සිනාසෙන්න වෙර දරන පුංචි මල් කැකුළකට ඔබේ උදව් අවශ්‍යයි

දරුවන් සිය නෙත් තරමට ම දෙමව්පියන්ට  වටිනා බව කියාපෑමට අටුවා ටීකා අවශ්‍ය නොවේ.දරුවන් ව සිය නෙත් මානයේම රදාවා තබා ගැනීමට ඔවුන් වෑයම් දරන්නෙත් ඒ නිසාවෙනි.සත්ත්ව ලෝකයේ  පවා ඒ බව ඒත්තු ගන්වමින් කැන්ගරුවා වැනි සතුන් කුඩා පැසක් තුළ සිය පැටවුන් හොවාගෙන යනු ලබයි. 

නමුත් ඇසිල්ලකින් සිය නෙත් මානයෙන් ඉවතට යන දරුවාවට විනා කටින්නට,මාරයා කොතැනක හෝ සිට බලා සිටිනා බව දෙමව්පියන් සිහිනෙකින්වත් නොසිතනවා  විය හැකිය.මුලතිව් සංචාරයේ දී පදවි පරක්‍රම පුර පසුකරගෙන යන අපට එවැනි කතාවක් නෙත ගැටුණි.

සිසිර සහ ඉරේෂාගේ සිහින විජිතය ඒකාලෝක කරමින් ඔවුන්ගේ කුළුදුල් දරු උපත ලෙස පුතෙකු මෙලොව එළිය දුටුවේය.නිල් පැහැති ඇද ඇතිරිවලින් පිරී ගිය නිවහන රෝස පැහැයෙන් සරසන්නට ඔවුනට හැකි වූයේ දෙවන දරු උපත ලෙස දියණියක් ලැබීමත් සමගය.පොඩි දුවගේ සිනා වැලෙන්, පොඩි පුතුගේ කතා පෙළෙන් ප්‍රිය බිරිඳගේ සෙනේ පෙළෙන් නිමක් නැති වූ නිවහන සිසිරට නිවනක් විය. ඒ නිවන දුක් කන්දක් වූයේ නොසිතූ ලෙසය. එදින සුපුරුදු පරිදි සිසිර රැකියාවට ගොස් තිබුණි.

ඉරේෂා සිය වැඩිමහල් පුතු උපකාරක පන්තියෙන් කැටුව එන්නට පිටත් වූයේ සිය අවුරුදු දෙකහමාරක් පමණ වූ සුරතල් දෝණී බිම නිදි කරවාය. ආලින්දය වටා වැටක් ද ඉදිකොට තිබුණේ දෝණිගේ ආරක්ෂාවටමය. බල්ලෙකු වෙසින් පැමිණි මාරයා වැටෙන් ඉගිළී තිබුණි.ඉරේෂාගේ මවට ආලින්දයෙන් ශබ්දයක් ඇසුනෙන් ඇය දිව ගොස් බැලුවාය .සදක් සේ පිරිපුන්ව තිබූ දෝණිගේ මුහුණ හකු බැසී තිබුණි.ඉරේෂාගේ මවට කෑ ගැසිණි.

වහාම ඇය ව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරිණි.ඉන් ප්‍රතිකාර ලබා නිවසට පැමිණ ටික දවසක් වන තුරු දෝණී හොදින් සිටියාය. නමුත් ඇයව නැවතත් අසනීප වන්නට වූයෙන් පදවිය රෝහලට ඇතුළත් කළ වහාම අනුරාධපුර රෝහලට මාරුකර යවනු ලැබී ය. එහිදී හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ අතර දින තුනකින් උණ අඩු නොවුණි.

ඒ අනුව ඔක්සිජන් ද ලබාදුණි.එයින් ද පලක් නොව්ණි.ඉරේෂා ගේ වටේ දුවමින් වෙනදාට කෑම කැවූ දියණිය වෙනුවට ඉරේෂාට සිදුවූයේ ලී කදක් සේ ඇද මත ඔහේ සිටි දියණියට බටේකින් ආහාර ලබා දෙන්නටය.පසුව ඇයව රිජ්වේ ළමා රෝහලට ඇතුළත් කරනු ලැබීය.ඒ මීට අවුරුදු 05කට පෙර සිදු වූ සිදුවීම් දාමයක් ය.එදා නිවස පුරා දෝංකාර දුන් දෝණිගේ සිනා රැළි අද නොඇසේ.උඩුබැලිව බලගත් අත බලා හිදී. 

මොහොතක් දෝණි දෙස බලාහුන් ඉරේෂාට ඉකිය නවත්වා ගත නොහැකිවිය"මගේ දෝණි අවුරුදු දෙකහාමරක් වෙනකන් හොඳට හිටියා.මගේ දෝණිව හොඳ කරලා දෙන්න "යනුවෙන් වැදවැටෙන ඇයගේ දෙනෙතින් කදුළු කැට  රූටා වැටෙන්නට විය.සිසිරගේ දෙනෙතද කදුළින් බොද ව තිබුණි."මාසයකට සැරයක් දුවව කොළඹ එක්කගෙන යන්න වෙනවා.වියදමත් එක්ක ඒදේ කරන්න බැරි නිසා මාස තුනකට සැරයක් තමයි දැන් එක්කගෙන  යන්නේ.බස් එකක දුවව එක්කගෙන යන්න අපහසුයි. පැයකට සැරයක් එයාට වතුර දෙන්න ඕන. පැය 03කට සැරයක් කෑම දෙන්න ඕන"දිග සුසුමක් වාතලයට මුසු කළ සිසිර තවත් යමක් පවසන්නට උත්සහ කළේ ය."වෛද්‍යවරු කියන විදියට නම් දුවට තියෙන්නේ ස්නායු රෝගයක්.බෙල්ල  කඩාගෙන වැටෙනවා.මේ ලෙඩේ හොඳ කරන්න පුළුවන් වෛද්‍යවරයෙක්  හොයාගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්.ඒ බෙහෙත්වලටත් ලොකු වියදමක් යනවා.ඒවටත් උදව්වක් කරන්න පුළුවන් නම් ලොකු පිනක්."සිසිර අසරණ බැල්මකින් දෝණි දෙස බැලුවාය.සිනාසෙමින් දුව පනින දෝණිව ඔහු ඉදිරියේ මැවී පෙනෙන්නට ඇත.දුක් ගින්නකින් ඇවිලෙන මේ හදවත්වලට සහනයක් වන්නට පරිත්‍යාගශීලී ඔබටත් හැකිය.

D.M.S.E දිසානායක.
ගිණුම් අංකය- 474111
ලංකා බැංකුව 
පදවි පරාක්‍රමපුර ශාඛාව

                           
දුරකථන අංකය- 071 144 5476

De Lanerolle Brothers  - Colombo Port City Read Previous

De Lanerolle Brothers - Colombo Port City

Maxi Frock Read Next

Maxi Frock

Realted Post

Leave a comment