පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් දහසක් බඳවා ගැනේ

මෙරට මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා  පුළුල් කිරීමට තවත් සිසු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන් දහසක් බඳවා ගැනීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘතියෙන් (PSSP) මුදල් වෙන් කර ඇත. 

 මුදල් ලබාදෙන්නේ පුහුණුවන කාල සීමාව තුල එම සිසු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන්ගේ පුහුණු දීමනාව ගෙවීමටය.

ඒ අනුව දැනටමත් පුහුණු මධ්‍යස්ථානවල පුහුණු වෙමින් සිටින එම සිසු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනීන් දහසක් (1000) වෙනුවෙන් පුහුණුවන කාල සීමාවේදී දීමනා ගෙවනු ලබන්නේ  ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘතියෙන් (PSSP) බව  ව්‍යාපෘති අධ්‍යක්ෂ ,වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා නැංවීම වෙනුවෙන් තවත් වැඩසටහන් ගණනාවකටම සිය ව්‍යාපෘතිය සහාය දක්වන බවද ඒ මහතා අනාවරණ කරයි. ඔහු ඒ බව සඳහන් කලේ දිවයිනට පැමිණ සිටින ලෝක බැංකු විශේෂ නියෝජිත කණ්ඩායම සමඟ  සෞඛ්‍ය අමාත්‍යාංශයේදී වැඩබලන සෞඛ්‍ය ලේකම් ගීතාමනී සී කරුණාරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදීය.

සිහින ගමනාන්තය Read Previous

සිහින ගමනාන්තය

වතු කම්කරුවන්ට වසර 25කට පසු සාධාරණය Read Next

වතු කම්කරුවන්ට වසර 25කට පසු සාධාරණය

Realted Post

Leave a comment