LINEN FROCKS

පහසුවෙන් ඇඟලීමට හැකි ස්වාභාවික කෙඳි වර් ගයක් වන “ ෆ්ලැක්ස්” මඟින් නිමවන ලිනන් ඇඳුම් ලංකාවේ දේශගුණික තත්ත්වයටත් හොඳින්ම ගැළපෙන නිසාම ලිනන් විලාසිතාවලට තිබෙන වෙළඳපොළ වටිනාකම අඩුවෙන්නේ නැහැ. විශේෂයෙන් උණුසුම් කාලගුණයට වගේම සීතල දේශගුණයටත් ගැළපෙන සිරුරට සනීප ලිනන් විලාසිතාවේ කෙටි ගවුමකින් හැඩවෙන විදිය ගැන මෙවර කතා කරමු.

ලිනන් රෙදිවලින් නිම වූ කෙටි ගවුමක විශේෂත්වය වන්නේ එය ඔබට ඕනෑම අවස්ථාවක් සඳහා පහසුවෙන්ම ගළපා ගැනීමට හැකිවීමයි. ඔබගේ කොණ්ඩා මෝස්තරය, පලඳින පාවහන්, අත් බෑගයසහ අනෙකුත් ආභරණ, පමණක් වෙනස් කරමින් අවස්ථාවෙන් අවස්ථාවට සම්පූර්ණයෙන් වෙනස් වූ පෙනුමක් එක් කරගනිමින් ලිනන් විලාසිතා භාවිත කළ හැකිය. කෙට්ටු, මහත, හැඩකාර, පිරිපුන් යන සෑම සිරුරකටම වඩාත් පහසුවෙන් ලිනන් විලාසිතා ගළපාගත හැකියි. ඒ අතරින් හැඩකාර පිරිපුන් සිරුරකට නම් ලිනන් කෙටි ගවුම වඩාත් ආකර්ෂණීය වේ. කෙට්ටු සිරුරක් තිබෙන අයෙකුටත් මෙම විලාසිතා තරමක් සිරුරට ලිහිල්ව ගළපා ගැනීමෙන් කෙට්ටුබව සඟවා ගැනීමටද හැකියාව ලැබේ. ඔබ තරමක් මහත සිරුරක් හිමි අයෙකු නම් මෙම  විලාසිතාව තමන්ගේ සිරුරට මඳක් ලිහිල්ව තිබෙන අාකාරයට ගළපා ගන්න. 

හිත මිතුරු සාදයකට

මිතුරු සාදයකට විලාසිතාවක් ගළපා ගැනීමේදී සුන්දරත්වය මෙන්ම සැහැල්ලුබවද වැදගත් වේ. ඒ අනුව පාවහන් පැලඳීමේදී මෙවැනි අවස්ථාවකට පටි සහිත පැතලි පාවහන් යුගලක්, වඩාත් හොඳින් ගැළපේවි.
වෙෙළඳපොළේ අප ග්ලැඩියේටර් සැන්ඩ්ල්ස්  (Gladiator) ලෙස හඳුන්වනු ලබන පාදයේ වළලුකරෙන් ඉහළට ගැට ගසනු ලබන මෙම පාවහන් යුගලක් සමග ඔබට හැඩකාර රුවැති පෙනුමක් ලබාගැනීමට පුළුවන.
සැහැල්ලු හිසකෙස් විලාසිතාවක් හෝ හිස මුදුනට කර බඳින ලද අපිළිවෙළ හිසකෙස් විලාසිතාවක්, වර්ණවත් අත්පලඳනාවක්, තරමක් විශාල කරාබු යුගලක් සමඟින් ඔබේ පෙනුම සම්පූර්ණ කරගත හැකිවේ.
ඒ වගේම ඒ සඳහා දිගු පටියක් සහිත කුඩා අත් බෑගයක් භාවිත කළ හැකියි. බෑගයේ පැහැයට ගැළපෙන පටි සහිත අත් ඔරලෝසුවක්, සමඟින් සාදයකට අවශ්‍ය කරන සම්පූර්ණ පෙනුම ලබාගත හැකියි.

කාර් යාලයට ගළපන හැටි 

අවුරුද්දෙන් පසු මුලින්ම කාර්යාලයට යන ඔබට කෙටි ලිනන් ගවුම සමග අඩි උස පාවහන් යුගලක් ගළපා ගන්න පුඵවන්. විශේෂයෙන් කිට්න් හීල්ස් ඔබේ පෙනුම වඩාත් සුන්දර කරයි
ස්පූල් හීල්ස් (Spool heels) ස්ටිලෙටෝ (Stilett) ලෝෆර්ස් (Loafe) යන පාවහන්ද ඔබේ පෙනුමට වැදගත් බවක් එක්කරයි.
හිසේ ඉහළට වන සේ දමන ලද පෝනිටේලයක් සහ සිහින් ගෙල පලඳනාවක් මෙන්ම එයටම ගැළපෙන කුඩා කරාබු යුගලයක් සමඟින් ඔබේ පෙනුම වඩාත් ආකර්ෂණීය කරගත හැකිය.

බෑගය

ලිනන් කෙටි ගවුම් විලාසිතාවෙන් හැඩවෙන ඔබට මිනි බෑග්ස්, ටොට් බෑග්, බකට් බෑග්, සහ The slouchy shoulder bag වඩාත් හොඳින් ගැළපෙන බව කිව හැකිය.
කාර්යාලයට ලිනන් ගවුමෙන් සැරසෙනවා නම් ඉතා සරල මේක්අප් එකක් සමග ඇඳුමේ වර්ණයට සමාන නිය ආලේපනයක් එක්කර ගැනීමෙන් ඔබේ පෙනුමට වෘත්තීමය සුන්දරත්වයක්   එක්කර ගන්න පුළුවනි.


       

රජකාලේ ජිම් එක - අංගම්  මඩුව Read Previous

රජකාලේ ජිම් එක - අංගම් මඩුව

විසිකරන දෙහි ලෙල්ලෙන් දිදුලන සමක් Read Next

විසිකරන දෙහි ලෙල්ලෙන් දිදුලන සමක්

Realted Post

Leave a comment