දරුවන්ට නිතර සවන් දෙන දෙමාපියන් සාර්ථක දෙමාපියන්

වර්තමාන කාර්යබහුල ජීවන රටාවත් සමඟ දෙමව්පියන්ට දරුවන් සමගත් දරුවන්ට දෙමාපියන් සමඟත් ගත කරන්න ලැබෙන කාලය සීමිතයි. සමහරවිට ඔයාලටම හිතෙන්න පුළුවන් අනේ ඉතින් අපි දරුවන්ට ඕන කරන හැමදේම කරනවනේ එයාලා වෙනුවෙන්නෙ මේ මහන්සි වෙන්නේ එයාලා කියන්න ගත්තහම නවත්තන්නෙත් නැහැ මේ වැඩත් එක්ක එයාලා කියන ඒවා අහගෙන ඉන්න කාලයක් කොහෙන්ද කියලා. ඇත්තටම මේ ඇල්මේ දුවන ජීවන ගමනත් එක්ක දෙමාවිපියෝ සේරම කරන්නේ දරුවන්ගේ යහපත වෙනුවෙන් තමයි එතනදි දරුවා සමඟ විවේකීව නිදහස්ව කාලය ගෙන කතාබස් කිරීම අවශ්‍යද එය දරුවාගේ පැත්තෙන් මානසික කායික දරුවාගේ ඉදිරි පැවැත්මට කොතරම් වැදගත් ඒ ගැනයි මේ විමසුම. 


ඇත්තටම දරුවාට සවන් දීම අවශ්‍යමද? 

ඔව්. අද සමාජය තුළ දෙමාව්පියෝ බොහෝ කාර්යබහුලයි. රැකියාව නිසා ගෙදර වැඩ හේතුවෙන් දරුවාගේ අධ්‍යාපන වැඩ වෙනත් දෛනික වැඩ පවුල් ගැටලු මෙවැනි හේතූන් නිසා දෙමාපියන් ඇත්තෙන්ම කාලය ගත කරන්නේ ක්‍රියාත්මක කරගත් රොබෝ යන්ත්‍රයක්  වගේ. එතනදි ඔබට කියන්න පුළුවන් අපි මේ හැමදේම කරන්නේ දරුවන්ගේ අනාගත සුභ වෘද්ධිය වෙනුවෙන් කියලා. එය එක් පැත්තකින් නිවැරදියි. නමුත් ඔයාලා දන්නවද දරුවකුට සවන් දීම කියලා කියන්නේ දෙමාපියන්ගේ පැත්තෙන් අතිශයින් වැදගත්වන එය මනෝවිද්‍යාත්මක පවා පැහැදිලි කර තිබෙන දෙයක් .


දරුවාට සවන් දෙනවා කියන්නේ ඒ කොහොමද? 

දරුවාට සවන් දෙනවා කියන දෙය මේ අපි කතාබහ කරන වචන ඇසීමම පමණක් නෙමෙයි. 
එයින් දරුවන්ගේ හැසිරීම්, හැඟීම්, අවධානය ,ආදරය, විවිධ ජීවන ප්‍රතිචාර යන සියල්ල මේ සවන් දීම කියන ක්‍රියාකාරකමත් සමග බැඳිලා තියෙනවා. එතනදී දරුවාට හැඟෙන්න ගන්නවා අනේ මම තනිවෙලා නැහැ කියන දෙය.මම කියන දේ අහන්න කෙනෙක් ඉන්නවානේ කියන දෙය එතනදි එයාගේ හිතට ගතට ලැබෙන ප්‍රබෝධය,  තෘප්තිමත්, ආදරණීය, ආරක්ෂිත බව එයාගේ මුළු ජීවිත කලා කාලයම යහපැවැත්මට උදව් වෙනවා. 


දෙමාපියන් දරුවාට ඇහුම්කන් දීමෙන් ලැබෙන වාසි


සුවිශේෂී වාසි රැසක් තියෙනවා. 

  • දරුවාගේ ආත්ම විශ්වාසය වර්ධනය වීම. 
  • මෙය දරුවාගේ ස්වයං වටිනාකම වගේම ආත්ම විශ්වාසය වැඩි කරවන්න හේතුවක් වෙනවා.
  • සන්නිවේදන හැකියාව වර්ධනය වීම. 
  • එමගින් දරුවා හොඳ සමාජ ශීලී, අන් අය සමඟ හොඳ මිත්‍රශීලී දරුවකු බවට පත්වීම. 
  • ආතතියෙන් තොර  අයුතු හැසිරීම් අඩුවීම. 
  • බොහෝවිට දරුවන් අයුතු ලෙස හැසිරෙන්නේ තම හැඟීම් බෙදාගන්න කිසිවෙකු ළඟ නොමැති වීමෙනි. නමුත් එයාලට ආදරණීයව සවන් දෙන්නෙකු සිටීමෙන් සන්සුන්, මානසික ,සුවපත් දරුවකු ලෙස සමාජගත වීම ඉබේම සිදුවෙනවා. 
  •  
  • දෙමාපියන් දරුවන් අතර මනා ශක්තිමත් සබඳතාවයක් බිහිවීම. 

