මාතලේ දිරිය කාන්තාවන් අගය කිරීමේ වැඩසටහනක්

මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිරිය කාන්තාවන් අගය කිරීමේ වැඩසටහනක් පසුගියදා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි. මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස බුද්ධ සාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක  මහතා සහභාගී විය.

මෙහිදී සමාජය, අධ්‍යාපන, සෞඛ්‍ය සහ වෙනත් විවිධ ක්ෂේත්‍රවල සුවිශේෂී සේවාවක් ඉටු කළ කාන්තාවන් රැසක් විශේෂයෙන් අගය කරමින් සම්මාන හා උපහාර පිරිනැමීම සිදු කෙරිණි.

මෙම අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දීප්ති වාසලගේ  මහත්මියද සහභාගී වූ අතර, විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන කාන්තාවන් විශාල පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න 

 

වයස 57දීත් තරුණ පෙනුම රැකගත් ජෙනිෆර්ගෙ රහස් Read Previous

වයස 57දීත් තරුණ පෙනුම රැකගත් ජෙනිෆර්ගෙ රහස්

පවුල ගැන සිතනවා නම් අම්මත් හොදට කන්න ඕන Read Next

පවුල ගැන සිතනවා නම් අම්මත් හොදට කන්න ඕන

Realted Post

Leave a comment