පෙනුම ලස්සන කරන අව් කණ්ණාඩි

අව් කණ්ණාඩි යනු විලාසිතා උපාංගයක් ලෙස ලෝකයේ ඉදිරියටම යන විලාසිතා වර්ගයකි. හිරු එළියෙන් දෙනෙත ආරක්ෂා කරගන්නවාට අමතරව ඔබට වඩාත් ආකර්ෂණීය පෙනුමක් ලබාගැනීමටත් පෙනුම වැඩිදියුණු කර ගැනීමේ උපාංගයක් ලෙසත් අව් කණ්ණාඩිය භාවිතකළ හැකිය. අවි කණ්ණාඩියකට ඔබගේ පෙනුම වෙනස් කිරීමට හැකියාව තිබෙනවා වගේම පෞරුෂත්ව පෙනුමක් ලබාදීමටත් හැකිය.

  • අව් රශ්මියෙන් ආරක්ෂාව

සහ UVB මේ දිනවල අව් කණ්ණාඩියක් තෝරා ගැනීමේදී විලාසිතාවක් ලෙස නොව uv ආරක්ෂාව ගැන සිතා බලා මිලදී ගැනීම වැදගත්ය. ඔබගේ ඇස් සහ ඇස් වටා ඇති සංවේදී සම ආරක්ෂා කර ගැනීමට නම් UVA කිරණ දෙකම ඇතුළත් UV කිරණ 100%ක් වළක්වන උසස් තත්ත්වයේ නිමාවකින් කණ්ණාඩියක් තෝරා ගැනීම වැදගත්ය. එහිදී "Uv400" යනුවෙන් නම් කර ඇති අව් කණ්ණාඩියක් තෝරා ගැනීමට ඔබට හැකිය. එම නිසා සෑමවිටම ගුණාත්මක භාවයකින් ඉහළ අව් කණ්ණාඩියක් තෝරා ගැනීමට සැලකිලිමත් වන්න.

  • නිවැරදි Fitton

ඒ වගේම අව් කණ්ණාඩියක් මිලදී ගැනීමේදී ඔබගේ මුහුණට සරිලන නිවැරදි ප්‍රමාණය සොයා ගැනීමට සිදුවනවා. එහිදී ඔබගේ මුහුණට තද හෝ වඩාත් සැහැල්ලු අව් කණ්ණාඩියක් තෝරා නොගැනීම වැදගත්ය. Dedo අව් කණ්ණාඩියේ රාමුව ඔබගේ නාසයේ සහ කන් මත තද ගතියක් නොමැති නම් එය ඔබට පහසුවක් වගේම එම රාමුවෙ කැළැල් ඔබගේ සම මත ඇති වන්නේ නැත.

  • මුහුණට ගළපන්න

ඔබගේ මුහුණේ හැඩය පිළිබඳ දළ අවබෝධයක් ඇත්නම් ඔබට අව් කණ්ණාඩියක් තෝරා ගැනීමට පහසු වනු ඇත. සාමාන්‍යයෙන් මෙතෙක් අව් කණ්ණාඩියක් තෝරා ගැනීමේදී මුහුණේ හැඩයට ගැළපෙන කණ්ණාඩි රාමුවක් තෝරා ගැනීමට පුරුදු වී සිටියත් මේ වන විට අව් කණ්ණාඩි හෝ ඇස් කණ්ණාඩිවල රාමුව ගළපන්නේ නළලේ හැඩය සහ ප්‍රමාණය අනුවයි. ඔබට පටු සහ උස නළලක් තිබේ නම් ඒ අනුව අව් කණ්ණාඩියක් තෝරාගන්න. එදිනෙදා පාවිච්චිය සඳහා කණ්ණාඩි හැඩය ඕනෑම කෙනෙකුට ගැළපෙයි. ඒ වගේම කාන්තාවන් සඳහා Cat Eye වර්ගයේ කණ්ණාඩි මුහුණට සුන්දරත්වයක් එක් කරයි. සෑම විටම මුහුණේ පළලම කොටසට වඩා පළල් නොවන සේ අව් කන්නාඩි තෝරා ගැනීම වැදගත්ය.

  • රාමුවේ වර්ණය

සමහර අවස්ථාවලදී ඔබ රාමුවේ වර්ණය ගැන නොසිතනවා ඇත. නමුත් සම්පූර්ණ පෙනුමක් සඳහා රාමුවේ වර්ණය ඉතා වැදගත්ය. ඔබගේ සමේ වර්ණයට ගැළපෙන ලෙස රාමුව තෝරා ගැනීමෙන් ඔබටම ආවේණික අනන්‍යතාවයක් වගේම අලංකාර විලාසිතා පෙනුමක් එක් කරගතහැකිය. වසර පුරාවටම එකම අව්කණ්ණාඩියක් භාවිත කිරීමට ඔබ අදහස් කරනවා නම් ඒ සඳහා කළු, දුඹුරු, තද නිල්, මෝවා දුඹුරු වැනි වර්ණ වඩාත් ගැළපෙයි.

