අභ්‍යවකාශය ජයගත් අරාබියේ රයියනා බානාවි

කාන්තා අයිතිවාසිකම් බොහෝ සෙයින් අහිමි ජාතියක් ලෙස සැලකෙන අරාබියේ කාන්තාවක් පසුගියදා අභ්‍යවකාශය වෙත ගමන් කරමින් ලෝක ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවන්නට සමත් වූවාය. තිස් හතර හැවිරිදි රයියනා බානාවි නම් ජීව විද්‍යාඥවරිය එම වාර්තාව තැබූ ප‍්‍රථම අරාබි ජාතික කාන්තාවයි. 
ඇමෙරිකා අන්තර් ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පසුගිය මැයි විසි දෙවැනිදා ගුවන්ගත වූ අරාබියේ දෙවැනිි පෞද්ගලික අභ්‍යවකාශ දුත ගමනට සහභාගි වූ රයියනා ස්පේස් X ෆැල්කන් Q නැමැති රොකට්ටුවෙන්් අභ්‍යාවකාශය වෙත ගමන් කළාය. ඇගේ අරමුණ කඳ ෙසෙල ක‍්‍රියාවට නංවමින් පියයුරු පිළිකා මර්දනය කිරීම් ආශ‍්‍රිත පර්යේෂණවල නියැළීමය.
අරාබි ජාතික කාන්තාවකට රිය පැදවීමේ අයිති ලැබුණේද වසර 2018දී ය. කාන්තා අයිතිවාසිකම් සඳහා තවමත් දැඩි ලෙස සටන් වදින අරාබි ජාතිික කාන්තාවන්ට රයියනා ගේ මෙම අභ්‍යවකාශ ගමන අතිශය වැදගත් ජයග‍්‍රාහී ඉදිරි පියවරකි. රයියනාගේ් අරමුණ උත්සාහයත්, නිර්භීතබවත්, ඇත්නම් කාන්තාවන්ට ලොව ජයගත නොහැකිි අභියෝගයක් නොමැති බව මැදපෙරදිග කාන්තාවන්ට පෙන්වාදීම බව රයියනා සිය දින දහයක අභ්‍යවකාශ චාරිකාව නිමා කරමින් පැවසුවාය. 
ඇමෙරිකාා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගතවීමට පෙර රූපගත කරන ලද වීඩියෝ පටයක් මගින් ලෝක ජනතාව ඇමතූ රයියනා පැවසුවේ ‘අනාගතය ඉතා දීප්තිමත්. එහෙයින් විශාල ලෙස සිහින දකින්න, ආත්ම විශ්වාසය ගොඩනගා ගන්න. මනුෂ්‍යත්වය පිළිබඳ විශ්වාස කරන්න...’ යනුවෙනි.
ඇයත් සමග මෙම ගමනට සහභාගි වූයේ සෞදි අරාබි ජාතික අභ්‍යවකාශ දුත මණ්ඩල විශේෂඥයකු වූ අලි අල්කාර්න (Ali Alqurni) සහ ඇමෙරිකානු අභ්‍යාවකාශගාමීන් දෙදෙනෙකු පමණි. අලි අල්කාර්නි ගල්ෆ් රාජධානියෙන් අභ්‍යවකාශය වෙත ගමන් කළ දෙවැනි පිරිමනා ලෙස වාර්තා වේ. දුත මණ්ඩලයේ අණ දෙන නිලධාරියා ලෙස ඇමෙරිකානු ජාතිිික පෙගි විට්සන් (Peggy Whitson) සහ අභ්‍යවකාශ යානයේ නියමුවා ලෙස ජෝන් ෂොෆ්නර් (John shoffner) කටයුතු කළෝය.
අභවකාශයේ ගත කළ දින දහය ඇතුළත මෙම දුත කණ්ඩායම අභ්‍යවකාශයේ බලපෑමෙන් මිනිසාගේ සෞඛ්‍යයට ඇතිවෙන විපාක මොනවාද යන්න පිළිබඳ විද්‍යාත්මක සහ තාක්ෂණික පරීක්ෂණ පර්යේෂණ විස්සකට අධික ප‍්‍රමාණයක් සිදු කළ අතර කෘති‍්‍රම වැසිි ඇති කිරීමේ තාක්ෂණය පිළිබඳ පර්යේෂණවල නිරත විය.
රයියනාගේ පර්යේෂණය පදනම් වී තිබුණේ පසුගිය වසර නවය පුරා රියාද් හිි කිං ෆයිසාල් විශේෂඥ රෝහලේ් රසායනාගාරයෙහි ඇය විසින් සිදු කරන ලද කඳ ෙසෙල සහ පටක යළි ගොඩ නැගීමේ වැඩසටහන ආශි‍්‍රතවය.
පසුගියදා පැවැත්වුණු මාධ්‍ය හමුවකදී රයියනා පැවසුවේ ‘අභ්‍යවකාශ ගත වූ පළමු අරාබි ජාතික කාන්තාව’ ලෙස ලද අභිමානය ඇය ඉතා සතුටින් දරා සිටින බවයි. තමා අභ්‍යවකාශයේ දි ලද අත්දැකීම් ළමයින් හා බෙදා ගැනීමට කැමැත්තෙන් සිටින බවත් කීවාය.
සෞදි -  ඇමෙරිකානු අභ්‍යාවකාශ ඉන්ජිනේරුවරයෙකු වූ මිෂාල් අෂෙමිමරි පැවසුවේ ‘‘අපගේ ඉලක්කය වන්නේ විද්‍යාව තුළින් මානවයාගේ සුබසිද්ධිය ඇති කිරීම’’ බවයි. මෙම අභ්‍යාවකාශ තරණය ලෝකයේ විවිධ පසුබිම්වලින් යුතු ගැහැනුු දරුවන්ට මානව අත්දැකීම් තව දුරටත් ඉදිරියට ගෙන යන්නට කදිම ආදර්ශයක් වන බවත් ඔහු පැවසීය. 

 

පැය 24 පුරා දවස් 7 ම බඩ ඉල්ලන රසට Read Previous

පැය 24 පුරා දවස් 7 ම බඩ ඉල්ලන රසට

Miss International Sri Lanka Read Next

Miss International Sri Lanka

Realted Post

Leave a comment