2026 රාජ්‍ය සේවා නෙට්බෝල් තරගාවලියේදී ගුවන් හමුදාව අණසක පතුරුවයි

 

යාපනය, චාවකච්චේරි වලර්මති ක්‍රීඩාංගණයේදී පසුගියදා (සැප්තැම්බර් 16) ආරම්භ වූ 2026 රාජ්‍ය සේවා නෙට්බෝල් තරගාවලියේදී අතිවිශිෂ්ට දක්ෂතා දක්වමින් සිය පූර්ණ ආධිපත්‍යය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා නෙට්බෝල් ක්‍රීඩිකාවෝ සමත් වූහ. රාජ්‍ය සේවා නෙට්බෝල් ක්‍රීඩා සංගමය සංවිධානය කළ මෙම තරගාවලියට රාජ්‍ය ආයතන 18ක් නියෝජනය කරමින් කණ්ඩායම් 52ක් එක්ව සිටි අතර, එහිදී ගුවන් හමුදා 'A' සහ 'B' කණ්ඩායම් දෙකම 'A' සහ 'B' කාණ්ඩ ද්විත්වයෙන්ම කැපී පෙනෙන ජයග්‍රහණ අත්කර ගත්තේය.

මෙහිදී විශිෂ්ට ක්‍රීඩා කෞශල්‍යයක් විදහා පෑ ගුවන් හමුදා 'A' කණ්ඩායම, තියුණු තරගකාරීත්වයකින් පසුව තරගාවලියේ 'A' කාණ්ඩයේ ලීග් ශූරතාව (A Division League Champions) හිමිකර ගැනීමට සමත් විය. ඊට අමතරව, නොක්අවුට් අදියරේ අනුශූරතාව ද (A Division Knockout Runner-up) තමන් සතු කර ගැනීමට ඔවුන්ට හැකි විය.

එමෙන්ම, සිය අසමසම දක්ෂතා ඉදිරිපත් කළ ගුවන් හමුදා 'B' කණ්ඩායම ද 'B' කාණ්ඩයේ ලීග් ශූරතාව (B Division League Champions) දිනා ගැනීමට සමත් විය. තවද, නොක්අවුට් අදියරේ අනුශූරතාව ද (B Division Knockout Runner-up) හිමිකර ගනිමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඉහළ කීර්තියක් අත්කර දීමට ඔවුන් කටයුතු කළහ.

මෙම ක්‍රීඩා තරගාවලියේ කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කෙරුණු වර්ණ රාත්‍රිය පසුගිය දා (සැප්තැම්බර් 19 වනදා) යාපනයේදී පැවැත්විණි.

ගොළුබෙල්ලාගෙන් ලස්සන වෙන්න Read Previous

ගොළුබෙල්ලාගෙන් ලස්සන වෙන්න

මැද දුම්බර  රසාංජලී  සාහිත්‍ය උළෙල සහ  සංස්කෘතික මංගල්‍ය උත්සවාකාරයෙන් Read Next

මැද දුම්බර රසාංජලී සාහිත්‍ය උළෙල සහ සංස්කෘතික මංගල්‍ය උත්සවාකාරයෙන්

Realted Post

Leave a comment