රාමුව නිර්මාණය කර ඇති අමුද්‍රව්‍ය ගැන සිතීම ද වැදගත් වේ. ප්ලාස්ටික් වලින් නිම වු අව් කණ්ණාඩි ර-අඩු මිලකට වගේම විවිධ වර්ණ වලින්ද ලබාගත හැකිය.

අධික රස්නය ඇති දිනවලට මෙවැනි අව්කණ්ණාධි භාවිතය සුදුසු නොවේ. ඒ වගේම ABS ප්ලාස්ටික් රාමු සැහැල්ලු සහ ශක්තිමත් වුවත් පොලිකාබනේට් ඒ ප්‍රශ්නයම ඇත. නමුත් රාමු සාමාන්‍ය භාවිතය සඳහා සුදුසු වේ. එය සාමාන්‍ය ප්ලාස්ටික් වලට වඩා ශක්තිමත් වගේම අහිත කර බලපෑම් ද අඩුය. ඒ වගේම ඇසිටේට් නම් අමුද්‍රව්‍ය ප්ලාස්ටික් වලට සමාන නමුත් එය උසස් තත්ත්වයේ පවතින අමුද්‍රව්‍යයකි. ලස්සන වර්ණ රටා වලින් යුත් මෙම කණ්ණාඩි රාමු එදිනෙදා භාවිතයට බොහෝ සේ ගැළපෙයි. ඒ වගේම ශක්තිමත් විලාසිතාමය සහ උසස් පෙනුමක් ගෙන දෙන ලෝහ රාමුවක් හෝ ටයිටේනියම් රාමුවක් ඔබට භාවිත කළ හැකි නම් එයින් ඔබගේ පෙනුමට ආකර්ෂණීය බවක් සේම අති විශේෂ බවක් එක් කර ගත හැකිය.

  • තැනට සහ විලාසිතාවට ගැළපීම

ඇඳුම් විලාසිතාව සමග අව් කණ්ණාඩිය ගැළපීම ද අවශ්‍ය ය. ක්‍රීඩා සඳහා භාවිත කරන අව් කණ්ණාඩිය සාමාන්‍ය ගමන් බිමන් සඳහා පැලඳීම කිසිසේත්ම ගැළපෙන්නේ නැත. ඒ වගේම ඔබ කාර්යාලයීය ඇඳුමකින් සැරසී විවිධ රටා සහිත අව්කණ්ණාඩියක් පැළඳීමෙන් ඔබේ පෞරුෂත්වයට හානි විය හැකිය. ඊට අමතරව ඔබ අඳින ඇඳුමේ පාට හෝ විලාසිතාව සමගද කණ්ණාඩිය ගැළපීම වැදගත්ය. අව්

  • මිලදී ගන්නෙ පරෙස්සමින්

අද වන විට වෙළෙඳ සැල්, සාප්පු සංකීර්ණ වගේම පදික වේදිකාවේ ද අව්කණ්ණාඩි විකිණීමට තිබේ. ඒවායේ ආකර්ෂණීය පෙනුමක් තිබුණත් ගුණාත්මක භාවයක් තිබේද යන්න කිව නොහැකිය. එවැනි අකණ්ණාඩිවලින් ඔබට හොඳ ප්‍රතිඵලයක් ලබා ගැනීමට නොහැකිය. ඔබගේ ඇස් රැක ගැනීමට භාවිත කරන අව්කණ්ණාඩිය එවැනි ස්ථානයකින් මිලදී නොගෙන විශ්වාසවන්ත සහ වග කීමක් සහිත ස්ථානයකින් මිලදී ගැනීම වැදගත්ය.

සටහන- ඉෂංකා ජයසූරිය

අදහස් -මෝස්තර නිර්මාණ ශිල්පිනී සීගිරි ජයවර්ධන
 

කොළඹ සෘජු ගුවන් ගමන් සේවාව දියත් කිරීමට ප්‍රථම වියට්ජෙට් (Vietjet) ආසියාවේ විශිෂ්ටතම සේවා ස්ථානය ලෙස සම්මානයට පාත්‍ර වෙයි. Read Previous

කොළඹ සෘජු ගුවන් ගමන් සේවාව දියත් කිරීමට ප්‍රථම වියට්ජෙට් (Vietjet) ආසියාවේ විශිෂ්ටතම සේවා ස්ථානය ලෙස සම්මානයට පාත්‍ර වෙයි.

වියළි කාලගුණයත් සමග ඉස්මතු වන චර්ම රෝග වලට පිළියම් Read Next

වියළි කාලගුණයත් සමග ඉස්මතු වන චර්ම රෝග වලට පිළියම්

Realted Post

Leave a comment