සපත්තු ගඳ ද.....
ලංකාව උෂ්ණත්වයෙන් තරමක් ඉහළ රටක් නිසා දහඩිය දමනවා. එම නිසා විවිධ ගැටලුවලට මුහුණ දෙන්න සිදුවෙනවා. පාවහන් පැලඳීමේදී පාදවලට දහඩිය දැමීම නිසා පාවහන්වලින් හමන දුගඳ නිසා බොහෝදෙනෙකු අපහසුතාවට ලක්වෙනවා. මෙය කාන්තාවන්ට පමණක් තිබෙන ගැටලුවක් නොවේ. පාසල් යන දරුවන්ට, රැකියාවට යන පිරිමි පාර්ශ්වයටද මේ ගැටලුවට තදබල ලෙස මුහුණපාන්න සිදුවෙනවා. මේ ගැටලුවට සුදුසු විසඳුම් කිහිපයක් අද අපි ඔබට කියා දෙන්නම්.
- හොඳින් සේදීම සහ වේළීම
පාවහන්වලට හානි නොවන ලෙස සුදුසු සේදුම් දියරයක් භාවිත කර පාවහන් නිතර පිරිසුදු කරන්න. ඉන්පසු එය මඳ අව්වේ වේළාගන්න. මේ ක්‍රමය මඟින් ඔබට මේ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට හැකියාවක් ලැබෙනවා.
- බේකින් සෝඩා භාවිතය
බේකින් සෝඩා කියන්නේ නිවසේ ඇති බොහෝ ගෘහාශ්රිත ගැටලුවලට විසඳුම් සපයාදෙන මැජික් එකක්. ඔබට ඒ මැජික් එක මේ දුගඳ හමන පාවහන් සඳහත් භාවිත කළ හැකියි. බේකින් සෝඩා ස්වල්පයක් පාවහන් තුළට දමා තබන්න. මෙය රාත්‍රිය පුරාවටම පාවහන් තුළ දමා තිබිය යුතුය. එවිට එයින් නිසි ප්‍රතිඵලය ලබාගත හැකිය.
- ලුණු භාවිතය
කැන්වස් සහ ස්නීකර්ස් වැනි පාවහන් තුළින් හමන අප්රසන්න දුර්ගන්ධය වැළැක්වීම සඳහා ඒවා තුළට ලුණු එක්කර තබන්න. එමගින් පාවහන්වල දුර්ගන්ධය නැතිවී යයි.
- තෙල් වර්ග භාවිතය
කරාබුනැටි තෙල්, tree oil වැනි තෙල් වර්ගයක් ගෙන ටිෂූ එකකින් පොඟවා හෝ රෙදි කැබැල්ලකින් පොඟවා සපත්තුව තුළ රැයක් පුරා තැබීමෙන්ද ගැටලුවට හොඳ විසඳුමක් ලබා ගැනීමට හැකිය.
- ටී බෑග් භාවිතය
ටී බෑග් එකක් උතුරන වතුරට දමා මිනිත්තු තුනක් පමණ තබන්න. ඉන්පසු එය පිටතට ගෙන හොඳින් නිවෙන්න තබන්න. ඉන්පසු පැයක් පමණ දුඟද හමන සපත්තුව තුළට දමා තබන්න. එයින් අප්‍රසන්න දුගඳ ඉවත්වීමට බොහෝ සේ උපකාරි වෙනවා.
- ළදරු පුයර භාවිතය
ළදරු පුයර ගඳගසන සපත්තුව තුළට ඉසීම මගිනුත් ඔබට අප්‍රසන්න දුර්ගන්ධය වළක්වා ගන්නට පුළුවන්. නමුත් සපත්තුව පැලඳීමට පෙර පුයර ඉවත් කරගන්නට අමතක කරන්න එපා. පුයර සපත්තුව තුළ තිබීමෙන් ඔබ ලිස්සීමට තිබෙන ඉඩකඩ වැඩිය.
- අධි ශීතකරණයේ තැබීම
සපත්තු කුට්ටමේ ඇති මඩ සහ කුණු හොඳින් ඉවත් කර හොඳින් සෝදා වේළා ගන්න. ඉන්පසු ශීතකරණයේ ඇති ආහාර ද්‍රව්‍ය ඉවත් කර සපත්තු එහි තබන්න. මෙය රැයක් පුරා මෙලෙස තැබීමෙන් අප්‍රසන්න දුර්ගන්ධය නැති කර ගන්නට හැකියාව තිබෙනවා.
- අදහස් දැක්වීම - විලාසිතා නිර්මාණ ශිල්පිනී ඉමාෂා බිමාජි
- සටහන - ඉෂංකා ජයසූරිය
Leave a comment