ඔබේ ලිංගික ජීවිතය දරුවාගෙන් සඟවා ගන්න

දරුවෙකු තුළ ඇති වූ ගැටලුවක් පිළිබඳවයි අද කතා කරන්නෙ.  හතර වසර ඉගෙන ගන්න දරුවෙක් තම පංති භාර ගුරුතුමියට අඬ අඬා මෙලෙස කියා තිබුණා.
‘‘අනේ ටීචර් මගේ තාත්තා මගේ අම්මට රෑට හොඳටම ගහනවා”
ගුරුතුමිය අහල තිබුණා ඔයා දැක්කද කියලා.
ළමයා කියලා තියෙනවා ‘‘මම නිදියන්නේ වෙනම කාමරයක. මට ශබ්දයක් ඇහිලා අම්මලගේ කාමරේ ළඟට යද්දි ඇහුණා අම්මා කෑ ගහනවා. දොර ලොක් කරලා තිබුණෙ’’ කියලා.
මව පියා දෙදෙනා ගෙන්වා ගැරුතුමිය අවවාද කරලා තිබුණා. නමුත් ගුරුතුමියවත් නොදන්න සැඟවුණු කතාවක්  මවුපිය යුවළ මනෝ උපදේශකවරයා වෙත ගෙනැවිත් තිබුණා.
ඔවුන් පැවසුවේ දරුවාට ඇසී ඇත්තේ  දෙදෙනා අඬදබර කර ගන්නා අවස්ථාවක් නොවනබවයි. මේ සිදුවීම දරුවාට හසුවූයේ කවදාද යන්න කියන්න බැරි බවත් දරුවා මේ වනවිට මාසයක් පමණ කාලයක සිට පියා සමග කතා නොකරන බවත් ඔවුන් පවසා තිබුණා.
ඒ පවසන පරිදි පැහැදිලි වන්නේ මාසයකට පෙර ඔවුන් ලිංගිකව එකතුවීමේදී දරුවාට ඇසුණු ශබ්දය අනතුරුව දරුවා  සැමදාම අසන්නට පෙලඹී ඇති බවයි.
මවුපියන්ට තිබුණු ගැටලුව කුඩා දරුවකු වන ඇයට මේ සිදුවීම කෙසේ පැහැදිලි කරන්නද යන වගයි.
පාසල් ගුරුතුමිය පවසන්නේ දරුවාගේ අධ්‍යාපන කටයුතුද අඩාලවෙමින් පවතින බවයි.
මෙයට හේතුව දරුවාගේ මනසේ ඇඳි චිත්‍රයයි. එනම් දිනපතාම පියා විසින් මවට පහර දෙනවා ඇතැයි සිතේ ඇඳුණු චිත්‍රයයි.
එබැවින්  වැඩිහිටියෝ නිරන්තරයෙන්ම දරුවන්  නිවෙසේ සිටින වගට විමසිලිමත්ව සිටිය යුතු අතරම ලිංගික කාර්යයන්  පිළිබඳව දරුවන්ට දැනිය හැකි කිසිදු  ඉඩක් නොතැබීම අවශ්‍යයි.  මෙහිදි මනෝ උපදේශකවරයා විසින්  දරුවා ඉදිරියේ පියාට නැවත මවට පහරදීමක් සිදු නොකරනබවට සහතිකවීමට ඉඩ සැලැස්වූයේ එම කරුණ සම්බන්ධව දරුවා දැනුවත් කිරිම නොකළ යුත්තක් බැවිනි.
  කුඩා දරුවන් යනු අලුත් අලුත් දේ සොයා බලන අයයි. එක් දිනක් ඔවුන්ට අලුත් යමක් ඇස ගැටුණහොත්, ඇසුණොත් ඔවුන් එය අත්හදා බැලීමටත් නැවත නැවත එය විඳීමටත් පෙලඹෙයි.
මෙය දරුවන්ගේ වරදක් නොව කුඩා කාලයේ ඔවුන් තුළ තිබෙන්නාවූ පෞරුෂ ලක්ෂණයකි.  තමන්ගේ පෞද්ගලිකත්වය තිබිය යුතුමය. දරුවන් සිටියා වුණත් ඔබේ අවශ්‍යතා ඉෂ්ට කර ගත යුතුමය. නමුත් එය දරුවන්ට හානියක් නොවන පරිදි සිදුකර ගැනීමට කටයුතු කළ යුතු වේ.
දරුවාගේ පෞරුෂයට හානි නොවන අයුරින් සැමියා සහ බිරිඳ යන ඔබ  දෙදෙනා ලිංගික ජීවිතය රස විඳින්න.

වයස 57දීත් තරුණ පෙනුම රැකගත් ජෙනිෆර්ගෙ රහස් Read Previous

වයස 57දීත් තරුණ පෙනුම රැකගත් ජෙනිෆර්ගෙ රහස්

වයස 57දීත් තරුණ පෙනුම රැකගත් ජෙනිෆර්ගෙ රහස් Read Next

වයස 57දීත් තරුණ පෙනුම රැකගත් ජෙනිෆර්ගෙ රහස්

Realted Post

Leave a comment