ඔසප් කාලය ළං වෙනකොටත් ඇයව පරිස්සමින් බලා ගන්න...

වර්තමාන සමාජය තුළ අපට බොහෝ වශයෙන් දක්නට ලැබෙන්නේ වගකීම් සහිත කාන්තාවන්. ඔවුන් එදිනෙදා ජීවිතයේදී  බොහෝ සෙයින් කාර්ය බහුලව ඇත. 
පවුල හා රැකියාව අතර ඔවුන් මෙලෙස බෙහෙවින්ම කාර්ය බහුල වේ. මේ තුළ ඔවුන් ඉතා විශාල වගකීම් දරයි.
ඒ අතර ඔවුන්ට බොහෝ පීඩාවන් හා ආතතීන් රාශියකට මුහුණ දෙන්න සිදු වේ.
ඒ එක් පීඩාකාරී තත්ත්වයක් ලෙස  ඔසප්වීම ආසන්නයේ ඇති වන්නාවූ පීඩාකාරී තත්ත්වය හැඳින්විය හැකිය. මෙය ඔසප්වීමට සතියකට පෙර සිට ඇති වන තත්ත්වයකි.
මෙය Premenstrual Syndrome හෙවත් පූර්ව ඔසප් සින්ඩ්‍රොමය (PMS) වශයෙන් හැඳින්වේ.
මෙය මනෝ කායික රෝගයකි. එවිට ශරීරයට ඇතිවන වේදනාව දරාගෙන සිටීම තුළින්  මානසික වශයෙන් භාහිරට පිට වේ.
කාන්තාවන්ගෙන් 40%කට මෙම තත්ත්වය බලපාන අතර එය ඉතා පීඩාකාරී ලෙස ඔවුන්ගේ එදිනෙදා කාර්යන්ට බලපෑමක් එල්ල කෙරේ.
මෙම තත්ත්වය ඉතා දරුණු Disorder එකක් නොවුණත් මෙම තත්ත්වය සිය දිවි නසා ගැනීම දක්වා යන මානසික පීඩාකාරී තත්ත්වයක් බවට පත් විය හැකිය.
මෙම තත්ත්වය ඇතිවීමට හේතු,
හෝමෝන වෙනස් වීම
මොළයේ රසායනික ක්‍රියාවන්ගේ ඇති වන වෙනස්කම්
මානසික සෞඛ්‍ය අඩුවීම
මත්ද්‍රව්‍ය භාවිතය
නින්ද අඩුකම
වෙනදාට වඩා තරහා යාම. (සුළු දෙයකට පවා තරහා ඇතිවීම හෙවත් අධීක කෝපය)
Anxiety හා Dipression
නිතරම කාංසාමය ස්වභාවයකින් සිටීම හා සියල්ල එපා වුණා සේ හැසිරීම.
ආහාර අඩුකම
නින්ද අඩුවීම
සිතෙහි ඒකාග්‍රතාවයක් නොමැතිවීම
හිසරදය
මෙවැනි රෝග ලක්ෂණ පෙන්වන්නේනම් ඖෂධ ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුය. එවැනිම මානසික සුවපත් භාවය ඉතා වැදගත් වන අතර ඒ සඳහා මනෝප්‍රතිකාර ක්‍රමයන්ට යොමු විය හැකිය.
මනෝප්‍රතිකාර මොනවා ද?
භාවනාවන්හි යෙදීම
නිතරම ජලය පානය කිරීම
සිංදු ඇසීම
යෝග සිදු කිරීම
වැනි මනෝප්‍රතිකාරයන් තුළින් මෙම පූර්ව ඔසප් සින්ඩ්‍රෝමය සුවකර ගැනීමට හැකියාව පවතී. 

මහනුවර වසර 150ක් පැරණි කැන්ඩි ක්ලබ් ඉතිහාසය අඩංගු ග්‍රන්ථය Read Previous

මහනුවර වසර 150ක් පැරණි කැන්ඩි ක්ලබ් ඉතිහාසය අඩංගු ග්‍රන්ථය

අවැපහැ වූ දෙතොල් රෝස පාට කරගන්න Read Next

අවැපහැ වූ දෙතොල් රෝස පාට කරගන්න

Realted Post

Leave a comment