ගුවන්තොටුපොල මගීන් සඳහා වැදගත් නිවේදනය.

රට පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගුවන් තොටුපළ ප්‍රවේශ මාර්ග කිහිපයකට ගං වතුර බලපෑම් එල්ලව් ඇත. මේ හේතුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය තවදුරටත් භාවිතා කරන ලෙස උපදෙස් දෙනු ලැබේ.

මීට අමතරව මෙම කාලය තුළ ගුවන් තොටුපළ පරිශ්‍රය තුළ තදබදය අවම කරගැනීම සඳහා, අමුත්තන් පර්යන්තයට ගෙන නොඑන ලෙස මගීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

අභියෝගාත්මක තත්වයන් මධ්‍යයේ වුවද ගුවන් තොටුපළ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට අපි සෑම උත්සාහයක්ම දරන අතර ඔබගේ සහයෝගය සහ අවබෝධය අපි අවංකවම අගය කරමු. 

ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ.

Hug එක කියන ඇත්ත, ආදරයද, මිත්‍රත්වයද? Read Previous

Hug එක කියන ඇත්ත, ආදරයද, මිත්‍රත්වයද?

Hug එක කියන ඇත්ත, ආදරයද, මිත්‍රත්වයද? Read Next

Hug එක කියන ඇත්ත, ආදරයද, මිත්‍රත්වයද?

Realted Post

Leave a comment