Mommy & Me

නැවතත් අලූත් වෙලා ඇවිත් තිබෙන Mommy & Me විලාසිතාව 1900 මුල් භාගය දක්වා දිවෙන විලාසිතාවක්.  මෙම විලාසිතාව වැඩිපුරම මවුවරුන් හා දියණිවරු අතර ජනප‍්‍රියව පැවතුණත් මේ විලාසිතාව අම්මටයි දුවටයි විතරක්ම සීමාවෙලා නැහැ. මෙය මවුවරුන් සහ පුතාලා අතරත් වර්තමානයේදී වැඩි වශයෙන් අපිට දකින්න පුළුවන්. 

මේ විලාසිතාව වැඩිපුරම දක්නට ලැබෙන්නෙ අවුරුදු එකේ සිට දොළහ දක්වා වයස්වල ඉන්න දරුවන් සහ අම්මලා අතරයි.  ඒ වුණත් අවුරුදු 12 න් ඉහළ දරුවන්ටත් තමන්ගේ මව සමග මෙම විලාසිතාව කිරීමේ කිසිම වැරැද්දක් නැහැ.

එකම මෝස්තරයට ඇඳුම් නිර්මාණය කරගෙන ඇඳීමෙන් දරුවා තුළ විශ්වාසයක්, සතුටක් සහ තෘප්තිමත් බවක් ඇති කිරීමටත් මේ විලාසිතාව හේතුවෙනවා. එහෙත් එකම මෝස්තරයෙන් දෙදෙනාටම විලාසිතා තෝරා ගැනීමේදී මවගේ සිරුරේ හැඩය සහ මවට එම විලාසිතාව ගැළපෙනවාද යන්න ගැන සැලකිලිමත් වෙන්න  ඕනෑ. අත් රහිත ගවුම් විලාසිතාවක් තෝරාගැනීමේදී දියණියට එය මනාව ගැළපුණත් මව ටිකක් තරබාරු අයෙක් නම් අත් රහිත විලාසිතාවක් මවට නොගැළපෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක දෙදෙනාටම එකම රෙද්දෙන්, එකම පාටින් නමුත් විලාසිතාවේ යම් වෙනස්කම් සහිතව නිර්මාණය කරගන්නත් පුළුවනි.

කුඩා දරුවන්ට ගැළපෙන පාට girlish colours" light colours, pastal colours වලින් ඇඳුම් සකසා ගැනීම වඩාත් සුදුසුයි. උත්සව අවස්ථාවලට ගෝල්ඞ්, සිල්වර් වැනි පාට මිශ‍්‍ර කිරීමෙන් මෙම විලාසිතාවට වැදගත් පෙනුමක් එක්කරගන්න පුළුවනි.

මෙම විලාසිතාව සාමාන්‍ය ගමනකට එකතුකර ගන්නවා නම් මවට සහ දියණියට එකම පාටින් ඩෙනිම් හෝ ලිනන් කලිසමක් සමග crop top හෝ ටී ෂර්ට් එකක් එසේ නොමැති නම් කොට කලිසමක් හෝ ඩෙනිම් කොට සායක් සුදුසුයි. 

දැන් වෙළෙඳපොළෙන්  “MAMA & MINI  ලෙස සඳහන් වන ටීෂර්ට් විලාසිතා ද මිලදී ගැනීමට පුළුවන්. එහිදී  ඕනෑම පාටක් ගැළපෙන විදියට භාවිතා කරන්න පුළුවනි. මෙම විලාසිතාව මවුවරුන් හා පුතාලාටත් උපන්දින උත්සව, වෙනත් සාදයකට වගේම සාමාන්‍ය ගමනකදී ද භාවිතා කරන්න පුළුවන්. දෙදෙනාටම ඩෙනිම් කලිසමක් සමග එකම පාටින් ටී ෂර්ට් එකක්, ඇතුළට top එකක් සමග jacket එකක්, overall එකක්, කලිසමක් සමග hoody එකක් භාවිතා කළ හැකි නම් අම්මගෙයි පුතාගෙයි පෙනුමට අලූත් වෙනසක් එක්කර ගන්න පුළුවනි. ඒත් සමග එකම පාටින් පාවහන් හෝ belt එකක් තොප්පියක් හෝ අව් කණ්ණාඩි පැලඳීමෙන් Mommy and Me  විලාසිතාවට තවත් හුරුබුහුටි පෙනුමක් එකතු කරන්න පුළුවන්. 

 සටහන - නයනා උදයංගනී

 

 

 

සත්තු කියන්නෙ සත්තු; මිනිස්සු දැනගන්න අවශ්‍යයි ප්‍රවේසම් වෙන්න’’ Read Previous

සත්තු කියන්නෙ සත්තු; මිනිස්සු දැනගන්න අවශ්‍යයි ප්‍රවේසම් වෙන්න’’

කල්තොට දිය දහරාවේ සුන්දරත්වය සොයා Read Next

කල්තොට දිය දහරාවේ සුන්දරත්වය සොයා

Realted Post

Leave a comment