ඔසප් චක්‍රය පවතින අවධියේදී තිබෙන සමාජ මත

දැරිවියක් මල්වරයට පත්වූ දින සිට  අර්ථව හරණය ට පත්වන කාලය දක්වා සෑම මාසිකවම දින හතරක / පහක කාලය  තුළ ඔසප් චක්‍රය ක්‍රියාත්මක වනවා. මෙම කාලය තුළදී අපේ පැරැන්නන්ගේ සිට මේ දක්වා සම්බන්ධව විවිධ මත පවතිනවා.

ඇත්තෙන්ම එවැනි ජන මතයන් වල තියෙන සැබෑම වෛද්‍යමය කරුණු පිළිබඳ විමසුමකි මේ. 

මාසික ඔසප් කාලය ඇරඹුණු පළමු දින සිට ස්නානය සුදුසුයි ද?

ඔසප් කාලය පවතින දින කිහිපයේදී ස්නානය එතරම් සුදුසු නොවේ. 

ඔසප් චක්‍රය ක්‍රියාත්මක වන කාල සීමාවේ දී හෝමෝන ක්‍රියාකාරිත්වය හේතුවෙන් සිරුරේ උෂ්ණත්වය ඉහළ  යාම  සිදුවන බැවින් ඔසප් තරලය ක්‍රමානුකූලව සිරුරෙන් පිටවීම සිදුවනවා.  නමුත් ඔබ මෙදිනවල  ස්නානය සිදුකළහොත් සිරුර සිසිල් වී සිරුරෙන් පිටවන ඔසප් තරලය ගණවීමක් සිදුවී  ක්‍රමානුකූලව රුධිරය පිටවීම සිදු නොවේ. 

ඒ වගේම මෙම කාලයේදී ඔබ දිනපතා  ස්නානය සිදු කිරීමෙන් පසුකාලීනව ඔබට විවිධ වූ ගර්භාෂගත රෝගයන් ඉස්මතු වීමට පුළුවන්. 

නමුත් මෙතනදි ඔබට ස්නානය සිදු නොකර උණුසුම් ජලයෙන් ඇඟපත සෝදා පිරිසුදු වීම සහ එම ප්‍රදේශය පිරිසිදු කර ගැනීම කළ හැකියි. 

එමගින් මෙදින පවතින මානසික /කායික පීඩාවන් අවම කර ගැනීම සඳහා ද උණුසුම් ජලය භාවිතය වඩාත් යෝග්‍යයි.


තෙල්/ පිටි/ සීනි භාවිතය සුදුසුද? 

තෙල්/ පිටි /සීනි ආහාර මෙදින පමණක් නොවේ. නිරෝගී දිනයක වුවත් එතරම් ගැනීම සුදුසු නොවේ. පිටි අධික ආහාර වර්ගවල විශාල ලෙස පෝෂණ ගුණයක් අන්තර්ගත නොවන අතර සිරුරේ ශරීර ස්කන්ධ බර තවත් ඉහළ යාමක් පමණයි සිදුවන්නේ.

තෙල් සහිත ආහාර ගැනීමෙන් ආහාර ජීර්ණය අපහසු වීම වගේම ඔසප් චක්‍රය නිවැරදි ලෙස ක්‍රියාත්මක වීමට අවශ්‍ය හෝමෝන ක්‍රියාකාරිත්වය මන්දගාමී කරවයි. 

එම නිසා මේ අවධියේදී අධික තෙල්/ පිටි/ සීනි ආහාර ගැනීම නොකළ යුතුයි. 

ඒ වෙනුවට සමතුලිත පෝෂ්‍යදාහී හොඳින් ජීර්ණය වන සැහැල්ලු ආහාර ලබා ගැනීම කළ යුතුයි. 

ඒ වගේම හොඳින් වතුර පානය කළ යුතුයි. 

කෘත්‍රිම /රසකාරක/ අධික කුළුබඩු යෙදු/ උෂ්ණධික ආහාර /මධ්‍යසාර වැනි ආහාර පානයන් භාවිත නොකළ යුතුයි. 

තේ/ කෝපි වැනි කැෆේන් අඩංගු ආහාර/ පාන නොගෙන යුතුයි.

මෙවැනි කාලයේදී සුදුසු ආහාර වර්ග ලෙස එළවළු/ වර්ග/ පලා වර්ග/ පලතුරු වර්ග /සත්ත්ව ආහාර / කිරි ආශ්‍රිත නිෂ්පාදන ලබා ගැනීම සුදුසුයි. 

මේ කාලයේ ව්‍යායාම කිරීම සුදුසුද? 

අධික ව්‍යයාම කිරීම එතරම්ම සුදුසු නොවේ. 

එම නිසා ඔබ සාමාන්‍ය දිනවලදී සිදු කරන ව්‍යයාම වලින් ඈත් වී සරල ව්‍යායාම සිදු කළ හැකියි. 

