දකුණු අප්‍රිකාවේ ප්‍රියතම රසයක් දැන් ලංකාවේ

දකුණු අප්‍රිකාවේ වඩාත්ම සාර්ථක වේගවත්ම අපනයනයක් වන ගැලීටෝස්, එනම් ගිනිදැල්-ග්‍රිල් කළ කුකුළු මස් සහ ගිනිදැල් රසැති සෝස් සමඟ ශ්‍රී ලාංකික රස අංකුර ප්‍රබෝධමත් කිරීමට සූදානම් වනවා. 

අබ්දුල් අසීස් බ්‍රදර්ස් පුද්ගලික සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ අබ්දුල් අසීස් මොහොමඩ් හිල්මේ මහතා සහ ගැලීටෝස් ජාත්‍යන්තර සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ලුවී ගර්මිෂුයිස් අතර ෆ්‍රැන්චයිස් ඒ සඳහා ගිවිසුම් අත්සන් කරන ලද අතර, එමඟින් ශ්‍රී ලංකාවට සහ මාලදිවයින් සන්නාමය නිල වශයෙන් පිවිසීමට මග පාදනවා. 

1996 දී දකුණු අප්‍රිකාවේ නෙල්ස්ප්‍රූට් නම් කුඩා නගරයේ ආරම්භ කරන ලද ගැලීටෝස්, දකුණු අප්‍රිකාවේ ගෘහ නාමයක් ලෙස ඉක්මනින් ප්‍රමුඛස්ථානයට පත් වූ අතර, එහි අව්‍යාජ ගිනිදැල්-ග්‍රිල් කළ රසය සඳහා වඩාත් ඉල්ලුමක් ලැබී තිබෙනවා. 

වසර ගණනාවක් පුරා, මෙම සන්නාමය වේගයෙන් ව්‍යාප්ත වී ඇති අතර, දැන් දකුණු අප්‍රිකාවෙන් පිටත රටවල් 17 කට වැඩි ගණනක, කෙන්යාව, කැනඩාව, සර්බියාව සහ බංග්ලාදේශය ඇතුළු වෙළඳසැල් 260 ක පාරිභෝගිකයින්ට එම රසය සම්පාදයට කරනවා.  

මෙම ගෝලීය පියසටහනට එක්වන නවතම ගමනාන්තය ශ්‍රී ලංකාව වන අතර, ආහාර ලෝලීන්ට නිර්භීත දකුණු අප්‍රිකානු රසයන් අත්විඳීමට අවස්ථාවක් මේ හරහා ලබා දෙනවා. 

පිළිකා රෝගය සඳහා භාවිතයට ගන්නා ඖෂධ නිෂ්පාදන  කර්මාන්තශාලාවක්  පල්ලේකැලේ  ආරම්භ  කිරීමට පියවර Read Previous

පිළිකා රෝගය සඳහා භාවිතයට ගන්නා ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාවක් පල්ලේකැලේ ආරම්භ කිරීමට පියවර

කේක් හදන කලාවෙන් ජීවිතය දිනපු ලස්සන ගමනක්! Read Next

කේක් හදන කලාවෙන් ජීවිතය දිනපු ලස්සන ගමනක්!

Realted Post

Leave a comment