MY WEDDING - ඔබ කැමතිම දිනේ හැඩවෙන්න

මංගල දිනයේ සාරි, ඔසරි අඳින කෙනෙකුට ඔබ අඳින සාරියේ ඔසරියේ වටිනාකම, පෙනුම වැඩි කර ගැනීමට අවශ්‍ය නම්  ඒ සමග අඳින  (සාරි හැට්ටය, යට සාය, ආභරණ , සපත්තු) ආදී හැමදේම ගැන සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි. සම්පූර්ණ පෙනුමක් සහිත වගේම මනමාලියටත් ඇඳුම කරදරයක් නොවන්නේ එවිටයි. 

සාරිය හෝ ඔසරිය සඳහා ජැකට් එකක් තෝරා ගැනීමේදී, ඔබට එහි ගැළපීම, තෝරාගන්නා මංගල ඇඳුමේ ආකෘතිය, විලාසිතාව සහ අවස්ථාවේ විශේෂත්වය සැලකිල්ලට ගැනීම වැදගත්.
මනමාලියගේ මුහුණේ හැඩය උස සහ පෙනුම සාරි හැට්ටය නිර්මාණයේදී වැදගත්ම කාරණාවක්. මුහුණේ හැඩය අනුව හැට්ටයේ දිග සහ හැඩය, කර මෝස්තරය, අත් මෝස්තරය වෙනස් කළ යුතුයි. උදාහරණයක් ලෙස  තරමක් සිහින් අයෙකුට නම් කර පියවුණු සාරි හැට්ටයක් පිරුණු පෙනුමක් ලබාදෙනවා වගේම තරමක් පිරුණු පෙනුමක් ඔබට තිබෙනවා නම් V කර හෝ යම් තරමකට නිරාවරණය වුණු කර මෝස්තරයකින් සිහින් පෙනුමක් ගත හැකියි. ඒ වගේම සාරි හැට්ටයේ උස මගිනුත් ශරීරයේ පෙනුම වෙනස්කර පෙන්විය හැකියි. සාමාන්‍යයෙන් ඉඟ සිහින් නැති යුවතියකට උසින් වැඩි සාරි හැට්ටයකින් ඒ බව ආවරණය කරගන්න පුළුවන්. ඒ වගේම අත් මෝස්තරය මගිනුත් මනමාලියගේ පෙනුම බොහෝ දුරට  වෙනස් කරවිය හැකියි. ඉතාම සිහින් අයෙකුට නම් පෆ් (බොරිච්චි) අත් දෙකකින් සිහින් පෙනුම මග හරවා ගතහැකි  වගේම අතේ දිග ගැනත් සැලකිලිමත් වීම වැදගත්. 

  • වැඩි විස්තර දැන ගැනීමට 2025 -05-19 සිරිකත බලන්න.......

අභිරහස් ගවේෂණයට කැමති ඔබට, ඒවන ස්ථාන ගොඩක් Read Previous

අභිරහස් ගවේෂණයට කැමති ඔබට, ඒවන ස්ථාන ගොඩක්

එදිනෙදා ගමනට ඔබ ආස කරන විලාසිතා Read Next

එදිනෙදා ගමනට ඔබ ආස කරන විලාසිතා

Realted Post

Leave a comment