මලබද්ධය නැති කරන ප්‍රතිකාර

මේ සටහන නිසි ලෙස මලපහ පිට කිරීම සඳහා එනම් මලබද්ධය වළක්වා ගැනීම සඳහා කළ හැකි ආයුර්වේද ප්‍රතිකාර පිළිබඳවයි.

පහසු වෙලාවක් තෝරාගන්න

මූලිකව කළ යුතු දේ නම් දිනපතා පහසු වෙලාවක් මේ සඳහා වෙන්කර තබා ගැනීමයි. උදෑසන ආහාරයෙන් පසුව දෛනිකව මලපහ කිරීමට ඔබ හුරු වෙනවා නම් වඩාත් සුදුසු වුවද රාජකාරී කටයුතු සමග එයට බාධා ඇතිවීමට හැකියාව පවතින නිසා දිනයේ යම් නිශ්චිතවේලාවක් මලපහ කිරීම සඳහා තබා ගැනීම වඩාත් සුදුසුය.

 

  • යෝග වැනි ව්‍යායාමවල යෙදීම .
  • මනස සැහැල්ලුවෙන් තබා ගැනීම.
  • ආහාරපාන නිවැරදි කර ගැනීම.
  • කෙඳි සහිත ආහාරපාන ලබා ගැනීම.
  • තැම්බුම් හොදි ආහාරයට ගැනීම.
  • සියඹලා වැඩිපුර යෙදූ ආහාර ගැනීම.
  • කොළ කැඳ (කරපිංචා / යකිනාරන්/ එළ පිටවක්කා / හීන් උඳුපියලිය)
  • උෂ්ණාධික ආහාර, තෙල්, පිටි බහුල ආහාර, කෘත්‍රිම රසායනික රසකාරක වර්ණ කාරක අඩංගු ආහාර, මස් වර්ග නිතර වැඩිපුර ගැනීමෙන් වැළකීම.


අත් බෙහෙත්.

  • අරලු, සෙනෙහෙ කොළ, වැල්මී, තල් සූකිරි, යන ද්‍රව්‍ය කලන් හතර බැගින් වතුර පත අට එකට සිඳවා දින තුනක් කසායක් ලෙස භාවිත කරන්න. මෙමඟින් රුධිරය පිරිසුදු කරයි.
  • තැම්බුම් හොද්ද.
  • සියඹලා බොර පානය.
  • වළඟසහල්, ගොටු කොළ දඬු, කුඹුරු ඇට මද, අරලු මේ සියල්ල එකට තම්බා පානය කිරීම.
  • මෙම අත් බෙහෙත් වලින් ගුණයක් නොමැති නම් නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු විය යුතුයි.


සටහන - මහේෂානි මීගහපොල 

අදහස් දැක්වීම  
කාර්යභාර වෛද්‍ය නිලධාරී මැදබැද්ද අයුර්වේද රෝහලේ ආයුර්වේද වෛද්‍ය විදුර රත්නාකර.

සිරිකත ,කැලණි නදී අවුරුදු කුමරා කුමරිය  සහ විවාහක අවුරුදු කුමරා කුමරිය  2026 Read Previous

සිරිකත ,කැලණි නදී අවුරුදු කුමරා කුමරිය සහ විවාහක අවුරුදු කුමරා කුමරිය 2026

ආයු චිත්‍රපටය ගැන එහි අධ්‍යක්ෂක චත්‍ර වීරමන් කියපු කතාව Read Next

ආයු චිත්‍රපටය ගැන එහි අධ්‍යක්ෂක චත්‍ර වීරමන් කියපු කතාව

Realted Post

Leave a comment