කොතරම් බෙහෙත් කරත් සෙම අඩු නැද්ද?

සෙම කියන තත්ත්වය ඕනෑම වෙලාවක ඇතිවිය හැකි තරමක් කරදරකාරී රෝග ලක්ෂණ පහළ වන තත්ත්වයක්. 

සමහර අවස්ථාවල කොතරම් ඖෂධ ලබා ගත්තත් තරමක් සුව වී නැවත උස්සන්න වීමටද පුළුවන්. 

සෑම පුද්ගලයකුගේම සිරුර නිර්මාණය වී තිබෙන්නේ  වාත, පිත, කඵ කියන ත්‍රිදෝෂයන් ගෙන් එක් දෝෂයක් පුමුඛ වී තවත් දෝෂයක් අනුබද්ධ වීමෙනි.  

දෝෂයන් දෙකක් එකට මිශ්‍රව එනම්, වාත දෝෂයේ ප්‍රමුඛ පිත එක්ව සිරුර නිර්මාණය වීම, එසේ නැත්නම් කප දෝෂය ප්‍රමුඛ පිත් දෝෂය ප්‍රමුඛ සිරුර නිර්මාණය වීම ආදිය  උදාහරණ වශයෙන්, පුද්ගල සිරුරේ හට ගන්නා රෝගයන්ද එකින් එකට වෙනස් ස්වරූපයක් ගනියි. 

වැහිබර කාලගුණික තත්වයන් නැත්නම් අධික වැසි කාලයේදී සෙම් රෝග, ස්වසන පද්ධතිය ආශ්‍රිත සංකූලතා ඉහළ යාම දැක ගත හැකියි.

විශේෂයෙන් ආහාර ගැන කතා කිරීමේදී සෙම් රෝග වැඩි කරවන එනම්, සීතල ආහාර පාන වර්ග නිතර නිතර ආහාරයට එක් මේ තත්ත්වය තවත් වර්ධනය කරවයි. 

මොනවද මේ සීතල ආහාර කියන්නේ , බංඩක්කා, කිරි, කැකිරි, තක්කාලි. වැනි ආහාරයන් විශේෂයෙන් ම බාහිර පරිසරය සීතල දේශගුණයක් පවතින අවස්ථාවේදී ආහාරයට ලබා නොගැනීම ඔබ කළ යුතුයි. 

මේ සඳහා සුදුසු ආහාර වර්ගත් තියෙනවා. ඒ මොනවද කියලා බලමු? 

කොළ කැඳ බොහෝ දෙනාගේ මතයක් තියෙනවා සීතලයි කියලා.  නමුත් ශවසන පද්ධතිය ආශ්‍රිත සංකූලතාවයන්වලදී යටිනාරන්, මොණර කුඩුම්බිය, ගොටු කොළ, එලබටු කොළ, හීන් බෝවිටියා වැනි පත්‍රවලින් සැකසූ ඖෂධිය කැඳ වීදුරුවක් පානයෙන් ඔබට විශේෂිත ගුණ ලබා ගැනීමට පුළුවන්. 

එතනදී ශ්වසන පද්ධතිය නිරෝගීව ශක්තිමත් කරවයි. 

ඒ වගේම තැම්බුම් හොද්ද වැනි පාන වර්ග ලබා ගැනීමේ ශවසන පද්ධතිය පමණක් නොවේ,ආහාර ජීර්ණ පද්ධතිය ද යහපත් කර ගැනීමේ හැකියාවක් තිබේ.

සියඹලා, දෙළුම්, නෙල්ලි, අනෝදා, උගුරැස්ස ,බෙලි, නං නං , කෝලිකුට්ටු වැනි පළතුරු වර්ග  ආහාරයට ගැනීමෙන් පෙනහළු වල යහපත් සෞඛ්‍ය පවත්වා ගැනීමට උපකාරී වේ. 

කතුරු  මුරුංගා, එරබදු, තම්පලා, ඇඹුල් ඇඹිලිය වැනි පලා වර්ග ස්වසන පද්ධතිය ආරක්‍ෂා කරවයි .

ඒ වගේම ජීවන රටාව ඔබේ යහපත් කර ගැනීමද වැදගත් වෙයි. එතැනදී උණු වතුර භාවිතය තුළින් නිරන්තර මතුවන වෛරස් වලින් ආරක්‍ෂාවීමට පුළුවන්. 

එතනදි මද උණු වතුර පානය, සීතල වැඩි කාලයේදී මද උණු වතුර ස්නානය, සිරුර සේදීම.  බාහිර පරිසරයට ඔබ ගොස් පැමිණී විගස ස්නානයේදී පැඟිරි කුලයේ පාත්‍ර කිහිපයක් ජලයට මිශ්‍ර කර තම්බා එයින් නැඟෙන හුමාලය නාසයට, මුහුණට විනාඩි කිහිපයක් ඇල්ලීමෙන් ශ්වසන මාර්ග අපහසුතා මගහරවා ගැනීමට පුළුවන්, ඒ වගේම  කහ කැබැල්ලක් පුළුස්සා එයින් නැගෙන වාෂ්පය නාස් මාර්ගයට ආඝ්‍රහණය කිරීමෙන් වයිරස් වලින් මතුවන රෝගී අපහසුතාවයන් මගහරවා ගැනීමට පුළුවන්. 
අපේ මුතුන් මිත්තන්ගේ කාලයේ සිට අද දක්වා පැවත එන ඖෂධීය පානයක් ලෙස සැලකෙන ඉඟුරු, කබලේ බැදගන්නා කොත්තමල්ලි පානය මේ සඳහා විශිෂ්ට පානයක් වගේම ප්‍රතිශක්තිකරණයද මෙයින් වඩවා ගත හැකියි.

 

අදහස් දැක්වීම-

ආයුර්වේද වෛද්‍ය  තුෂාරි වන්නිආරච්.
අධ්‍යක්ෂක, 
පලාත් ආයුර්වේද  මහ රෝහල-දියතලාව. 

සටහන- මහේෂානි මීගහපොල.

ආචාර්ය නන්දා මාලනී මැදිරිය නමින් ගුවන් විදුලි සංස්තාවේ මැදිරියක් Read Previous

ආචාර්ය නන්දා මාලනී මැදිරිය නමින් ගුවන් විදුලි සංස්තාවේ මැදිරියක්

ජනපති සම්මානලත් වින්ද්‍යා Read Next

ජනපති සම්මානලත් වින්ද්‍යා

Realted Post

Leave a comment