 

එය යහපත් පුරවැසියෙකු පවුලට රටට බිහි කිරීමට දිගු කාලීන ව අමිල මෙහෙවරක්  වෙනවා. 


දරුවන්ට දෙමව්පියන් සවන් දීමෙන් ලැබෙන වාසි.


දරුවා ගැන හොඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීම වගේම දරුවාගේ හැසිරීම් රටාව තේරුම් අරගැනීමෙන් දරුවා සම්බන්ධ ඇති වන පවුල් ආරවුල් අඩුවී ,යහපත් ආදර්ශමත් පවුලක් ගොඩනංවා ගැනීමට උපකාරී වීම. 


දරුවාට සවන් දීම  හැකි ප්‍රායෝගික ක්‍රම. 

ඔබට හිතෙන්න පුළුවන් මේ මොනවා කිව්වත් කෝ අනේ වෙලාව කියලා. එහෙම හිතන්න එපා හිතුවොත් මේ ලෝකයේ වෙනස් කරන්න බැරි දෙයක් නැහැ. පහත සඳහන් ප්‍රායෝගික ක්‍රම ඔබට ඕනා තරම් අත්හදා බලන්න පුළුවන්. 

මේ සඳහා දවසේ නිශ්චිත කාලයක් තබා ගැනීම, මෙය දෛනික වැඩ රාජකාරී අතරතුර සිදුකළ හැකිවීම, එතනදි කුඩා දරුවෙකු නම් ඔබට රාත්‍රී නින්දෙදි දරුවා සමඟ සෙල්ලම් ,  කතන්දර වැනි දේවල් භාවිතා කරමින් දරුවා සමග ආදරණීය කතාබහකට යොමුවෙන්න පුළුවන්. දරුවාට සක්‍රීයව සවන් දීමට පුහුණුවීම. 

මෙවැනි ක්‍රම අත්හදා බලන්න පුළුවන්.

ඒ වගේම දරුවාට සක්‍රීයව සවන්දීම වගේම දරුවා පවසන දෙය වැරදි පවතී නම් එයට එකවර දෝෂාරෝපණයක් නොකර මුලින්ම ඔවුන්ගේ හැඟීම් තේරුම් ගෙන පසුව ආදරෙන් කතාබස් කර ඒ වැරැද්ද එහෙම නැත්නම් උපදේශයක් අඩුපාඩුවක් ඔබට පෙන්වා දෙන්න පුළුවන්. 

ඒ වගේම ඔබ දරුවා සමඟ කතා කරන විට ජංගම දුරකථන වැනි දේවල් පසෙක තබා දරුවාගේ සහ ඔබේ දෑස් එක්නෙකට සෘජුව මුණගැසෙන ලෙස කතාබස් කරන්න උත්සාහ ගන්න. එයට එක් හේතුවක් නම් සමහර දරුවන් ඉන්නවා වචනවලින් නොපැසුවත් මුහුණේ ඉරියව් හැසිරීම්වලින් දරුවාගේ හැඟීම් පෙන්වනවා එවැනි හැඟීම් තේරුම් ගැනීමට නම් දරුවාගේ දෑස් ඔබේ දෑස් එකිනෙකට මුණ ගැසීම හිතාම වටිනවා. 

දරුවන්ට නිතර සවන් දීමෙන් ඔබට හොඳ පෞර්ෂවත් ගුණ යහපත් දරුවෙකු  ගොඩනංවා ගැනීමට හැකි වෙනවා.

සටහන
මහේෂානි මීගහපොල.


උපදෙස්
ප්‍රවීණ මනෝ උපදේශිකා ආචාර්ය භාග්‍යා අබේසිංහ. 

මහනුවර   නගරයේ සියලුම ඉන්ධන හල්   ඉදිරිපිට දිගු  රථවාහන පෝළිම්.. Read Previous

මහනුවර නගරයේ සියලුම ඉන්ධන හල් ඉදිරිපිට දිගු රථවාහන පෝළිම්..

සිරිකත කුස්සියේ රහස් Read Next

සිරිකත කුස්සියේ රහස්

Realted Post

Leave a comment