දරුවාට ලස්සන දත්

දරුවන්ට දත් මෝදුවෙන්න කලින් අපිට දකින්නට ලැබෙන දේ තමයි දරුවා අතට හසුවන දේ හපන්න උත්සාහ කිරීම. අතට අහුවෙන හැමදේම කටේ දාගන්න බලනවා. එහෙම වෙන්නෙ දත් මෝදු වෙන්න කිට්ටු වෙනකොට විදුරු මස තුනීවෙනවා.  අම්මා කිරි දුන්නම අම්මගෙ තනපුඩු පවා හපන්න ගන්නවා, එහෙම කරන්නෙ ඒ එයාට දැනෙන සංවේදනය හින්දා. මේ නිසා දරුවට දැනෙන සංවේදනය නිසා විදුරුමස්වල කසන ගතියක්, වගේ වේදනාවක් දැනෙන්න පුළුවන්.

විදුරුමස් තුනී වෙලා දත මෝදු වන්නේ විදුරුමස් පළාගෙන. විදුරුමසේ තද ගතිය නිසා මේ ක්‍රියාවලිය සිදුවෙද්දි පැටියාට තද වේදනාවක් දැනෙනවා.  මේ වේදනාව නිසා දරුවට උණ ගතියක් ඇතිවෙන්න  පුළුවන්. නමුත් හැම දරුවටම උණ එන්නෙ නෑ. ඒක තීරණය වෙන්නෙ විදුරුමසේ තද ගතිය නිසා ඇතිවන වේදනාව සමග.  දරුවට උණ 1000C වලට වඩා වැඩි වෙනව නම් පැරසිටමෝල්  දෙන්න පුළුවන්. බොහෝ දරුවන් දත් ඒමට සති කිහිපයකට පෙර  කෙඳිරි ගෑම, කෙළ පෙරීම වැනි ලක්ෂණ පෙන්නුම් කරන්න පුළුවන්. නමුත් සමහර කුඩා දරුවන් තුළ  මෙවැනි කිසිදු සංඥා දිස්වන්නෙ නැහැ.

  • බබා ගේ දත් දෙකක් වුණත් එ් දත   මදින්න           

   බබා ගේ පළමු දත මතු වූ වහාම දත් මැදීම ආරම්භ කළ යුතු  වෙනවා. දිනකට දෙවරක් ළදරු දත් බුරුසුවක් හා ළදරු දන්තාලේපයක් ආධාරයෙන් දත් මැදීම කළ යුතුයි. ඒ සඳහා ෆ්ලෝරයිඩ් අඩංගු ළදරු දන්තාලේපයක් භාවිත කිරීම සුදුසු  වෙනවා. දත් බුරුසුවක් තෝරාගැනීමේදී හිස කොටස කුඩා, සුමට කෙඳි සහිත, ළදරු දත් බුරුසුවක් සුදුසු වෙනවා.

  • මව්කිරි නිසා කිරි දත්වලට බලපෑමක් ඇති වෙනවාද?                   

මාස 6 ක් වන තුරු දරුවන්ගේ එකම ආහාරය වන්නේත් මව්කිරි පමණයි. එහෙත් මව් කිරිවල අඩංගු සීනි නිසා කිරි දත්වලට හානිකර විය හැකියි. දිගු වේලාවක් දත් මත රැඳෙන සීනි මඟින් දත් කුහර ඇති වී දත් දිරා යාමට  පුළුවන්.

  • සූප්පුවට දත්වල ගැටලු  ඇති  වෙනවද?                                                                              

ළදරුවන්ගේ ප්‍රධාන නැළවීමේ මාර්ගය ලෙස උරා බීම දක්වන්න පුළුවන්. මේ සඳහා මව්වරුන්  අලුත උපන් දරුවන්ට සූප්පුවක් ලබා දීම සිදු කරනවා.නමුත්, සූප්පුව මඟින් දරුවන්ගේ දත් වලට පමණක් නොව මුඛය, තල්ල හා හනුවල වර්ධනයට ද යම් බලපෑමක් සිදුවෙනවා. මේ නිසා සූප්පුවක් දිගුකාලීනව භාවිත කිරීම අනුමත කළ නොහැකියි.

  • ලස්සන දත් ඕනෑද?                                                 

බොහෝ අවස්ථාවලදී දරුවාගේ කිරිදත් නරක් කරන වැරැද්ද සිදුවෙන්නේ මවගේ අතින්. මවුකිරි ලබාදුන් පසු දරුවාගේ කට ඇතුළේ දිව සහ තල්ල අතර කිරි තට්ටුවක් ඉතුරු වෙනවා. දත් මෝදු වෙන්න පෙර ඉඳන්ම මවු කිරි දීමෙන් පස්සෙ පිරිසුදු සිනිඳු කපු රෙදි කැබැල්ලක් අම්මාගෙ ඇඟිල්ල වටා ඔතා විදුරුමස් පිස දැමීම අනිවාර්යයෙන් කළ යුතුයි. මුල් කාලයේදී ඒ සඳහා මවට ඇඟිලි බුරුසුව (finger brush ) භාවිත කළ හැකියි. 

 

Prime Marina ව්‍යාපෘතිය නිල වශයෙන් අරඹයි Read Previous

Prime Marina ව්‍යාපෘතිය නිල වශයෙන් අරඹයි

Prime Marina ව්‍යාපෘතිය නිල වශයෙන් අරඹයි Read Next

Prime Marina ව්‍යාපෘතිය නිල වශයෙන් අරඹයි

Realted Post

Leave a comment