ව්‍යායාම නොකර කෙට්ටු වෙන්න නවීන ලේසර ප්‍රතිකාර

ලස්සනට සිටීමේදී නිරෝගී සම පමණක්ම නොවෙයි. සම, කෙස් කලඹ වගේම ශරීරයේ හැඩය පිළිබඳ අප විශේෂයෙන් අවධානය යොමු කළ යුතු යි.


සම, කොණ්ඩය කෙතරම් ලස්සන වුණත් සිරුර හැඩ නොමැති නම්, උදරය ඉදිරියට නෙරා ඇවිත් නම් එය මනසට විශාල පීඩනයක්. උදරය ඉදිරියට නෙරා ඒම, අධික තරබාරුව කාන්තා පිරිමි භේදයකින් තොරව තිබෙන ගැටලුවක්. මෙයට විසඳුම් විදියට බොහෝ දෙනා ආහාර පාලනය ඇතුළු නොයෙකුත් ක්‍රම අනුගමනය කරනවා. එහෙත් සිතන තරමේ ප්‍රතිඵල ලැබී තිබෙනවාද? 


ආහාර රටා වෙනස් කළත්, කෙතරම් වෛද්‍ය ප්‍රතිකර්ම කළත් සාර්ථක ප්‍රතිඵලයක් නොමැති නම් මේ සටහන ඒ සඳහා ඔබට විසඳුමක් වේවි. 

 


උදරය ඉදිරියට නෙරා එන්නේ ඔබේම වරදින්
බොහෝ දෙනෙකුගේ ශරීරයේ බර අධික ලෙස වැඩිවීම, ශරීරය මහත්වීම, බඩ නෙරා ඒම වැනි දෑවලින් ශරීරය අවලස්සනවීමට ප්‍රධානම හේතුව වන්නේ තම තමන්ගේ සිරුර පිළිබඳ සැලකිල්ලක් නොදැක්වීමයි.
අධික ලෙස ආහාර ගැනීම සහ තෙල් ආහාර වැඩිපුර ගැනීම නිසා එදිනෙදා සිරුරට එකතු වෙන කැලරි ප්‍රමාණය වැඩිවෙනවා. එවිට අප ගන්නා කැලරි ප්‍රමාණය සහ වැය කරන කැලරි ප්‍රමාණයේ අඩු වැඩිවීම ශරීරයේ ස්වරූපයට බලපානවා.

උපදෙස් - 
රූපලාවන්‍ය විශේෂඥ වෛද්‍ය 
දිලීප වික්‍රමසේකර


‘අනේ මම ගොඩක් කන්නේ නැහැ...ඒත් මගේ ඇඟ මහත් වෙනවා....’ හුඟක්දෙනා කියන්නේ එහෙමයි.


ශරීරයේ තාපය සැදීම තීරණය කරන්නේ ‘බ්‍රවුන් ෆැක්ට්’ නම් සෛල ස්ථරය මගින්. මේ ‘බ්‍රවුන් ෆැක්ට්’ නම් සෛල වැඩි අයගේ ශරීරයේ තාපය නිෂ්පාදනය වැඩි බැවින් කැලරි ප්‍රමාණය තාපය විදියට පිට කරනවා. එවැනි අය පොඩි ආහාරවේලක් ගත්තත් ඇඟ මහත්වෙනවා. මේ අධික තරබාරුවීමට ප්‍රබල ලෙස බලපාන හේතු සාධකය නම් ක්‍රියාශීලී ජීවන රටාවක් පවත්වාගෙන නොයෑමයි.


කෙනෙකුට හිතන්න පුළුවන් දෛනික ජීවන රටාවේ මම ගෙදර වැඩ කරනවා, මම රැකියාවේ කාර්යබහුල වෙනවා, ඇඟ වෙහෙසෙනවා යැයි කියා. එහෙත් එය ශරීරයේ බර අඩු කරගන්න තරම් ව්‍යායාමයක් නොවෙයි. ශරීරයේ බර අඩු කරන්න නම් දවසකට විනාඩි 30ක්වත් ඇවිදීමේ ව්‍යායාමය හෝ කළ යුතුයි.  

 


අවබෝධයෙන් කටයුතු කිරීම වැදගත්
අධික තරබාරුව රූපලාවන්‍ය වගේම ශරීර සෞඛ්‍යයෙන්ද බලපෑම් එල්ල කරනවා. විශේෂයෙන්ම උදරය ඉදිරියට නෙරා එන්නේ අවුරුදු 25 න් පසුවයි. විශේෂයෙන් මේ අවදියේ සීනි තෙල් සාන්ද්‍රණය අධික ලෙස ආහාරයට ගැනීම.


නින්ද අඩුබව සහ මානසික ආතතිය හේතුවෙන්ද මේද තැන්පත්වීම, දහනයවීම අක්‍රමවත් වෙනවා. අවුරුදුු 25-35 අතර වයස්වල පසුවෙන්නන් සුළු දුරකටවත් පයින් යාමට මැළිවීමක් දක්වන නිසාම ගන්නා ආහාර පදාර්ථ ශරීරයේ අනවශ්‍ය ලෙස රැස්වෙනවා.

