පුද්ගල සනීපාරක්ෂාව ගැන සිතමු

පුද්ගල සනීපාරක්ෂාව පිළිබඳ කවරදාටත් වඩා මේ වෙද්දි නිරන්තරවම සිතිය යුතු දෛනික ක්‍රියාකාරකමක් වෙනවා.

දිනපතා පුද්ගල සනීපාරක්ෂාව නිසි ලෙස පවත්වා ගැනීමෙන් ඔබේ සෞඛ්‍ය වගේම බාහිර පෞරුෂය හොඳින් පවත්වා ගැනීමට වැනි ජීවිත ප්‍රතිලාභ බොහෝ අත්විඳිය හැකි දෙයක් බවට පත්වෙනවා. 

අපි බලමු පුද්ගල සනීපාරක්ෂාව ගැන  දෛනික ජීවිතයේදී හිතන්නෙ කොහොමද කියලා.

පුද්ගල සනීපාරක්ෂාව පිළිබඳ කතා කිරීමේදී පිරිසිදු බව ගැන අංක එකට සිතිය කළ යුතුයි.

දිනපතා ස්නානය, සිරුර සේදීම කළ යුතුයි. එමගින් සිරුරට ඇතුළු වන බාහිර විෂබීජ වලින් ඈත්වී ගත සිත ප්‍රබෝධමත් කරන සුව පහසු දෛනික ජීවිතයක් ගත කිරීමේ හැකියාව තිබෙනවා. 

දිනකට දෙවරක් දත්  මැදීම

සහ මවුත් වොෂ් එකක් භාවිතය

එමගින් මුඛ සෞඛ්‍ය වගේම පිරිසක් ඉදිරියේ ප්‍රසන්නව සිටීමේ හැකියාවද තිබෙනවා

වැසිකිළි යාමෙන් පසු හොඳින් ඒ අවට පිරිසිදුකර වියළිව තබා ගැනීම 

මාසික ඔසප් සනීපාරක්ෂක තුවා නිසි ලෙස පරිහරණය වගේම ඒවා නිසි ලෙස බැහැර කිරීම ගැනත් කාන්තා වූ ඔබ සිතිය යුතුයි

එමගින් ලිංගාශ්‍රිත බෝවන රෝග වලින් ඈත්වීම වගේම පරිසරය ද පිරිසිදුව තබා ගැනීමත් හැකියාව ලැබෙනවා

සෑම විටම අත් පා පිරිසිදුව තබා ගැනීම සහ නිය හොඳින් කපා පිරිසිදුව තබා ගැනීමත් වැදගත් වෙනවා 

පුද්ගලිකව භාවිත කරන ඇඳුම්, යට ඇඳුම් , තුවා පිරිසුදුව  තබා ගැනීම

ආහාර පානවල සුරක්ෂිත භාවය සිතීම සහ සමබල ආහාර වේලක් ලබා ගැනීමට හුරුවීමෙන් ලෙඩ රෝග වලින් තොර නිරෝගී සෞඛ්‍යමත් ජීවිතයක් ගත කිරීමේ හැකියාව තිබෙනවා 

කාල සටහනක් සහිතව හොඳ දෛනික කළමනාකාරීත්වයෙන් යුක්තව ජීවිතයකට හුරුවීම. 

දහදිය දුගඳ වැඩිනම් ප්‍රමිති ගත ඩියුට්‍රොන් එකක් භාවිත කිරීමට හුරුවීම. 

පුද්ගල සනීප ආරක්ෂාව ගැන කතා කිරීමේදී ආත්ම විශ්වාසය , මනස නිරෝගීව, සුවපත්ව තබා ගැනීම ගැනත් අමතක නොකළ යුතුයි.

හිසකෙස් පීරා හොඳින් ප්‍රියමනාපව සිටීම. එමගින් ඔබේ බාහිර පෞරුෂය වඩා ඉස්මතු කරවන දෙයක් බවට පත්වෙනවා.

මෙලෙස ඔබ විධිමත්ව හොඳ දෛනික ජීවිතයක් පවත්වා ගැනීමෙන් සැමියාට, දරුවන්ට, රැකියා ස්ථානයට සමාජයේ කැපී පෙනෙන පියමනාප ,නැවුම් චරිතයක් ඔබ නිසැකයෙන් පත්වෙනවා.

සටහන 
මහේෂානි මීගහපොල

උපදෙස්

බුද්ධිනී සෙනවිරත්න 
නව ජන්ම ළදරු දැඩි සත්කාර ඒකක හෙද නිලධාරිනි 
ද සොයිසා කාන්තා රෝහල 
කොළඹ 

ජෝතිෂ්‍යය කියන්නේ මැජික් එකක් නෙවෙයි, ඒක ගණිතයක්! Read Previous

ජෝතිෂ්‍යය කියන්නේ මැජික් එකක් නෙවෙයි, ඒක ගණිතයක්!

Platinum Excellence Awards 2026 Read Next

Platinum Excellence Awards 2026

Realted Post

Leave a comment