තෙල් වළේ ගැටලු මෙහෙම විසඳගන්න

තෙල් වළේ ඇතිවන ගැටලු

  • තෙල් වළ සාමාන්‍ය ප්‍රමාණයට වඩා කුඩා හෝ විශාල වීම
  • වයස අවුරුදු එක හමාර පසුවීත් තෙල් වළ වැසී නොයැම

මෙවැනි වෙනස්කම් පෙනෙයි නම් ළමා රෝග වෛද්‍ය සායනයකට පෙන්වීම අනිවාර්ය වෙනවා. එසේම චූටි පැටියාගේ එම කොටස ඉදිමී ඉහළට එසවී පෙනෙයි නම් පමා නොකර වෛද්‍ය උපදෙස් ගත යුතුයි. විශේෂයෙන් මෙම රෝග ලක්ෂණ සමග දරුවාට උණ තිබේ නම්, වමනය වැනි තත්ත්ව පවතී නම්, කිරි උරා බිම ප්‍රතික්ෂේප කරයි නම් එය මොළයේ ආසාදනයක ලක්ෂණයක් විය හැකියි. එසේ පෙනේ නම් වහාම දරුවා රෝහල්ගත කිරීම අවශ්‍යයි.

අඩු සති ගණනකින් ලැබුණු බබෙක් නම් (Premature) සාමාන්‍ය දරුවෙකුට වඩා තෙල්වළ විශාල වීමේ හැකියාව පවතිනවා..

  • තෙල්වළ ඇතුළට නෙරීම /ගිලා බැස තිබීම

Fontanelle හෙවත් තෙල් වළ සාමාන්‍යයෙන් අතට අහුවෙන දෙයක් හිසේ (කපාලයේ) අනිත් තැන්වලට වඩා එම ස්ථානය හරිම සියුම් මේ නිසා තවත් චූටි බබාලා ඉන්න තැන්වලදි (පුංචි දරුවෝ ආදරේට පැටියාගේ හිස තදින් අල්ලන්න පුළුවන්), ඔළුව සේදීමේදී, පිරිමැදීමේදී. හිසකෙස් පිරීමේදී මවුපියන් ඉතාම අවධානයෙන් ක්‍රියා කළ යුතුයි. සාමාන්‍යයෙන් එම ස්ථානය ඉස්සීම. පහත්වීම සාමාන්‍යයි සීතා අඬනකොට පවා ඉස්සෙන්න පුළුවන්.

එහෙත් දිගටම එම ස්ථානය ඉස්සී තිබේ නම් (මෙනින්ජයිටිස් වැනි මොළේ ආසාදන තත්ත්ව වෙන්න පුළුවන් එහෙමත් නැතිනම් දිගටම පහත් වී ගිලී තිබේ නම් (විජලනය වැනි තත්ත්වයකදී විය හැකිය) එවැනි අවස්ථාවක අනිවාර්යයෙන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි.

උපදෙස් ප්‍රජා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ස්ථාන භාර වාට්ටු කළමනාකරණ හෙද සොයුරිය 
ආර්.එම්.එන්. රාජනායක

සටහන - නදීශා අතුකෝරල

SOS ළමා ගම්මාන සංවිධානය දරුවන්ගේ දක්ෂතා කරළියට Read Previous

SOS ළමා ගම්මාන සංවිධානය දරුවන්ගේ දක්ෂතා කරළියට

SOS ළමා ගම්මාන සංවිධානය දරුවන්ගේ දක්ෂතා කරළියට Read Next

SOS ළමා ගම්මාන සංවිධානය දරුවන්ගේ දක්ෂතා කරළියට

Realted Post

Leave a comment