Body ස්ක්‍රබ් එකක් ගෙදරදීම හදමු

  • සුදු හඳුන්කුඩු, සැවැන්දරා කුඩු, කොකුම් පොතු, වෙනිවැල් ගැට කුඩු 50ග්‍රෑම් බැගින් ගෙන එකට මිශ්‍ර කරන්න.
  • ඉන්පසු එයට කස්තුරි කහ ස්වල්ප ප්‍රමාණයක් කුඩු කර එකතු කරන්න. 
  • සකස් කරගත් මිශ්‍රණයෙන් මේස හැඳි දෙකක් පමණ බඳුනකට ගෙන එයට වතුර ස්වල්පයක් එකතු කරන්න. 
  • ඔබ ස්නානය කරන විට සබන් ගා සෝදා හැරීමෙන් අනතුරුව, එම මිශ්‍රණය ශරීරයේ ආලේප කර විනාඩි දෙකක් පමණ වේලෙන්න තබා නැවත වතුර ස්වල්ප වශයෙන් එකතුකරගෙන සිරුර පුරාම විනාඩි 3-5ත් අතර කාලයක් රවුම් අතට පිරිමදින්න. 
මෙය සිරුරේ අධික දුඟද නැති කිරීමට, සම පැහැපත් වීමට, සම රළුවීම අවම කිරීමට සතියකට දෙවරක් භාවිත කරන්න. මෙය ස්ක්‍රබ් එකක් වශයෙන් සතියට දෙතුන්වතාවක් නොනවත්වාම භාවිත කිරීමෙන් ඔබට දිදුළන පැහැපත් පෝෂණීය සමක් ලබාගත හැකියි.
 
සටහන: විශ්වනී හසලා
උපදෙස්: ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී සමන්ත ගුණසේකර

රසම රස රෙඩ් වෙල්වට් කේක් හදමු Read Previous

රසම රස රෙඩ් වෙල්වට් කේක් හදමු

යොහානිගේ හදගැස්ම ඔකෙස්ට්‍රා ස්වරයකින්: “ආදරෙයි“ ප්‍රසංගය පිටුපස ඇති සැබෑ කතාව Read Next

යොහානිගේ හදගැස්ම ඔකෙස්ට්‍රා ස්වරයකින්: “ආදරෙයි“ ප්‍රසංගය පිටුපස ඇති සැබෑ කතාව

Realted Post

Leave a comment