දරු සිහින සැබෑ කරන IUI ප්‍රතිකාරය

ක්‍රියාවලීන් කිහිපයකට පසුව ඉතා පිරිසුදු ලෙස ගුණාත්මක භාවයෙන් වැඩි ශුක්‍රාණු සිහින් නාළයක් ඔස්සේ යෝනි මාර්ගය හරහා ගැබ්ගෙල තුළ තැන්පත් කිරීම මෙම IUI ප්‍රතිකාරය මගින් සිදුකරනු ලබනවා. 

සාමාන්‍යයෙන් මෙලෙස ශුක්‍රාණු ගර්භාශය තුළ තැන්පත් කළ පසුව ඒ මොහොතේම සයනයෙන් බැසීමට ඉඩ දෙන්නේ නැහැ. 

සුළු වේලාවක් එම කාන්තාවට වැතිරී සිටින්නට උපදෙස් ලබා දෙනවා.

මෙලෙස ශුක්‍රාණු තැන්පත් කිරීමෙන් පසුව ඇතැම් විට කාන්තාවන්ට සුළු උදරාබාධ ඇති වීමට පුළුවන්. 

ඒවා දිගු කාලයක් පවතින වේදනාවක් නෙවෙයි. 

එහෙත් මෙලෙස ශුක්‍රාණු තැන්පත් කිරීමෙන් පසු දිගින් දිගටම පවතින අධික වේදනාව හෝ අපහසුතාවක් ඇත්නම්, වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත්. බොහෝමයක් කාන්තාවන්ට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වන්නේ නැහැ. 

වෛද්‍යවරයා නියම කරන ඖෂධ පමණක් ලබා ගැනීම ප්‍රමාණවත්.

ඒ වගේම වැඩි දෙනෙකුට මේ ප්‍රතිකර්මය ගැන අවබෝධයක් නොමැතිකම නිසා විවිධ ගැටලු ඇති වනවා වගේම ඒ පිළිබඳ නිවැරදි අවබෝධයකින් තොරව ප්‍රශ්න යොමුකරන අවස්ථා තිබෙනවා.

 කෙසේ නමුත් IUI ප්‍රතිකාරය සිදු කිරීමෙන් සති තුනකට පසුව නැවත ඔසප් වීමක් සිදුවුණේ නැතිනම් මූත්‍ර පරීක්ෂණයක් සිදු කර ගැනීම මඟින් ගර්භිණී බව සනාථ කර ගැනීමට පුළුවන්.

මේ ප්‍රතිකාරය කිරීමට යාමේදී හිතට වද දෙන නොයෙකුත් ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. 

විශේෂයෙන් මෙහිදී රසායනාගාරය තුළදී ශුක්‍රාණු මාරු විය හැකිදැයි බොහෝ දෙනෙක් විමසනවා. 

එවැනි ගැටලු තිබෙන අයට කියන්නට තිබෙන්නේ ඔබ සිදුකරගන්නා IUI ප්‍රතිකාරය විශ්වසනීය ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් වගේම පළපුරුදු සහිත විශේෂඥ වෛද්‍යවරයකුගෙන් සිදුකරගන්නවා නම් එවැන්නක් සම්බන්ධයෙන් කිසිදු බියක් ඇතිකරගත යුතු නැත යන්නයි.


උපදෙස් -ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස්

නයනා උදයංගනී

පවුල් ජීවිතයේ ආදරණීය අන්දරය Read Previous

පවුල් ජීවිතයේ ආදරණීය අන්දරය

ඇත්ත සිදුවීමකින් එළියට එන ’’Rivverston’’ Read Next

ඇත්ත සිදුවීමකින් එළියට එන ’’Rivverston’’

Realted Post

Leave a comment