ස්වදේශී කොහොඹ 14වන වරටත් දෙවිනුවර සහ මහනුවර ශ්‍රී මහ විෂ්ණු දේවාලයන් ආලෝකමත් කරයි

 

ශාකසාර සබන් සහ ශාකසාර පුද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදනයේ  වෙළඳ පොළ ප්‍රමුඛයා වන කඳානේ ස්වදේශී කර්මාන්තායතනය විසින්   දෙවුන්දර ශ්‍රී විෂ්ණු මහා දේවාලය සහ මහනුවර ශ්‍රී  මහ විෂ්ණු  දේවාලය ආලෝකමත් කරන ලදී.   ඇසළ උත්සවයට සමගාමීව  “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය” යන තේමාව පෙරදැරිව  මෙම ආලෝක පූජාව සිදුකරන ලදී. ස්වදේශී මෙසේ මහනුවර ශ්‍රී මහ විෂ්ණු  දේවාලය ආලෝකමත් කරන ලද්දේ තෙවන වරටය.


ස්වදේශී සමාගමේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිණිය මෙම ආලෝක පූජා වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියේ “ශ්‍රී ලාංකේය සමාගමක් ලෙසින් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා සාම්ප්‍රදායික උරුමය ආරක්ෂාකරමින් මෙවැනි වාර්ෂික ආලෝක පූජාවන්ට සහයෝගය දැක්වීම අප සතු යුතුකමක්. ස්වදේශී විසින් මෙරට ආගමික සිද්ධස්ථාන ආලෝකවත්කිරීමේ ප්‍රයෝජනය සියලු වන්දනාකරුවන්ට ලැබෙන අතර, ශ්‍රී ලාංකේය උරුමයන් සුරැකීම පිළිබඳව මතු පරපුර වෙත පූර්වාදර්ශයන් ද සපයනවා” යනුවෙනි. ආලෝක පූජාවෙන් පසුව ශ්‍රී ලාංකේය සම්ප්‍රදායන් සහ ඉතිහාසය පිළිබිඹු කරන වර්ණවත් සංස්කෘතික පෙරහැර ද පැවැත්විණි.


 පෘතුගීසීන් විසින් විනාශ කරන ලද මුල්ම උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහ දේවාලය  ක්‍රි.ව. 661 දී ධාපුළුසෙන් රජු විසින් ඉදිකරවන ලද්දකි. බෞද්ධ සාහිත්‍යයට අනුව බුද්ධ පරිනිර්වාණයට පෙරාතුව, ලංකාවේ බුදු දහම ආරක්ෂාකර දෙන ලෙස බුදු රදුන් විසින් ශක්‍ර දේවේන්ද්‍රයාගෙන් ඉල්ලීමක් කර ඇත.  ශක්‍ර දේවේන්ද්‍රයා විසින් මෙම කාර්යය, උත්පලවර්ණ දෙවියන්ට පවරාදී ඇත. 

ඉහළ නිලධාරීන්ගේ නම් අත්සන් තබා මුදල් ගැරූ වංචනිකයන් දෙදෙනෙක් කොටු Read Previous

ඉහළ නිලධාරීන්ගේ නම් අත්සන් තබා මුදල් ගැරූ වංචනිකයන් දෙදෙනෙක් කොටු

ඉහළ නිලධාරීන්ගේ නම් අත්සන් තබා මුදල් ගැරූ වංචනිකයන් දෙදෙනෙක් කොටු Read Next

ඉහළ නිලධාරීන්ගේ නම් අත්සන් තබා මුදල් ගැරූ වංචනිකයන් දෙදෙනෙක් කොටු

Realted Post

Leave a comment