය ඉස්මතු කර පෙන්වන ප්‍රධානතම කොටසක් වශයෙන් ඇස් හැඳින්විය හැකියි. එදිනෙදා ජීවිතයේදී පුද්ගලයින් සමඟ සංවාදයේ යෙදීමේදී මුලින්ම ආකර්ෂණීය භාවයක් ඇතිවන්නේ එකිනෙකාගේ දෑස් කෙරෙහිය. එම නිසා  ඇහිබැම, ඇස් පිහාටු ඉතා නිරෝගීව සහ සුන්දරව පිහිටීම වඩාත් වැදගත් වේ. 
ඇස් පිහාටුවල ඝන ස්වභාවය ඉස්මතු කරන්නේ මෙහෙමයි.
  • කෘත්‍රිම ඇස් පිහාටු ඇලවීම
  • ඇස් පිහාටු වලට මස්කාරා ආලේප කර ඒ මතට ඔබ භාවිත කරන පව්ඩර් එකක් යොදාගන්න. අනතුරුව මස්කාරා වලට පව්ඩර් ඇලීමට මද වේලාවක් තබා නැවත ඇස් පිහාටු වලට මස්කාරා ආලේප කිරීම මඟින් ඇස් පිහාටු වල ඝන ස්වභාවය ඉස්මතු වී පෙනෙයි.
  • රූපලාවණ්‍යගාරවල නවීන ක්‍රමයට අනුව ඇහිබැම සඳහා පර්මනන්ට් ටැටූස් භාවිතය, ඇස් පිහාටු සඳහා ප්ලාන්ටින් යනාදී ක්‍රමෝපායන් භාවිතය දැකගත හැකියි.
සටහන: විශ්වනී හසලා
උපදෙස්: ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී සමන්ත ගුණසේකර

ඔබේ සෞඛ්‍යය ඔබේ අතේ  පියයුරු ස්වයං පරීක්ෂාවෙන් ජීවිතය රැකගනිමු. Read Previous

ඔබේ සෞඛ්‍යය ඔබේ අතේ පියයුරු ස්වයං පරීක්ෂාවෙන් ජීවිතය රැකගනිමු.

Dragons of Sri Lanka 2026 රන් සම්මානය HUTCH Read Next

Dragons of Sri Lanka 2026 රන් සම්මානය HUTCH

Realted Post

Leave a comment