මාතලේ දිරිය කාන්තාවන් අගය කිරීමේ වැඩසටහනක්

මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිරිය කාන්තාවන් අගය කිරීමේ වැඩසටහනක් පසුගියදා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි. මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස බුද්ධ සාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක  මහතා සහභාගී විය.

මෙහිදී සමාජය, අධ්‍යාපන, සෞඛ්‍ය සහ වෙනත් විවිධ ක්ෂේත්‍රවල සුවිශේෂී සේවාවක් ඉටු කළ කාන්තාවන් රැසක් විශේෂයෙන් අගය කරමින් සම්මාන හා උපහාර පිරිනැමීම සිදු කෙරිණි.

මෙම අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දීප්ති වාසලගේ  මහත්මියද සහභාගී වූ අතර, විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන කාන්තාවන් විශාල පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න 

 

Vietjet සමාගමට Asia’s Leading Airline Brand 2026 සම්මානය Read Previous

Vietjet සමාගමට Asia’s Leading Airline Brand 2026 සම්මානය

HNB නැන්දලා මාමලාගෙන් පුංචි පැටවුන්ට ’’සුපිරි වීර ජම්බෝ’’ ප්‍රිමියර් ෂෝ එකෙන් අමතක නොවන සතුටක් Read Next

HNB නැන්දලා මාමලාගෙන් පුංචි පැටවුන්ට ’’සුපිරි වීර ජම්බෝ’’ ප්‍රිමියර් ෂෝ එකෙන් අමතක නොවන සතුටක්

Realted Post

Leave a comment