ගෑස්ට්‍රයිටීස් මට්ටු කරන්න කැමති ඔයාට

ගොඩක් දෙනෙක්ට බහුලව සෑදෙන ගෑස්ට්‍රයිටීස් හෙවත් අම්ලපිත්ත රෝගය පිළිබඳ මෙවර ලංකාදීප Online හෙද අරණෙන් සාකච්ඡා කෙරුණා. ඒ දේශීය ආයුර්වේද වෛද්‍ය පාලිත ශ්‍රී ගීගන ආර්ච්චිගේ සමඟයි.

රෝග ලක්ෂණ -

ආම්ලික ගතිය උගුරට ඒම
ඇස් දැවිල්ල
ආහාර ගත් විගස වැසිකිළි යාම
ඔක්කාරය
පපුව කකියෑම
බඩ පුරවා දැමීම 
සමහර රෝගවල රෝග ලක්ෂණයක් ලෙස ද අම්ල පිත්ත රෝගය සෑදෙන්න පුළුවන්. 

රෝගය සෑදීමට හේතු -

උෂ්ණ, ආම්ලික ගතිය අධික ආහාර නිරන්තරව අනුභවය
රාත්‍රියේ ගන්නා ක්ෂණික ආහාර හා බර වැඩි ආහාර
මානසික සෞඛ්‍ය නැතිකම

මෙම රෝගය් සමඟ ඇතිවන තත්ත්වයන් -

ආමාශ ගත තුවාල
රුධිර ගැලීම්
අධි රුධිර පීඩනය
හදවත් රෝග

වැළකී සිටීමට නම්,

දිරවීමට පහසු ආහාර ගැනීම
පිටි සහිත ආහාර ගැනීමෙන් වැළකීම
ආහාර වේල් අතර නිසි පරතරය
ක්ෂණික ආහාර ගැනීමෙන් වැළකීම
තෙල්, බැඳුම් සහිත ආහාර අවම කිරීම

සුදුසු ආහාර -

පුහුල්, පිපඤ්ඤා, පලාවර්ග, කොළකැඳ, දියබත්, හීන්බෝවිටියා කැඳ, ආනමාලු කෙසෙල්, හාතාවාරිය කැඳ

මෙම අම්ල පිත්ත රෝගය හදවත් රෝග සමඟත් ඇතිවෙන්න පුළුවන්. එම නිසා නිසි වෛද්‍ය ප්‍රතිකාර ලඹා ගැනීමත් අත්‍ය‍වශ්‍යයයි.

උපුටා ගැනීම - ලංකාදීප Online හෙද අරණ

සටහන - සහශ්‍රිකා දයානන්ද

වතු කම්කරුවන්ට වසර 25කට පසු සාධාරණය Read Previous

වතු කම්කරුවන්ට වසර 25කට පසු සාධාරණය

වතු කම්කරුවන්ට වසර 25කට පසු සාධාරණය Read Next

වතු කම්කරුවන්ට වසර 25කට පසු සාධාරණය

Realted Post

Leave a comment