ගර්භාෂය සිසිල් කර දරු ඵල ධාරණයට පොකුරු වද මල්

පොකුරු වද මල් සිරුර සිසිල් කරන අතර ලේ පිරිසුදු කරනවා. සමට හිතකරයි . වගේම සමේ පැහැය වඩවනවා. ඒවගේම හිස කෙස් කලු හා දීප්තිමත් කරනවා. කාන්තාවන්ගේ ගර්භාෂය සිසිල් කර දරු ඵල ධාරණයට උපකාර වෙනවා .

වද මල් යුෂයෙහි අන්තර්ගත සමහර රසායනික සංයෝගවලට (Antioxidants) රුධිරයේ ඇති කොලෙස්ටරෝල් ඇතුළු අඩු ඝනත්ව “ලිපොප්‍රෝටීන” (LDL) ප‍්‍රමාණය අවම කළ හැකි බව පර්යේෂණ වලින් සොයා ගෙන තියෙනවා . ඒ නිසා සිරුර කෙට්ටුවට තබා ගන්නද උපකාරී වෙනවා .

ඒ නිසාම ඔබ කැමති ඇති පොකුරු වද මල් පානයක් සකසා රසවිඳින්න .

අලුත පිපුණු පොකුරු වදමලක් ගෙන සෙමින් සෝදන්න .මොකද අවටින් නැවුම්ව නෙලා ගත්තාට කෘමි සත්තු ඉන්න පුළුවන් . පස්සෙ හෙමින් මල් පෙති අයින් කරගෙන උණුවතුර වීදුරුවකට දමා වසා තබන්න. එහිදී වතුර පැහැය ලස්සන තද රතු පැහැයකට හැරී තිබෙනවා දැක ගන්න පුළුවන් . දැන් මේ වතුර පෙරා ගෙන අවශ්‍ය නම් පිරිසිදු මී පැණි, දෙහි බිංදු කිහිපයක් , ලුණු දමා ඔබට රස බලන්න පුළුවන් .

කොණ්ඩයෙහි නිරෝගී බව ,කලු දීප්තිමත්බව රැක ගන්න.

පොකුරු වද මල් තම්බා අඹරා හිස්කබලේ හා හිස කෙස් වල ආලේප කර විනාඩි 20 තියප ඇල් දියෙන් සෝදා හරින්න . එය නිරෝගී කලු ඝන හා දීප්තිමත් කෙස් කළඹක් ඔබට හිමි කර දෙනවා . මල් යුෂ ඇහි බැම වල පිරි මැදීමෙන් ඇහි බැම හොඳින් වැඩෙනවා .


ආයුර්වේද වෛද්‍ය චේතිකා නාගහවත්ත රක්වාන ආයුර්වේද රෝහල

සටහන - මහේෂානි මීගහපොල

“මට මේක පුළුවන්” කියන කාන්තාවක් වෙන්න Read Previous

“මට මේක පුළුවන්” කියන කාන්තාවක් වෙන්න

“මට මේක පුළුවන්” කියන කාන්තාවක් වෙන්න Read Next

“මට මේක පුළුවන්” කියන කාන්තාවක් වෙන්න

Realted Post

Leave a comment