හිසකෙස් ගැලවීම අඩු කරන වට්ටක්කා

වට්ටක්කා කියන්නේ ඔබේ හිසේ සිට පාදාන්තය දක්වා පෝෂණය කර අපූරු ස්වභාවික ලස්සනක් එක් කරගත හැකි පහසුවෙන්ම සොයා ගත හැකි එළවළු වර්ගයක්.

මෙහි අඩංගු ස්වභාවික එන්සයිම බීටා කැරොටින්, විටමින් සී, ඊ, සින්ක්, ප්‍රතිඔක්සිකාරක ගුණය වැනි පෝෂණ ගුණයෙන් ඉහළ අඩු කැළරි ප්‍රමාණයක් සහිත එළවළුවක් වන අතර මෙය සමට ක්ෂණික ස්වභාවික දීප්තියක් එකතු කර නිරෝගී බවක් ලබාදී තාරුණ්‍යය ලබා දීම වැනි බොහෝ රූපලාවන්‍ය ප්‍රතිලාභ ද අත්කර දෙන්නකි. 

කෙස් කලඹට Conditioner. 

හොඳින් අඹරා ගත් අමු වට්ටක්කා යුෂ හෝ තම්බා පොඩි කරගත් වට්ටක්කා කෝප්පයක් උකු පොල් කිරි කෝප්ප භාගයක් එඬරු තෙල් තේ හැන්දක් මිශ්‍ර කර උදෑසන කාලයේ හිස් කබලේ සිට හිසකෙස්  වල ආලේප කර විනාඩි තිහක් තබා මෘදු ෂැම්පු එකකින් සෝදාහරින්න. 

මෙමගින් හිස කෙස් වලට දිදුලන ස්වභාවයක් ලබාදී හිසකෙස් ගැළවීම අවම කර නිරෝගී කෙස් කළඹක් ලබාදී හිසකෙස් වර්ධනය කරවයි. සතියකට වරක් කිරීම ප්‍රමාණවත්.

සටහන - මහේෂානි මීගහපොල.
උපදෙස් - ආයුර්වේද වෛද්‍ය ඉමාෂා උඩවත්ත.

තමන් පමණක් කුසගින්න නිවාගැනිම මනුෂ්‍ය ධර්මයක් නොවේ Read Previous

තමන් පමණක් කුසගින්න නිවාගැනිම මනුෂ්‍ය ධර්මයක් නොවේ

එදා රෑ, 18 එනවා Read Next

එදා රෑ, 18 එනවා

Realted Post

Leave a comment