එතනදි විශේෂයෙන් උදරා ආශ්‍රිත ප්‍රදේශයේ ක්‍රියාකාරීත්වය වැඩිකරවන ව්‍යායාම /යෝග/වැනි ව්‍යායාමය කිරීම සුදුසුයි.
මෙවැනි ව්‍යායාම සිදුකිරීමෙන් මාසික /කායික වේදනාව සමනය කර මානසික /කායික රිලැක්ස් භාවය ලබා ගත හැකියි.


පැනඩෝල් වැනි වේදනානාශක ලබා ගැනීම සුදුසුද ?

ඔසප් වේදනාව සහ ඒ හා සම්බන්ධ වෙනත් සංකූලතා දරුණු තත්ත්වයක පවතිනවා නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම කළ යුතුයි. 

සාමාන්‍ය වේදනාවකදී මෙවැනි වේදනානාශක ලබා ගැනීමට වඩා ඔබට නිවසේදී පහසුවෙන් භාවිත කළ හැකි ඔසප් ක්‍රියාකාරීත්වය නිරෝගී කරවන ස්වභාවික දේශීය ඖෂධ වර්ග භාවිත කළ හැකියි. 

එතනදි, 

කබලේ බැදගත්  කොත්තමල්ලි තැම්බු වතුර.

වියළි ඉඟුරු/ගම්මිරිස්/තිප්පිලි කරල් තැම්බූ වතුර 

කරාබු නැටි දෙකක්/ එනසාල් කරලක්/  කුරුඳු/ පොත්තක්/ සුදුලූණු බික් දෙකක් /කරපිංචා නැටි තැම්බු වතුර. 

එළවළු සුප්/බත් කැඳ/කොළ කැඳ. 

රණවරා/බෙලිමල්/නෙල්ලි-රසකිඳ/හාතවාරිය යුෂ/ඉරමුසු වැනි ඖෂධීය පාන වර්ග.

සිරුරේ ලේ වඩවන කෑම වර්ග බෝංචි/ සෝයා/ ගොටුකොළ/ නිවිති/ දඹල/ මුද්රප්පලන්/ අලි ගැට පේර /ධාන්‍ය වර්ග/ රතු තම්පලා/ මියනදළු/හතු/ අල කොල /බැරකොකු/ කෙසෙල් මුව /කොළ පැහැති එළවළු/ පලාවර්ග 

වැනි පෝෂ්‍යදායී ආහාර රටාවකට හුරුවීම. 

ඔසප්  ක්‍රියාත්මක වන කාලවකවානුවේ  කිල්ලට හසුවීම සුදුසුද? 

වැඩිහිටි බොහෝ දෙනා අතර පවතින මතයක් නම් අවමංගල්‍යය/  මංගල්ලය /බලි තොව්ල්/පන්සල්/ දේවාල කරා යාම සුදුසු නොවන බව. 

එයට හේතුව නම් මෙවැනි ස්ථානවල බොහෝ පිරිස් ගැවසෙනවා බැවින් විෂබීජ ඉක්මනින් ඇතුල්වීම විය හැකියි. ගර්භාෂයේ මේ කාලයේදී තරමක් ආසාදිත තත්ත්වයකින් පැවතීම හේතුවෙන් ඉක්මනින් විෂබීජ බොහෝ ප්‍රමාණයක් ඇතුළු විය හැකි බැවිනි. 


ලිංගික හැසිරීම් සුදුසුද? 

ඔබේත් /සැමියාගේ රුචිකත්වය අනුව ඔබට වේදනාවක්/ පීඩනයක් නොමැති නම් මේ දිනවල ලිංගික ක්‍රියාකාරීත්වයේ යෙදීම / රුචිකත්වය පරිදි පවත්වා ගැනීම කළ හැකි. 

නමුත් ඔසප් කාලයේදී ලිංගික  සංසර්ග ක්‍රියාවන් සිදු නොකරනවා නම් වඩා සුදුසුයි. එයට හේතුව නම් ඒ කාලෙදි  විෂබීජ ඇතුළුවීම සීග්‍රයෙන් වන බැවින් ඒ ගැනත් ඔබ සැළකිලිමත් වීම වැදගත්. 

ඔසප් දිනවල මානසික මට්ටම යහපත්ව තබා ගනිමින් /සනීපාරක්ෂාව පිළිබඳව අවධානය යොමු කරමින්/ පෝෂණීය ආහාර රටාව පවත්වා ගනිමින් /සනීපාරක්ෂා තුවා නිසි ලෙස  නිවැරදිව බැහැර කිරීමටත් ඔබ හුරුවිය යුතුයි. 

යම් දිනක ඔබේ මේ යහපැවැත්ම නිරෝගී/ වාසනාවන්ත දරු සම්පත්තකට අත්වැලක් සපයාවි.

සටහන :  මහේෂානි මීගහපොල.

උපදෙස් :

ආයුර්වේද වෛද්‍ය, 
විදුර රත්නාකර.  

 

කතරගම පුදබිමේදී යුද්ධ හමුදා ධජයන්ට සෙත් Read Previous

කතරගම පුදබිමේදී යුද්ධ හමුදා ධජයන්ට සෙත්

පොතපත ජීවිතයට සමීප මිතුරෙක් Read Next

පොතපත ජීවිතයට සමීප මිතුරෙක්

Realted Post

Leave a comment