අබ ඇටයක් තරම් උනාට බලන්න එපාය වැඩ

අබ තෙල් අපට නම් එතරම් හුරු නැති තෙල් වර්ගයක් වුවත් අපට අසල්වැසි රටෙ මේ තෙල් වර්ගයෙන් ලබාගන්නා ප්‍රයෝජන එමටයි. හැබැයි අපිටත් මේ අබතෙල් වල ගුණ ඇහුවොත් ඔබ ටිකක් පුදුම වේවි. ඒ මොනවද කියලා අපි බලමු

මේ දිනවල තියෙන පොල්තෙල් ගැටලුවට විසඳුමක් ලෙස ආහාර පිසීමටද  භාවිත කළ හැකියි.

අබතෙල් වල විටමින් A,E,B1,B2,B6,B9, විටමින්K, වගේම ඔමේගා 03/06 වැනි හිතකර මේද අම්ලයන් ගෙන් සමන්විත සගන්ධවත් තෙල් වර්ගයකි.

"අබ ඇටයක් තරම් උනාට බලන්න එපැය වැඩ". යැයි ගැමි වහරේ පවතින්නෙකි.

අබ ඇටේ කුඩා වුවත් එහි ඇති ඖෂධීය වටිනාකම නම් කියා නිම කළ නොහැකි තරම්ය. 

මුඛ සෞඛ්‍ය සඳහා අබ තෙල් භාවිතා කරන්නේ මෙහෙමයි. 


මුඛ සෞඛ්‍ය සඳහා 

අවශ්‍ය ද්‍රව්‍ය 

  • තල තෙල් මිලි ලීටර් 100.
  • අබ තෙල් මිලීටර් 100.
  • සහිද ලුණු ස්වල්පයක්.

මේ සියල්ල එකට කලවම් කර එම ඖෂධීය ජලයෙන් උදේ සවස කට සෝදන්න. එමගින් මුඛ ආසාදන ,පනු රෝග , මුඛදුර්ගන්ධය වළකයි.

සටහන- මහේෂානි මීගහපොල

වෛද්‍ය උපදෙස්_
ආයුර්වේද වෛද්‍ය  නයන රශික නයනරෂිකා රාජපක්ෂ. 

වතු කම්කරුවන්ට වසර 25කට පසු සාධාරණය Read Previous

වතු කම්කරුවන්ට වසර 25කට පසු සාධාරණය

සුදු මැණිකෙලා දෙන්නෙක් Read Next

සුදු මැණිකෙලා දෙන්නෙක්

Realted Post

Leave a comment