Body ස්ක්‍රබ් එකක් ගෙදරදීම හදමු

  • සුදු හඳුන්කුඩු, සැවැන්දරා කුඩු, කොකුම් පොතු, වෙනිවැල් ගැට කුඩු 50ග්‍රෑම් බැගින් ගෙන එකට මිශ්‍ර කරන්න.
  • ඉන්පසු එයට කස්තුරි කහ ස්වල්ප ප්‍රමාණයක් කුඩු කර එකතු කරන්න. 
  • සකස් කරගත් මිශ්‍රණයෙන් මේස හැඳි දෙකක් පමණ බඳුනකට ගෙන එයට වතුර ස්වල්පයක් එකතු කරන්න. 
  • ඔබ ස්නානය කරන විට සබන් ගා සෝදා හැරීමෙන් අනතුරුව, එම මිශ්‍රණය ශරීරයේ ආලේප කර විනාඩි දෙකක් පමණ වේලෙන්න තබා නැවත වතුර ස්වල්ප වශයෙන් එකතුකරගෙන සිරුර පුරාම විනාඩි 3-5ත් අතර කාලයක් රවුම් අතට පිරිමදින්න. 
මෙය සිරුරේ අධික දුඟද නැති කිරීමට, සම පැහැපත් වීමට, සම රළුවීම අවම කිරීමට සතියකට දෙවරක් භාවිත කරන්න. මෙය ස්ක්‍රබ් එකක් වශයෙන් සතියට දෙතුන්වතාවක් නොනවත්වාම භාවිත කිරීමෙන් ඔබට දිදුළන පැහැපත් පෝෂණීය සමක් ලබාගත හැකියි.
 
සටහන: විශ්වනී හසලා
උපදෙස්: ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී සමන්ත ගුණසේකර

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව Read Previous

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව

2025 රාජ්‍ය රූපවාහිනී සම්මාන ප්‍රදානය Read Next

2025 රාජ්‍ය රූපවාහිනී සම්මාන ප්‍රදානය

Realted Post

Leave a comment