වයසට යන සම තරුණ පෙනුමකින් රැකගන්න විදි

වයස අවුරුදු 30 පසු වන විට සමේ ස්වභාවය ක්‍රමයෙන් වෙනස් වීමට පටන් ගන්නවා. සමේ තෙතමනය අඩුවීම, වියළි බව, අවපැහැ ගැන්වීම වැනි තත්ත්වයන් නිසා මුහුණේ මෙන්ම සිරුරේ සමේ තරුණ පෙනුම අඩු විය හැකියි.

දෛනික ජීවන රටාවට සරල බාහිර සත්කාර කිහිපයක් එක් කර ගැනීමෙන් සම පිරිසිදුව හා මෘදුව පවත්වා ගැනීමට උදව් විය හැකියි. ඒ සඳහා නිවසේදීම සකසා ගත හැකි සරල සත්කාර කිහිපයක් මෙන්න.

මුහුණ සඳහා ෆේස් වොෂ්

අවශ්‍ය ද්‍රව්‍ය

මුං ඇට කුඩු – තේ හැන්දක්
කහ කුඩු – තේ හැඳි භාගයක්
රෝස වතුර – මේස හැඳි 3ක්

සියල්ල හොඳින් මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. මෘදුව සම්බාහනය කර මඳ උණුසුම් වතුරෙන් සෝදා හරින්න. සතියකට දින 3ක් පමණ සිදු කළ හැකියි.

මුහුණ සඳහා ක්ලෙන්සර්

තක්කාලි යුෂ තේ හැන්දක් සහ මී පැණි තේ හැන්දක් මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. විනාඩි 10ක් පමණ තබා, මෘදුව සම්බාහනය කර මඳ උණුසුම් වතුරෙන් සෝදා හරින්න. සතියකට තුන් වරක් සිදු කළ හැකියි.

මුහුණ සඳහා ස්ක්‍රබ්

අවශ්‍ය ද්‍රව්‍ය

නෙල්ලි කුඩු – මේස හැන්දක්
මී පැණි – තේ හැන්දක්
යෝගට් – තේ හැන්දක්

සියල්ල මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි 2ක් පමණ තබන්න. පසුව මෘදුව සම්බාහනය කර මඳ උණුසුම් වතුරෙන් සෝදා හරින්න. සතියකට එක් වරක් කිරීම ප්‍රමාණවත්. 

අත් සහ පාද සඳහා පැක් එකක්

සහල් පිටි මේස හැන්දක්, කහ කුඩු තේ හැඳි භාගයක් සහ යෝගට් මේස හැඳි 2ක් අවශ්‍ය පමණ වතුර සමඟ මිශ්‍ර කර අත් සහ පාදවල ආලේප කරන්න. විනාඩි 15ක් පමණ තබා මඳ උණුසුම් වතුරෙන් සෝදා හරින්න. සතියකට වරක් සිදු කිරීම ප්‍රමාණවත්.

සිරුරටම ක්ලෙන්සර් එකක්

මුං ඇට පිටි මේස හැඳි 3ක් සහ සහල් පිටි මේස හැඳි 3ක් එළකිරි ස්වල්පයක් සමඟ මිශ්‍ර කර සිරුරේ ආලේප කරන්න. විනාඩි 15ක් පමණ තබා මඳ උණුසුම් වතුරෙන් සෝදා ඉවත් කරන්න. සතියකට දෙවරක් සිදු කළ හැකියි.

සිරුර සඳහා ස්ක්‍රබ්

සහල් පිටි මේස හැඳි 4ක්, කහ කුඩු තේ හැන්දක් සහ එළකිරි ස්වල්පයක් මිශ්‍ර කර මුළු සිරුරේම ආලේප කරන්න. විනාඩි 20ක් පමණ තබා මෘදුව සම්බාහනය කර මඳ උණුසුම් වතුරෙන් සෝදා හරින්න. සතියකට එක් වරක් සිදු කිරීම ප්‍රමාණවත්.

රාත්‍රී ආලේපනයක්

උකු පොල් කිරි තේ හැන්දක් සහ මී පැණි තේ හැන්දක් මිශ්‍ර කර මුහුණේ සම මත ආලේප කරන්න. රැයක් තබා පසුදා උදෑසන හොඳින් සෝදා හරින්න. මසකට දින 3–4ක් පමණ සිදු කිරීම ප්‍රමාණවත්.

 විටමින් අතිරේක ගැනීමට පෙර...

සම නිරෝගීව පවත්වා ගැනීම සඳහා විටමින් අතිරේක ලබා ගැනීමට අදහස් කරන්නේ නම්, හිතුමතේ ඒවා භාවිත නොකර **වෛද්‍ය උපදෙස් මත පමණක්** ලබා ගැනීම වැදගත්.

සටහන මහේෂානි මීගහපොල
උපදෙස් ආයුර්වේද වෛද්‍ය ආනන්දි දින මිත්‍රාරච්චි

’’එදා රෑ’’ සැප්තැම්බර් 18 එනවා.. Read Previous

’’එදා රෑ’’ සැප්තැම්බර් 18 එනවා..

අලුත්නුවර දැඩි මුණ්ඩ දේවාලයේ සිට  කප රැගත් පෙරහැර මහනුවරට..... Read Next

අලුත්නුවර දැඩි මුණ්ඩ දේවාලයේ සිට කප රැගත් පෙරහැර මහනුවරට.....

Realted Post

Leave a comment