කාන්තා මුහුණේ රෝම වැවීම ගැටළුවෙන් ඔබත් පීඩා විඳිනවාද

සිරුරේ රෝම හට ගැනීම ස්වභාවිකයි. නමුත් කාන්තා සිරුරේ අනවශ්‍ය ලෙස රෝම වේගවත්ව වර්ධනය වීම වගේම  මුහුණේ අනවශ්‍ය ලෙස රෝම වර්ධනය වීම කාන්තා රෝගයක පෙර නිමිත්තක් වගේම බාහිර පෙනුම අවලස්සන කරවන රූපලාවන්‍ය ගැටලුවක් ද වෙනවා. 

ඒ සඳහා ඔබට ගතහැකි නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධවයි මෙම කතාව.

Hirsutism ලෙස බටහිර වෛද්‍ය විද්‍යාවේදී හඳුන්වන අතර, දේශීය වෛද්‍ය විද්‍යාවට අනුව සිරුරේ පවතින ත්‍රි දෝෂ (වාත/පිත/සෙම්) විෂමතාවයන් හේතු කරගෙන හටගන්නා රෝගයක් ලෙස මෙම සළකනවා.

මෙහිදී විශේෂයෙන්ම පිත් දෝෂය විකෘති වීම හේතුවෙන් ඇතිවන හෝමෝන අසමතුලිතතාවය නිසා මතුවන කාන්තා රෝගවල රෝග ලක්ෂණයක් ලෙස මෙය හඳුනා ගනී. 

මෙම රෝග ලක්ෂණයේදී අනවශ්‍ය ලෙස මුහුණේ උඩුතල , නිකට, පපු ප්‍රදේශය, පියයුරු, උදරය, පිට වැනි ස්ථානයන්හි පිරිමි පුද්ගලයන්ගේ මෙන්  රෝම ගනව ,තද වර්ණයෙන් වර්ධනය වීම සිදුවෙයි. 

මෙම රෝම වර්ධනය මුල් අවධියේදී හිතා සියුම්ව රෝම එකක් ,දෙකක් ලෙස වර්ධනය සිදුවී හෝමෝන අසමතුලිතතාවය වැඩි වීමත් සමඟ පුරුෂ පක්ෂය ගෙ මෙන් දිනපතා රැවුල ඉවත් කරන්නා ලෙස රෝම කොටස් ඉවත් කරන තරමට අධික ලෙස වර්ධනය වීම සිදුවෙයි.

මෙවැනි තත්ත්වයන් පවතින කාන්තාවන්ගේ  කාන්තා සිරුරේ ස්වභාවිකව පැවතිය යුතු පුරුෂ හෝමෝන මට්ටම (Androgen) අස්වාභාවික ලෙස ඉහළ යාමක් හෝ සමේ රෝම කූපයන් හෝමෝන වලට අධි සංවේදී වීම ද හේතුවක් වෙයි. 

ඒ වගේම PCOS රෝගය, අධික මානසික පීඩාව හේතුවෙන් හෝමෝන ක්‍රියාකාරීත්වය වැඩිවීම, තයිරොයිඩ් හෝමෝන ආශ්‍රිත අසමතුලිතතාවය, ජානමය හේතු වැනි බොහෝ හේතුන් මේ රෝග තත්ත්වයට බලපායි. 

මෙම රෝගය හෝමෝන ආශ්‍රිත පවතින ගැටලුවක් බැවින් කාන්තා ඔබේ දින චර්යාව නිවැරදි ලෙස සාදා ගැනීම කළයුතුයි. 
එහිදී නිවැරදි ආහාර රටාව, නිවැරදි දින චර්යාව වගේම නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර වලට යොමුවීමෙන් මේ තත්ත්වය සුව කර ගත හැකියි.

දෛනික පෝෂණය ගැන කතා කිරීමේදී නිවැරදි පෝෂ්‍යදාහි ආහාර රටාවකට දිනපතා හුරුවීම කළ යුතුයි.

සීනි, පිටි බහුල ආහාර වලින් ඈත්වීම වගේම හෝමෝන මගින් විකෘති කරන ලද ආහාර වර්ග වලින් සම්පූර්ණයෙන්ම ඉවත්වීම කළ යුතුයි. 

අවේලාවේ ආහාර ගැනීම සහා එකිනෙකට විරුද්ධව පවතින ආහාර නොගැනීම කළ යුතුයි. 


මීට අමතරව, 

 

  • උළු හාල් පෙඟෙන්න දැමූ වතුර වීදුරුවක් දිනපතා පානයට ගැනීම. 
  • ආහාර වේලකට කළුදුරු, සූදුරු වැනි ද්‍රව්‍ය එකතු කර ගැනීම.
  • දිනකට නෙල්ලි ගෙඩි හතරක්/ පහක් කෑමට ගැනීම. 
  • මානසිකත්වය යහපත් ලෙස තබා ගැනීම. 
  • ප්‍රමිතිගත ,ගුණාත්මක රූපලාවන්‍ය ආලේපන භාවිත කිරීම. 
  • දිනපතා විනාඩි තිහක/ පැයක අතර කාලයක් ව්‍යයාම වල නිරතවීම. 
  • මෙවැනි යහපත් දින චර්යා වගේම නිවැරදි ආහාර රටාවකට හුරුවීම සහා  නිවැරදි ප්‍රතිකාර රටාවක් වෙත යොමුවීම තුළින් හෝමෝන අසමතුලිතතාවයන් නිසා හටගන්නා සිරුරේ අභ්‍යන්තර රෝග වලට වගේම රූපලාවන්‍ය ගැටලු වලටද නිවැරදි විසඳුමක් ලබා ගත හැකියි.

සටහන - මහේෂානි මීගහපොල.

උපදෙස් 
ආයුර්වේද වෛද්‍ය, 
ප්‍රබෝධා රණතුංග.

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ  අපවත්  වෙති Read Previous

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ අපවත් වෙති

වැළිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් ඇරඹේ Read Next

වැළිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් ඇරඹේ

Realted Post

Leave a comment