 


අධික තරබාරුව වැඩි කරන ලෙඩ රෝග
අධික කොලෙස්ටරෝල් තත්ත්වය නිසා විවිධ හෝමෝන වෙනස්වීම සිදුවෙයි. විශේෂයෙන් ගැහැනු දරුවන්ට අධික තරබාරුව නිසා (POCD) ඔසප් චක්‍රයට බලපාන හෝමෝන තත්ත්වය වෙනස් වෙයි. මේ තත්ත්වය යටතේ දර ඵල අඩු වෙයි. කාන්තා හෝමෝන අඩු වී පිරිමි හෝමෝන වැඩිවීම නිසා බෙල්ල කළුවීම, මුහුණේ රෝම වැවීම වැඩිවීම, හිසකෙස් ගැලවී යාම වැනි විවිධ රෝග තත්ත්ව ද ඇතිවෙනවා.


අධික තරබාරුව මගින් සම ගනවීම, සම එල්ලා වැටීම, උදරය නෙරා ඒම, පපු ප්‍රදේශය විශාලවීම, මුහුණ එල්ලා වැටීම, පිට පසුපස ප්‍රදේශයේ තෙල් ස්ථර නෙරා ඒම මගින් ස්වරූපය වෙනස් වෙනවා.


නොකා නොබී බර අඩු කරන්න බැහැ
බොහෝ දෙනෙක් උදරය නෙරා ඒම අඩු කර ගැනීමට කරන්නේ දරුණු ලෙස ආහාර පාලනය කිරීමයි. එය නිෂ්ඵල ක්‍රියාවක්. ලස්සනවීම කියන්නේ කෙට්ටුවීම නොවෙයි. නිරෝගී සිරුරක් පවත්වාගෙන යාමයි. වැදගත්ම දේ ආහාර පාලනය කිරීමයි. 


ඒවාගේම සිතූ සිතූ ලෙස ආහාර පාලනය කිරීමත් සුදුසු නැහැ. ආහාර පාලනය යනු ගන්නා ආහාර ප්‍රමාණය අඩු කිරීම නොවෙයි. මහත්වීමට බලපාන්නේ මේදය හා කාබෝහයිඩ්‍රේට් කොටස් දෙක පමණයි. ප්‍රෝටීන්, විටමින්, ලවණ, ශරීරයට අත්‍යවශ්‍යයි. 


 ප්‍රෝටීන් අඩු වූ විට ශරීරයේ කොලජන් මට්ටම අඩු වී ශරීරය කෙට්ටු වෙනවා. මුහුණ එල්ලා වැටෙනවා. හිසකෙස් ගැලවී යනවා. එමගින් ශරීරය සිහින් වුණත් ශරීරය අවලස්සන, වයසක පෙනුමක් ගෙනදෙනවා. ඒ නිසා බඩ අඩු කරගන්න ආහාර නොගෙන  සිටීම ඉතාම භයානක රෝගවලට අතවැනීමක්.

 


ඩයට් ප්ලෑන් සාර්ථකද? 
විශේෂයෙන් සමාජ මාධ්‍යවල දකින ඩයට් ප්ලෑන් අත්හදා බැලීම සුදුසු නැහැ. බර අඩු වීමට ආහාර පාලනය කළ යුත්තේ වෛද්‍ය උපදේශනයක් මත පමණයි. විශේෂයෙන්  ෆයිබර්, මිනරල්ස් වර්ග, විටමින්, ප්‍රෝටීන් වර්ග ශරීරයට අනිවාර්යයෙන් ලැබිය යුතුයි. වැරදිි ඩයට් ප්ලෑන් නිසා ඒ දේවල් ශරීරයට නැති වුණොත් ශරීරය කෙට්ටු වී වයස්ගත පෙනුමක් මතුවෙන්න පටන් ගන්නවා. ඒවාගේම අවයව බොහොමයකටත් හානි සිදු වෙන්න පුළුවන්. 

 


අනවශ්‍ය මේදය නැති කරන ප්‍රතිකර්ම
ආහාර පාලනය, ව්‍යායාමවලට අමතරව ශරීරයේ තරබාරුබව, උදරය නෙරාඒම ආදියට සාර්ථක ප්‍රතිකර්ම නවින රූපලාවන්‍ය වෛද්‍ය විද්‍යාවේ තිබෙනවා.  මේ වෛද්‍ය ක්‍රම හරහා ආහාර පාලනයකින් තොරව බඩ අඩු කර ගැනීමේ හැකියාව තිබෙනවා. මේදය සහ කාබෝහයිඩ්‍රේට් ශරීරය තුළ ක්‍රියාත්මක වීම නතර කිරීමේ ඖෂධ වගේම ශරීරයේ තැන්පත් වී තිබෙන මේදය දහනය කිරීම උත්තේජනය කිරීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා මානසික ආතතියක් නොගෙනම සාමාන්‍ය පරිදි ආහාර ලබාගෙන ශරීරයේ බර අඩු කර ගැනීමට පුළුවන්. විශේෂයෙන් තෙල් කොටස්  criolipolissis laser නම් ලේසර් ක්‍රමය මගින් ඉවත් කරන්න පුළුවන්.  


මෙම ලේසර් ක්‍රමය සහ ඖෂධ මගින් තරබාරු කෙනෙකුට වුණත් සාමාන්‍ය බර මාසයකින් කිලෝ ග්‍රෑම් 06 ක් පමණ  අඩු කරගන්න පුළුවන්. 

නදීශා අතුකෝරල


 

තංගල්ල කාල්ටන් නිවසෙ   අවුරුදු Read Previous

තංගල්ල කාල්ටන් නිවසෙ අවුරුදු

සුන්දර බක්මහේ ඇඩ්ලේඩ් අවුරුදු උදානය Read Next

සුන්දර බක්මහේ ඇඩ්ලේඩ් අවුරුදු උදානය

Realted Post

Leave a comment