හේමාස් හෝල්ඩින්ග්ස් පීඑල්සී 2030 සාමූහික පාරිසරික න්‍යාය පත්‍රය එළිදැක්වයි

 

ශ්‍රී ලංකාවට ආවේණිකවූ සත්ත්ව හා ශාක විශේෂ 350කට අධික ප්‍රමාණයක් පවතින අතර මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම සත්ත්ව සහ ශාක විශේෂ රාශියක් වඳවීමේ තර්ජනයට මුහුණපා තිබේ. උද්ගතව ඇති මෙම තත්වය මත හේමාස් හෝල්ඩින්ග්ස් විසින් ශ්‍රී ලංකාවට ආවේණික වූ මෙම සත්ත්ව හා ශාක විශේෂ ආරක්ෂා කරගැනීම මෙම සාමූහික පරිසර න්‍යාය පත්‍රය ඔස්සේ සිදුකිරීමට බලාපොරොත්තුවේ.


මෙම අවස්ථාව සඳහා හේමාස් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරිනී කස්තුරි චෙල්ලරාජා විල්සන්,හේමාස් හෝල්ඩින්ග්ස් පීඑල්සී සමූහ ප්‍රධානී (තිරසාරත්වය සහ ආයතනික සන්නිවේදන) ඉෂානි රණසිංහ, කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යාව පිළිබඳ මහාචාර්ය සම්පත් සෙනවිරත්න,වනජිවී හා ස්භාවික ආරක්ෂණ සංගමයේ සභාපති ජෙහාන් කනගරත්න යන මහත්ම මහත්මීන්,හේමාස් හෝල්ඩින්ග්ස් හි නිලධාරීන් හා පරිසරවේදින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


“සැබැවින්ම ශ්‍රී ලාංකික සමාගමක් ලෙසට රටේ සම්පත් ආරක්ෂා කරගැනීමට අප මැදිහත් වියයුතු බව අප විශ්වාස කරනවා. අප සතු සශ්‍රීක පරිසර පද්ධතියන්ගෙන් අනාගත පරපුරටත් ප්‍රතිලාභ ලැබීමට හැකිවන්නේ එවිටයි.

අප මෙම පාරිසරික න්‍යාය පත්‍රය යටතේ විවිධ හවුල්කරුවන් සමඟ එක්වී, පරිසරය සුරැකීමට, ස්වභාවික සම්පත් වගකීමෙන් යුතුව පරිහරණය කිරීම දිරිගැන්වීමට, අපගේ මෙහෙයුම්වලට   බලපෑම සීමා කිරීමට සහ ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට අප බලාපොරොත්තුවෙනවා.” හේමාස් හෝල්ඩින්ස් පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරිනී කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය පැවසුවාය.
සටහන සහ ඡායාරූප - රුෂිරු කොළඹතන්ත්‍රිගේ)

 

දින හතරක මහ වැස්සක්, අවදානම් ගැන අවධානයෙන් ඉන්න Read Previous

දින හතරක මහ වැස්සක්, අවදානම් ගැන අවධානයෙන් ඉන්න

ප්‍රථම වරට ලංකාවේ සමාගමක් පිළිකා රෝගය සඳහා භාවිතයට ගන්නා ඖෂධ නිෂ්පාදනයට Read Next

ප්‍රථම වරට ලංකාවේ සමාගමක් පිළිකා රෝගය සඳහා භාවිතයට ගන්නා ඖෂධ නිෂ්පාදනයට

Realted Post

Leave a comment