කැලීන් මිලියනපති ජයග්‍රාහිකාව තෝරයි....

 

දිනපතා ලක්ෂයක් මාස්පතා ලක්ෂ දහයක්, කැලීන් මිලියනපති වැඩසටහනට සමගාමීව 30/05/2024 දින  හයවන මිලියන පති තෝරා ගැනීමේ වැඩසටහන ස්වර්ණවාහිනී EAP මැදිරියේදී  ප්‍රවීණ නිවේදක කැළුම් විජේසුරිය විසින් තෝරාගත් අතර එහිදී හොරණ දොඹගොඩ පදිංචි  R.මාලිකා විලාසිනි විසින් එවන ලද Calin හිස් දවටන බහාලූ ලිපි කවරය තෝරා පත්කරගනු ලැබීය.
ජයග්‍රාහිකාව සඳහා වූ මිලියනයක මුදල ජනප්‍රිය රංගන ශිල්පිනියක වන වත්සලා දියලගොඩ මහත්මිය අතින් 13/06/2024 දින මාලිකා විලාසනී මහත්මියට ලබාදෙන ලදි. 
එම අවස්ථාව සදහා කැලීන් සමාගමේ ජාතික අලෙවි කළමනාකරු වන සුදාරක චිරන්ත මහතා සහ බස්නාහිර පලාත් ප්‍රාදේශීය අලෙවි කළමනාකරු වන කසුන් අකලංක මහතාද සහභාගී වී ඇත.

ගිං සහ නිල්වලා ගංගා ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් Read Previous

ගිං සහ නිල්වලා ගංගා ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක්

ඓතිහාසික රුවන්වැලි මහා සෑ පින් බිමෙන් රටටම විසිරෙන නොනිවෙන පුණ්‍ය මෙහෙය Read Next

ඓතිහාසික රුවන්වැලි මහා සෑ පින් බිමෙන් රටටම විසිරෙන නොනිවෙන පුණ්‍ය මෙහෙය

Realted Post

Leave a comment