ගර්භනී අවධියේ දී දරුවා ලැබෙන්න ආසන්න සමයේ දී හැසිරිය යුතු අයුරු

ආහාර ලබා ගැනීම -

ඛනිජ ලවණ, ෆෝලේටි, යකඩ,  කැල්සියම්, විටමින් වර්ග, තන්තු සහිත ආහාර මේ කාලයේ ප්‍රමාණවත් ලෙස ගත යුතුයි.

ඇට වර්ග සහ පියළි -

උඳු, කඩල, කව්පි, මුං ඇට, කොල්ලු, සෝයා වැනි ධාන්‍ය වර්ග පැය දොළහක කාලයක් පෙගෙන්නට තබා ආහාරයට ගැනීමෙන් අවශ්‍ය විටමින්, සුද්ද පෝෂක සිරුරට පහසුවෙන් අවශෝෂණය කරගත හැකියි. 

කිරි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන -

කිරි, යෝගට්, මී කිරි, චීස් මෙවැනි ආහාර ගුණ වුවත් කල් ඉකුත් වීමේ දිනය පිළිබඳ සොයා බලා ආහාරයට ගැනීම කළ යුතුයි. 

පලතුරු -

මෙයින් මලබද්ධය වළක්වා ගැනීම වගේම ප්‍රතිඔක්සිකාරක ගුණය වර්ධනය කර ගත හැකියි. ඒ සඳහා කෙසෙල්, ඇඹරැල්ලා, දෙහි, දොඩම්, නාරං වැනි වර්ග ගත හැකියි. 

එළවලු -

එළවලු තම්බා, එළවළු සුප්, එළවළු යෙදූ ආහාර වර්ග, පිට්ටු, රොටී වැනි ආහාර වර්ග ලබා ගැනීම. 

හිතකර පාන වර්ග - 

තැඹිලි, හොඳින් වතුර පානය කිරීම, එළවළු සුප්. 
තේ, කෝපි වැනි දෙයක් ඔබ ගන්නවා නම් ආහාර ගැන පැය දෙකකට පසු භාවිතා කරන්න.

තෙල් සහිත බීජ වර්ග -

රටකජු, ආමන්ඩ්, කජු, වට්ටක්කා ඇට දිනකට මේස හැඳි දෙකක්, හතරක් ගැනීම ප්‍රමාණවත්. 

ව්‍යායාම -

ඇවිදීම වැනි ව්‍යායාමයක් දිනපතා සිදු කිරීමේ වඩාත් සුදුසුයි. එහි දී ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම වැදගත් වෙනවා. එම නිසා වතුර බෝතලයක් රැගෙන යාමට අමතක කරන්න එපා. 

මානසික සෞඛ්‍ය - 

ඔබ අදහන ආගමක නිරත වීම, විනෝදයෙන් කාලය ගත කිරීම, පවුලේ අයත් සමඟ සතුටින් කාලය ගත කිරීම, භාවනාවක යෙදීම, සුදුසු යෝග අභ්‍යාසයක නිරත වීම, මිහිරි සංගීත රාවයකට යොමුවීම, සිත නිවන පොතක් පතක් කියවීම, රූපවාහිනී වැඩසටහන්වල සිත නිවන දෙයක් නැරඹීම සිදුකළ හැක.

නිදා ගැනීම -

අවසාන කාලයේ දී උදරය විශාල වීම සහ හුස්ම ගැනීමේ අපහසුතා වැනි හේතු නිසා ඔබගේ නින්දට බාධාවක් විය හැකියි. 


ඔබගේ සිරුර ඉහළ කොටස මඳක් එසවෙන සේ කොට්ට තබා පැත්තට හැරි නිදා ගැනීමෙන් එම අපහසුතා සමනය සිදුකරයි. 

සටහන - මහේෂානි මීගහපොල

අදහස් දැක්වීම - මාතෘ හා ළමා උපදේශිකා, 
ශ්‍යාමලී පතිරගේ

සිරිකත ,කැලණි නදී අවුරුදු කුමරා කුමරිය  සහ විවාහක අවුරුදු කුමරා කුමරිය  2026 Read Previous

සිරිකත ,කැලණි නදී අවුරුදු කුමරා කුමරිය සහ විවාහක අවුරුදු කුමරා කුමරිය 2026

මඩකලපුවේ කාන්තා ඝාතනයේ සැකකරුවන්ට නීතීඥ සහාය නොදෙන්නැයි බලකර  විරෝධතාවයක්.. Read Next

මඩකලපුවේ කාන්තා ඝාතනයේ සැකකරුවන්ට නීතීඥ සහාය නොදෙන්නැයි බලකර විරෝධතාවයක්..

Realted Post

Leave a comment