දේශීය ආර්ථිකේ ඉහළ දමන්න, Umandawa Green Hut කොළඹට

උමංදාව මඟින් සිදුකරගෙන යනු ලබන ජාතික මෙහෙවර තව තවත් පුළුල් කරවමින්,  දේශීය නිෂ්පාදන, වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය දිරිගන්වමින් තරුණ ව්‍යාවසායකත්වය ජාත්‍යන්තරය දක්වා ගෙනයනු ලබන වැඩපිළිවෙලෙහි තවත් එක පියවරක් ලෙස Umandawa Green Hut ආරම්භ කර ඇත. 

ගම්වල ප්‍රජාව දිරි ගන්වමින් ඔවුන්ගේ දේශීය නිෂ්පාදන වලට අත දීම සඳහා මෙම වැඩපිළිවෙල ඉදිරියට ගෙන  යන බව සිරි සමන්තබද්‍ර හිමි වදාලහ. 

උමංදාව නිෂ්පාදන සහ වැඩිහිටි දිවිසරු නිෂ්පාදන අලෙවිය සඳහා නව ශාඛාව ඒ අනුව Umandawa Green Hut නමින් 
492 R. A. De Mel Mawatha Colombo 03  හි දී විවෘත කළේය. 

ඒ සඳහා වෙළඳ වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු, ITI ආයතනයේ සභාපති ආචාර්ය සිරිල් පෙරේරා වියට්නාම තානාපති, ඉන්දුනීසියා තානාපති, පලස්තීන තානාපති, තායිලන්ත තානතිපති සහ පොල් සංවර්ධන අධිකාරිය සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා ඇතුළු තවත් ආරාධිත අමුත්තන් පිරිසක් මීට සහභාගී විය.

Diabetasol සන්නාම තානාපති කලාශූරී චන්න විජේවර්ධන Read Previous

Diabetasol සන්නාම තානාපති කලාශූරී චන්න විජේවර්ධන

ඓතිහාසික රුවන්වැලි මහා සෑ පින් බිමෙන් රටටම විසිරෙන නොනිවෙන පුණ්‍ය මෙහෙය Read Next

ඓතිහාසික රුවන්වැලි මහා සෑ පින් බිමෙන් රටටම විසිරෙන නොනිවෙන පුණ්‍ය මෙහෙය

Realted Post

Leave a comment