ඇඳුමෙන් ඇඳුමට වෙනස්වෙන Inner wear

 

  • සිරුරේ හැඩයටත් වෙනසක් 

    මොරටුව විශ්වවිද්‍යාලයේ, විලාසිතා නිර්මාණවේදය හා නිපැයුම් ප්‍රවර්ධනය පිළිබඳ උපාධිධාරිනී  මිනෝලි රණසිංහ
     

  • ප්‍රමිතිය නැතිනම් කරදරේ වැටෙන්න පුළුවන් 

ඔබේ ඇඳුම් අල්මාර්යේ විනිවිද පෙනෙන ස්වභාවයේ ඇඳුම් විලාසිතා තියෙනවද? එවැනි විලාසිතා අඳින කෙනෙක් ළඟ අනිවාර්යයෙන්ම කැමිසෝල් වර්ගයේ යට ඇඳුම් තිබිය යුතුයි.



ගැහැනු ළමයින්ට වැදගත්වෙන තවත් ඇඳුම් විලාස්තාවක් තමයි ඉනර්වෙයා ෆැෂන්. කාන්තා විලාසිතා අතර ඇඳුමෙන් ඇඳුමට වෙනස් වෙන යට ඇඳුම් විලාසිතා බොහෝමයක් තිබෙන නිසා ඒ එක් එක් විලාසිතා තමන් තෝරාගන්නා ඇඳුම් විලාසිතාවලටත්, සිරුරේ හැඩයටත් ගැළපෙන විදියට තෝරාගත යුතුයි. තමන්ගේ බාහිර පෞරුෂත්වය, පෙනුම, සිරුරේ හැඩය ලස්සනට තබාගන්න නම් මේ තෝරා ගැනීම්වලට විශේෂ උනන්දුවක් දැක්වීම වැදගත්. ඒ නිසාම තමන්ගේ සිරුරේ හැඩයට ගැළපෙන විදියට බ්‍රා විලාසිතාවක් තෝරාගන්නේ කෙසේදැයි පිළිබඳ පසුගිය සතියේ අපි කතාබහ කළා. මේ කියන්න යන්නෙත් ඔබේ ඇඳුම් අල්මාරියෙත් තිබිය යුතුම යට ඇඳුම් විලාසිතා කිහිපයක් ගැනයි.
 


විනිවිද පෙනෙන ඇඳුමට 
කැමිසෝල්
(Camisole) 
මොනවද මේ කැමිසෝල් ඉනර් වෙයා? ඔබේ ඇඳුම් අල්මාර්යේ විනිවිද පෙනෙන ස්වභාවයේ ඇඳුම් විලාසිතාතියෙනවද? එහෙම නම් එවැනි විලාසිතා අඳින කෙනෙක් ළඟ අනිවාර්යයෙන්ම කැමිසෝල් වර්ගයේ යට ඇඳුම් විලාසිතාවක් තිබිය යුතුයි. ඒ වගේම මෙය තනි කළු වර්ණයෙන් හෝ බේජ් වැනි වර්ණයෙන් අඳිනවා නම් ඕනෑම ඇඳුමකට ගලපා ගැනීමටද පුළුවනි. සමහර කැමිසෝල් විලාසිතාවල විවිධ පින්තූරද දකින්න පුළුවනි. එහෙත් විනිවිද පෙනෙන ඇඳුමකට පින්තූර තිබෙන විලාසිතාවලට වඩා වැඩිපුර ගැළපෙන්නේ තනි වර්ණයි.




කොට බ්ලවුස් ටී ෂර්ර්වලට 
ක්‍රොප්ඩ් කැමී
(Cropped Cami)

ක්‍රොප්ඩ් කැමී යට ඇඳුම් විලාසිතාවත් තරමක් කැමිසෝල් විලාසිතාවට සමානයි. එහෙත් වෙනසකට තිබෙන්නේ මෙය කැමිසෝල් එක තරම් දිග නොවෙන අතර එය බ්‍රා එක ප්‍රමාණයට වඩා අඟලක් හෝ අඟල් දෙකක පමණ දිගින් යුතුවීමයි. මේ වගේ යට ඇඳුමක් වැඩිපුරම ගැළපෙන්නේ කොට බ්ලව්ස්, ටිෂර්ට්, ක්‍රොප්ටොප් වැනි විලාසිතාවලටයි. ඒ වගේම යට ඇඳුම් දෙක තුනක් අඳිනවාට වඩා සිරුරේ මහත සඟවා ගැනීමටත් ක්‍රොප්ඩ් කැමී විලාසිතාව ප්‍රයෝජනවත් වෙනවා.

