Room no.106 රූපගතකිරීම් ඇරඹේ.

මෙරට මෑත කාලීනව සිදුවූ සත්‍ය සිදුවීමක් පාදක කොට ගනිමින්  , ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක අධ්‍යක්ෂ  සුරංග ද අල්විස් නිර්මාණය කරනු ලබන Room no. 106  චිත්‍රපටයේ රූපගතකිරීම්  මේ දිනවල සිදුවෙමින් පවතී . මෙය අධ්‍යක්ෂවරයාගේ හයවන නිර්මාණයයි . ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් දෙපොලක් වන,  සුනෙත් මාලිංග ලොකුහේවා සමගින් ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර විසින් මෙහි තිර පිටපත ලියා ඇත. බිමල් ජයකොඩි , ශ්‍යාම් ප්‍රනාන්දු , කළණ ගුණසේකර , දමිතා අබේරත්න , ඩිෂ්නි රාජපක්ෂ , නයෝමි තක්ෂිලා , ප්‍රියන්ත සිරිකුමාර , අමිත්ත වීරසිංහ සහ  ගීතිකා රාජපක්ෂ ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් මේ සඳහා රංගන දායකත්වය දක්වා ඇත . නැසීගිය සැන්ඩෝ හැරිස් රංගන ශිල්පියාගේ පුත් , ශාක්‍ය හැරිස් මේ තුලින් සිනමාවට එක්වීමද සිදුවේ . මෙහි කැමරා අධ්‍යක්ෂණයෙන් හා සංස්කරණයෙන් ප්‍රවීන් ජයරත්න , කලා අධ්‍යක්ෂණයෙන් ඇහැලියගොඩ සෝමතිලක, අංග රචනයෙන් ඉන්දික උදාර ලංකා , ඇඳුම් නිර්මාණයෙන් ප්‍රියාන් අරුණ ශ්‍රී,සංගීත අධ්‍යක්ෂණයෙන් සංක දිනෙත් , සහය අධ්‍යක්ෂණයෙන් නිරුක්ෂාන් ඒකනායක ද , නිෂ්පාදන කළමණාකරණයෙන් ලක්රුවන් ලොකුහපුආරච්චි එක්වී ඇති Room no.106  තුලින් ප්‍රවීණ සංගීතවේදී  සංක දිනෙත් චිත්‍රපට නිෂ්පාදනය සඳහා එක්වන  අතර , ප්‍රවීන් ජයරත්න ,ජීවන්ත කල්දේරා , පබෝදිනී ජයකොඩි සහ ඉෂානි සෙනෙවිරත්න සෙසු නිෂ්පාදන කන්ඩායම වේ. මෙය සංගීතා චිත්‍රපට සමාගමේ ඉදිරිපත් කිරීමකි.

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

Hug එක කියන ඇත්ත, ආදරයද, මිත්‍රත්වයද? Read Previous

Hug එක කියන ඇත්ත, ආදරයද, මිත්‍රත්වයද?

කේක් හදන කලාවෙන් ජීවිතය දිනපු ලස්සන ගමනක්! Read Next

කේක් හදන කලාවෙන් ජීවිතය දිනපු ලස්සන ගමනක්!

Realted Post

Leave a comment