“ශ්‍රී ලංකා වනිතාභිමාන” අඛණ්ඩව තුන්වන වරටත්

 

ශ්‍රී ලංකාවේ කාන්තාවන් සවිබලගැන්වීමේ අරමුණින් පවත්වන සම්මාන ප්‍රදානය කිරීමේ වැඩසටහනක් වන “ශ්‍රී ලංකා වනිතාභිමාන” සම්මාන උළෙල NDB බැංකුව සහ සිරස නිව්ස් ෆස්ට් විසින් අඛණ්ඩව තුන්වන වරටත් පැවැත්වීමට කටයුතු සංවිධානයකර තිබේ.


මේ පිළිබඳව මාධ්‍යය දැනුවත් කිරීමේ මාධ්‍යය හමුවක් පසුගියදා කොළඹ ගලදාරි හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණි. මෙවරද සම්මාන උළෙල අංශ කිහිපයක් ඔස්සේ සම්මාන ප්‍රදානයට කටයුතු සම්පාදනය කර ඇත. එහිදී පළාත් මට්ටමේ අදියර, ආයතනික අංශයේ වෘතිකයින් සඳහා වූ අදියර එම සම්මාන පිරිනමන අංශ අතරවේ.


පළාත් මට්ටමේදී  ක්‍රීඩා, ව්‍යවසායිකාව (ක්ෂුද්‍ර පරිමාණ, කුඩා පරිමාණ, නැගී එන), ස්වේච්ඡා සේවා, කලා, අධ්‍යාපන සේවා සහ තරුණ නායිකා යන කාණ්ඩ ඔස්සේ සහභාගී විය හැක.
ආයතනික මට්ටමෙදී මානව සම්පත්, මූල්‍ය කළමනාකරණ, අලෙවිකරණ සහ ප්‍රචාරණ, නීතිමය, රාජ්‍ය සහ රාජ්‍ය අංශය, ආයතනික සමාජ වගකීම් (CSR), සංචාරක කර්මාන්තය, කලාව, ක්‍රීඩා සහ ව්‍යවසායිකත්ව මෙම අංශයේ තරඟ කාණ්ඩවේ.


මෙවර සම්මාන උළෙලේ අවසාන මහා සම්මාන රාත්‍රිය 2023 මාර්තු මස 8 වන දින සිදුකිරීමට කටයුතු සංවිධානයකර ඇත. පසුගිය වසර දෙක තුළ වනිතාභිමාන වැඩසටහන සඳහා අයදුම්පත් දස දහස් ගණනක් ලැබුණු අතර පළාත් මට්ටමින් සම්මාන 173කට අධික ප්‍රමාණයක්, ගෞරව සම්මාන 10ක්, ආයතනික සම්මාන 10ක්, ජනප්‍රිය පුද්ගලයා සඳහා සම්මාන 02ක් සහ ජනප්‍රිය නාමිකයින් සඳහා සම්මාන 08ක් පිරිනමා ඇත.


සටහන සහ ඡායාරූප - රුෂිරු කොළඹතන්ත්‍රිගෛ්

I lOVE YOU කියපු පමණින් ඒක ආදරේද ? Read Previous

I lOVE YOU කියපු පමණින් ඒක ආදරේද ?

සජබ  නායකගේ හුස්ම වැඩ සටහනෙන්  මහනුවර ජාතික  රෝහලට   රුධිර කාන්දුකරණ  යන්ත්‍රයක් Read Next

සජබ නායකගේ හුස්ම වැඩ සටහනෙන් මහනුවර ජාතික රෝහලට රුධිර කාන්දුකරණ යන්ත්‍රයක්

Realted Post

Leave a comment