 


ඕනැම විලාසිතාවකට 
ටෑන්ක් ටොප්
(Tank Top)
ටෑන්ක් ටොප් එක සහ කැමිසෝල් කියන්නේ සමාන පෙනුමක් තිබෙන යට ඇඳුමක් වුවත් මෙය සහ කැමිසෝල් එක අතර වෙනසක් තිබෙනවා. එනම් ටෑන්ක් ටොප් එකක පටිය :ිඒච* මහත ය.  විශේෂයෙන් එය පිරිමි ළමුන්ගේ වෙස්ට් එකකට සමාන වෙනවා. ඒ වගේම මෙය බොහෝ විලාසිතා සඳහා ගළපාගැනීමට පුළුවනි. කාඩිගන්, බ්ලේසර් වැනි විලාසිතාවලට වඩාත් ගැළපෙන මෙම යට ඇඳුම් වර්ගය පිටුපස සහ ඉදිරිපස කර වැඩිපුර කැපූ ඇඳුම් විලාසිතා සඳහා වඩාත් ගැළපෙනවා.

 

 


ගවුමට ගැළපෙන 
ස්ලිප් ඩේ‍රස්  
(Slip dress)
සමහර අවස්ථාවල ගවුම් විලාසිතා සඳහා බොහෝ දෙනෙක් යට ඇදුම් කොටස් දෙකකට අඳිනවා. උදාහරණයක් විදියට ටෑන්ක්, ක්‍රොප්ට් හෝ එවැනි හැඩයේ යට ඇඳුමක් සහ ඊට තව සායක් හෝ ෂෝට් කලිසමක්. එහෙත් ඇඳුම් දෙක තුනක් අඳිනවාට වඩා ගවුමක් වැනි විලාසිතාවකට හොඳින්ම ගැළපෙන්නේ ස්ලිප් ඩේ‍රස් විලාසිතාවයි.  

 

 


ප්‍රමිතිය නැතිනම් කරදරේ වැටෙන 
බැන්ඩෝ බ්‍රා
(Bandeau Bra)
බැන්ඩෝ බ්‍රා විලාසිතාව නම් ගැහැනුූ ළමුන්, කාන්තාවන් අතර ඉතාමත් ජනප්‍රිය යට ඇදුම් වර්ගයක්. එය වඩාත් හොඳින් ගැළපෙන්නේ අත් රහිත ඇඳුමකට හෝ හීනී පටි තිබෙන ඇඳුම් විලාසිතා සඳහායි. එහෙත් අනෙක් යට ඇඳුම් විලාසිතාවලට ප්‍රමිතියෙන් උසස් බැන්ඩෝ බ්‍රා තෝරා ගත යුතුයි. නැතිනම් තදින් රඳවා ගැනීමට නොහැකිවන නිසා අපහසුතා ඇතිවිය හැකියි.

 

 


අනවශ්‍ය මස්පිඩු තදකර පෙන්වන 
ශේප්වෙයා බොඩිසුට්  
(Shapewear Bodysuit)
ඔබට තිබෙන්නේ තරමක් මහත සිරුරක් නම් ඇඟට සිර වූ ඇඳුම්වලින් සිරුරේ අනවශ්‍ය මස්පිඬු පිටතට නෙරාඒම නිසා ඔබ බලාපොරොත්තුවන ලස්සන ලබා ගැනීමට අපහසු යි. එහෙත් ශේප්වෙයා බොඩිසූට් එකකින් ඒ කරදරෙන් පහසුවෙන්ම මිදෙන්නට පුළුවනි. අනවශ්‍ය මස්පිඩු තදකර සිරුරේ හැඩය හොඳින් ඉස්මතු කිරීමට මෙම විලාසිතාවට හැකියි. මුළු සිරුරම ආවරණය කරගැනීම සඳහා කකුල කොටස සමගම තිබෙන ශේප්වෙයා යට අඳුමක් තෝරා ගැනීම වඩාත් සුදුසු යි.


 


නයනා උදයංගනී 


                      

දඟකාරියන්ට කදිම ගවුමක් Read Previous

දඟකාරියන්ට කදිම ගවුමක්

දඟකාරියන්ට කදිම ගවුමක් Read Next

දඟකාරියන්ට කදිම ගවුමක්

Realted Post

Leave a comment