සර්වෝදය සමාජ කර්තව්‍යය සඳහා ප්‍රමුඛතම අධ්‍යාපන සන්නාමයක් වන “ඇට්ලස්” හා අත්වැල් බැඳගනී

 

වර්තමානයේ පවතින ආර්ථිකමය ගැටලු නිසා රට තුළ 50%ක් පමණ පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සපුරා ගැනීමට අපහසුතාවක් පැනනැගී ඇති බව සමීක්ෂණ වාර්තා පවා පෙන්වාදී තිබේ. මේ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් අධ්‍යාපන අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි නිසා දරුවන් පාසල් හැරයාම බහුලව දැක ගත හැකි අතර ඒ තුළින් අනාගතයට අහිතකර බලපෑම් දැනටමත් එල්ලවෙමින් පවතී.


මෙම පැනනැගී ඇති ඛේදනීය තත්ත්වය සැලකිල්ලට ගනිමින් විශාලතම රාජ්‍ය නොවන සංවිධානයක් වන සර්වෝදය ආයතනය රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පාසල් උපකරණ සහ අවශ්‍ය පහසුකම් සැපයීම දීර්ඝ කාලයක් මුළුල්ලේ සිදුකරමින් සිටී.


සර්වෝදය ආයතනය මෙම ගෙනයන  සමාජ කර්තව්‍යය සඳහා මෙරට ප්‍රමුඛතම අධ්‍යාපන සන්නාමයක් වන  “ඇට්ලස්” ආයතනය අත්වැල් බැඳගැනීමට තීරණය කර ඇත.


එහිදී ඇට්ලස් ආයතනය සහ සර්වෝදය ආයතනය එක්ව “Light a Future” නමින් දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සැපිරීම උදෙසාවූ වැඩසටහන දියත් කර ඇත. ඒ ඔස්සේ දින 90 ක් තුළ ජාත්‍යන්තරය මඟින්ද එතෙර වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක් රැස්කිරීමට නියමිතය.


මෙම වැඩසටහනේ ප්‍රධාන හවුල්කරුවා වන ඇට්ලස් සමාගම 2,500 වූ දරුවන් සඳහා මුල්‍යමය ආධාර සහ පහසු මිලට අධ්‍යාපන උපකරණ මේ වන විටත් ලබදීමට කටයුතු කරමින් ඇත.
සටහන සහ ඡායාරූප - රුෂිරු කොළඹතන්ත්‍රිගේ

 

කේක් හදන කලාවෙන් ජීවිතය දිනපු ලස්සන ගමනක්! Read Previous

කේක් හදන කලාවෙන් ජීවිතය දිනපු ලස්සන ගමනක්!

කේක් හදන කලාවෙන් ජීවිතය දිනපු ලස්සන ගමනක්! Read Next

කේක් හදන කලාවෙන් ජීවිතය දිනපු ලස්සන ගමනක්!

Realted Post

Leave a comment