පැළෙන යටිපතුල් වලට විසඳුමක්

යටි පතුල් පැළීම ඕනෑම වයසක දී ඇතිවිය හැකි රෝගී තත්ත්වයකි. මේ යටිපතුල් පැළීමට ආයුර්වේදයෙන් ගත හැකි විසඳුම්ය. 

යටි පතුල් පැළීමට හේතු

  • යටි පතුල වියළීම නිසා යටි පතුල් පැළීම.
  • යටි පතුල් නිතරම තෙරපුමකට ලක්වීම.
  • සිරුර අධිකව ස්ථූල වීම.
  • ජානමය හේතු
  • පෝෂණ ඌනතා
  • දිලීර ආසාදන (එක්සිමා, සොරයිසිස්)  වැනි රෝග
  • හෝමෝන අසමතුලිතතා ඇතිවීම.
  • විශේෂයෙන් තයිරොක්සින්, ඊස්ට්‍රජන් හෝමෝන ආශ්‍රිත අසමතුලිතතා නිසා හටගන්නා රෝග

දියවැඩියාව

  • රුධිර ගමන ආශ්‍රිතව පවතින්නා වූ ගැටලු
  • ගර්භිණීභාවය. 

ලක්ෂණ

  • යටපතුල් වියළීම සහ . ගනවීම.
  • සිහින් ඉරිමෙන් මතුවීම කාලයක් යද්දී මෙම තත්ත්වයේ නොසලකා හැරීම නිසා වේදනාකාරීව යටිපතුල් පැළී සැරව, රුධිරය වැනි දෑ පිටවීම.
  • පොතු මෙන් සම ගැලවීයාම.
  • වේදනාව 
  • ඉදිමුම
  • යටි පතුල් සම දුර්වර්ණ වීම.
  • උණුසුම් බව වැඩිවීම.
  • යටි පතුල් අවට ආසාදනය වීම.
  • හිසේ කැක්කුම.
  • ඇවිදීමට අපහසුතා.
  • මානසික ආතතිය.
  • නිවසේදී කළ හැකි ප්‍රතිකාර
  • බාහිර යටිපතුල්වල සමෙහි තෙතමනය රඳවාගැනීම. 
  • මද උණුසුම් ජලයේ විනාඩි විස්සක් පමණ දෙපා දමාගෙන සිටීම. 
  • විනාඩි විස්සෙන් පසු යටි පතුල් හොඳින් තෙතමාත්තු කරගන්න.
  •  
  • ඉන්පසු දෙපා යටි පතුල්වල හොඳින් තල තෙල් ආලේප කර මෘදු සම්බාහනයක් සිදු කරන්න.
  • එමගින් යටිපතුල් වියළීම, ගන බව අඩුවී පාදවල විඩාගතිය මඟ හැරී පැහැපත් මුදු යටිපතුල් ලබා ගත හැකියි.
  • නුග පොතු, බෝපොතු, ගංසූරිය, අට්ටික්කා පොතු තැම්බූ ඖෂධීය ජලයට දෙපා දමාගන්න. මෙලෙස විනාඩි 20ක් පමණ සිටින්න.
  • විනාඩි 20කින් පසුව හොඳින් තෙත මාත්තු කර තල තෙල්, පොල්තෙල්, එළඟි තෙල්, ඔලිව් තෙල් වැනි ඔබ කැමති තෙල් වර්ගයක් භාවිත කරමින් දෙපා සම්බාහනය සිදු කරන්න.

ආහාර රටාව

  • නැවුම් එළවළු, පලතුරු, පාඅ වර්ග, ධාන්‍ය වර්ග අඩංගු සමතුලිත ආහාර රටාවකට හුරුවිය යුතුයි.
  • හොඳින් වතුර පානය
  • අධික ලුණු, අධික සීනි, රසායනික ක්ෂණික කෙටි ආහාර වැනි වැරදි ආහාරවලින් ඈත්වීම. 
  • උෂ්ණාධික ආහාර නොගැනීම
  • සුවපත් නින්දක් ලබා ගැනීම. 
  • ව්‍යායාම කිරීම( උදෑසන පිණි සහිත තණකොළ හෝ උඳුපියලිය මත ඇවිදීම සුදුසුයි.)
  • දියවැඩියාවෙන් පෙළෙනවා නම් ඔබේ දෙපා ගැන නිතර සැලකිලිමත් වීම වැදගත් වේ.

සටහන: මහේෂානි මීගහපොල 
උපදෙස් :  ප්‍රජා සෞඛ්‍ය ආයුර්වේද වෛද්‍ය නිලධාරීනි දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආයුර්වේද වෛද්‍ය එම්.පී. එන්. ප්‍රබෝධනී

අහිමිවීම ජයග්‍රහණයක් කරා ගෙන ගිය ඇය Read Previous

අහිමිවීම ජයග්‍රහණයක් කරා ගෙන ගිය ඇය

’දශබල ශරීර නල්ලියා’’ දේව්නිමෝරි ධාතූන් වහන්සේලා වන්දනාව Read Next

’දශබල ශරීර නල්ලියා’’ දේව්නිමෝරි ධාතූන් වහන්සේලා වන්දනාව

Realted Post

Leave a comment