චිත්‍ර අඳින ගිම්හානි

චිත්‍ර කලාව කියන්නෙ ප්‍රාසාංගික කලාවන් එක්  කලාවක්. චිත්‍ර කලාවෙන් මිනිස් සිත සුවපත් කරන්න වගේම මිනිස් සිතුවිලි වලට පණ දීමේ හැකියාව ද තියෙනවා. එවැනි සිතේ දෑසේ මැවෙන සිතුවිල්ල තම දෑතින්  වර්ණවත් කරන දක්ෂතාවලින් සපිරුණු පුංචි සිත්තරාවක් ගැනයි මේ කතාව.

ඇය නමින් කාව්‍යා ගිම්හානියි. වයස අවුරුදු විස්සක් වන ඇය තාරුණට පා තබමිනුයි සිටින්නේ. ඇය ගැන තොරතුරු ඇයගෙන්ම අසා  දැනගනිමු.

මම පාසල් ගියේ පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයටයි. ඉගෙනුම් කටයුතු වගේම ච්ත්‍ර කලාවටත් මම හරිම ආදරෙයි, කැමතියි.
චිත්‍ර කලාවට අමතරව අත්කම් විනෝදාශයක් ලෙසත් සිදු කරනවා.  ප්‍රෝටේට්  ආර්ට්, රියැලිස්ට්ක් ආර්ට් තමයි වැඩිපුර කරන්නේ. 
ඒ සඳහා පෑන්, පැන්සල්, දිය සායමි වැනි  මාධ්‍යන් වලින්  නව නිර්මාණ කරන්න උත්සාහ ගන්නවා.

මට චිත්‍ර කලා පිළිබඳ හැකියාව ඇතිවුණේ බොහෝ පුංචි කාලේ සිටයි . ඒවා බොහෝ අය අගය කරනවා දැක්කහම මට පුදුම කැමැත්තක් ඇති වුණේ. 

මම සාමාන්‍ය පෙළ දක්වා චිත්‍ර කලා විෂයක් ලෙස හැදෑරුවා. 
දැනට මම චිත්‍ර කලාවෙන් යම් ආදායමකුත් උපයනවා. 
"Kavya Gimhani Arts" කියන නමින්  අන්තර්ජාලයේ පේජ් එකක් තියෙනවා. 

මේ ගමන සඳහා කුඩා කල සිටම මගේ දෙමාපියෝ ගුරුවරු මගේ හැකියාව වර්ධනය කරගන්න බොහෝ උදව් කළා. මම හයවැනි ශ්‍රේණියේ සිට එකොළොස් වෙන ශ්‍රේණිය දක්වා මගේ චිත්‍ර ගුරුවරිය වූ ගීතරානි ගුරුතුමිය ඒ වගේම සෂින්තා දිල්හානි මිස්වත් මතක් කළ යුතුයි. ඇය තමයි අලුත් නිර්මාණ බිහිකරන්න වගේම මාව තව තවත් අලුත් තාක්ෂණ ක්‍රමවලට යොමු කළේ. 

මං පටන් ගත්ත කාව්‍යා ගිම්හානි  ආට් පේජ් එකෙන් මුලින්ම මගේ යාළුවන්ට තමයි මම චිත්‍ර විකුණලා බැලුවේ එතනදි හොඳ ඉල්ලුමක්, අගය කිරීමක් ඒ සඳහා මට ලැබුණා. මෙවැනි නිර්මාණවලට වර්තමානය වෙද්දී ආර්ථික අතින් විශාල ආදායමක් ලබාගත හැකි වෙනවා  මනසටත් සුවයක් වගේම විනෝදාංශයක් වෙනවා.
පාසල් යන කාලයේ සිටිම විවිධ ජයග්‍රහණයන් මේ අංශය තුළින් මා ඇගැයීමට ලක්වී තිබෙනවා. 
මේ කලාවේ රැකියාවක් ලෙස සිදු කරද්දි විවිධ අභියෝග බාධක ආවත් ඒවා ජයගෙන ඉදිරියටම කරගෙන යන්න කැමැත්තෙන් ඉන්නවා. 
චිත්‍ර කලාව අමතර විනෝදාංශයක් කරමින් අධ්‍යාපන පැත්තෙන් ඉහළට යන්න තමයි මගේ අනාගත බලාපොරොත්තුව.

සටහන 
මහේෂානි මීගහපොල

පොහොසත් රටකට ජනපතිගෙන් පොරොන්දුවක් Read Previous

පොහොසත් රටකට ජනපතිගෙන් පොරොන්දුවක්

සැම කළට උවැසි විශාකාවගේ කළමනාකරණය Read Next

සැම කළට උවැසි විශාකාවගේ කළමනාකරණය

Realted Post

Leave a comment