පොතපතට ආදරේ මිනිස්සුන්ගේ හිත් හරි ලස්සනයි

  • මාතලේ සුමංගල විදුහලේ විදුහල්පතිනී  සුභාෂණී රුවන්දිකා ඒකනායක

ගුරුවරයෙක් කියන්නෙම තවත් උගතුන් රැසක් බිහිකරන සමාජයට වැදගත් වූ ආදරණීය චරිතයක්. ඔවුන් නිරන්තරයෙන් ජීවිතයට එකතු කරන්නේ සාර්ථකත්වයයි. මාතලේ සුමංගල විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස කටයුතු කරන ඇය සුභාෂණී රුවන්දිකා ඒකනායක. මේ වන විටත් සමාජ මාධ්‍යයයේ ජනප්‍රිය චරිතයක් බවට පත්වී සිටින ඇය, ජාතික අධ්‍යාපන ආයතනයේ බාහිර කථිකාචාර්යවරියක් ලෙසද කටයුතු කරයි. ගුරු භූමිකාවට එහා යමින් සමාජයට වගේම දරුවන්ට පොතපතේ අගය කියාදෙමින්, රටපුරා සාහිත්‍ය දේශනවලට සහභාගී වෙමින් තරුණ කාන්තාවන්ගේ සහ දරුවන්ගේ නැණස අවදිකරන ඇය මේ සාහිත්‍ය මාසයේ කතා කළ යුතු තවත් වැදගත් චරිතයක් බව කිව යුතුය. සාහිත්‍ය පොතපතට මෙන්ම නර්තනයටද වඩාත් ඇලුම්කරන ඇය නර්තන විෂය වැඩිදුරටත් ඉගෙන ගනිමින් එහි විශාරද විභාගය සඳහාද සූදානම් ය.
අපේ රටේ ප්‍රදේශ ගණනාවක දරුවන්ගේ සාහිත්‍ය රසවින්දනය, සාහිත්‍ය පිපාසය වෙනුවෙන් රටපුරා සාහිත්‍ය රසවින්දන වැඩසටහන්, දේශනමාලා, ක්‍රියාත්මක කරන ඇය මේ සාහිත්‍ය මාසයේ පොත්පත් කියවීම මිනිසකුගේ ජීවිතයට වැදගත් වන්නේ කෙසේදැයි කතා කිරීමටද අමතක නොකළාය. 
‘‘සමාජයේ වැඩිහිටියන් වගේම කුඩා දරුවන් සාහිත්‍ය පොතපතට නැඹුරු කිරීම ඉතාම වැදගත්. එය රටක් විදියට අනාගතයේදී යහපත් සමාජයක්, සංවේදී මිනිසෙක් ගොඩනැගෙන්න අත්‍යවශ්‍ය සාධකයක්. නමුත් අපේ රටේ දැන් පොතපත කියවන්න පෙළඹෙන පිරිස ඉතාම අඩුයි. දරුවන්ගේ ආකල්ප දියුණුවීම සඳහාත් රසවින්දන ශක්තිය ඇතිකිරීම සඳහා මෙන්ම පරිකල්පන ශක්තිය ඇතිකිරීමටත්, දරුවන්ව සාහිත්‍යයෙන් පෝෂණයවීම වැදගත්. විශේෂයෙන් මේ වන විට දරුවන් තුළ සහකම්පනය දුරස්ව ගිහින් තිබෙන නිසා තව කෙනෙක් ගැන හිතන එක, තවත් කෙනෙක් වෙනුවෙන් කටයුතු කරන එක, අඩුවී ඇතිබව දැකගන්න පුඵවන්. ඒ නිසාම අපේ සමාජයේ බොහෝ මිනිසුන් තවත් කෙනෙකුව පීඩාවට පත්කරන්න උත්සහ කරනවා. නමුත් පොතපත ජීවිතේ විශේෂ අවශ්‍යතාවක් බවට පත්කරගත් මිනිස්සු එහෙම වෙන්නේ නැහැ.
ඒවගේම හුඟක් වෙලාවට සාහිත්‍යයට, කලාවට, ගීතවලට පුළුවන් මිනිසකු ඇතුළෙ තිබෙන මානසික ආතතිය සුවපත් කරන්න. ඒ නිසා ජීවිතය ඇතුළෙ සාහිත්‍ය පෝෂණයවීම මිනිසකුට කලහකාරී මානසිකත්වයකින් මිදිලා සිත සුවපත් කරගන්න උදවුවෙන ඔසුවක්බවට පත්වෙනවා. ඉස්සර නම් බොහෝ වෙලාවට අපට අවශ්‍ය කරන පොතපත අමාරුවෙන් හොයාගෙන කියවන්න ඕනෑ. බොහෝවිට තිබුණේ පුස්තකාල විතරයි. නමුත් වර්තමානයේ ඊට වඩා පහසුකම් රැසක් නිර්මාණය වී තිබෙනවා.  ඕනෑතරම් අවස්ථා තිබෙනවා. තාක්ෂණ දියුණුවත් එක්ක අපට වෙනත් රටවල පොත් පවා තත්පර ගණනකින් පරිශීලනය කිරීමේ අවස්ථාව තිබෙනවා. භාෂාව දන්නේ නැත්නම් පරිවර්තනය කරලා කියවීමේ අවස්ථා තිබෙනවා. ඒ නිසා නිසැකවම ඔබේ ජීවිතය තුළ නිර්මාණශීලී පුද්ගලයෙක් බිහිකරගන්න, මේ සාහිත්‍ය මාසය අර්ථවත් ආරම්භයක් ගන්න ඔබට පුඵවන්.  

  • නයනා උදයංගනී

 

‍ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට  යෙදී තිබේ. Read Previous

‍ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට යෙදී තිබේ.

නංගි නිසා තමයි contents  කරන්න පටන් ගත්තේ Read Next

නංගි නිසා තමයි contents කරන්න පටන් ගත්තේ

Realted Post

Leave a comment