මැද රට කාන්තාවන්ගේ වෙළඳ ප්‍රදර්ශණ

මධ්‍යම පලාතේ කාන්තා ව්‍යවසායකයනගේ සහ පලාතේ විවිධ ස්වයං කර්මාන්ත කේෂත්‍රයේ නියැලී සිටින්නියන් දිරිමත් කිරීම,ඔවුන්ගේ නිෂ්පාදන සඳහා වෙළඳ පොල හඳුන්වා දීම එම නිෂ්පාදන සඳහා ජාත්‍යන්තරයේ අගැයීමක් ලබා දීමේ අරමුණින්,මධ්‍යම පලාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතාගේ  ප්‍රධානත්වයෙන් මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්ස්වෙළඳ මධ්‍යස්ථානයේ පැවති වෙළඳ ප්‍රදර්ශණය පලාත් ආණ්ඩුකාර වරයා විසින් විවෘත කළ අවස්ථාව.

මධ්‍යම පලාත් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන් පලාත් පේෂකර්මාන්ත අධ්‍යක්ෂක සංජීවනී අමරතුංග යන මහත්මීන් විසින් මෙම වෙළඳ ප්‍රදර්ශණය සංවිධානය කර තිබිණි මෙම වෙළඳ ප්‍රදර්ශණයට විවිධ දේශීය ආහාර වර්ග, ජෑම් කෝඩියල්,අත්කම් නිර්මාණ රෙදිපිළි සහ අත්කම් පේෂකර්මාන්ත නිෂ්පාදන,කුළු බඩු ආශ්‍රීත නිෂ්පාදන සම් භාණ්ඩ ,පාවහන් ,අත් බෑග්,පිත්තල ,තඹ සහ රීදී ආශ්‍රීත නිර්මාණ රැසක් ඉදිරිපත් කර තිබුණි.

ජේ.ඒ.එල්. ජයසිංහ 

තරුණියගේ රහස් ප්‍රදේශයේ ලප සොයා ස්පර්ශ කළ බුද්ධි සැරයන් Read Previous

තරුණියගේ රහස් ප්‍රදේශයේ ලප සොයා ස්පර්ශ කළ බුද්ධි සැරයන්

බතේ රහස Read Next

බතේ රහස

Realted Post

Leave a comment