මව්කිරි වඩවන ආහාර

මව්කිරි වඩවන ආහාර 

ලොව විද්වතුන් කිරි හඳුන්වන්නේ දිව්‍යමය රස බොජුනක් ලෙසය. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනුයේ දරුවෙකුට වයස අවුරුද්ද දෙකක් වනතුරු මව්කිරි දීම කළ යුතු බවයි. සමහර මව්වරුන්ට තිබෙන ගැටලුවක් නම් ප්‍රමාණවත් තරම් මව්කිරි නොතිබීමයි. ඒ සඳහා මව ලබාගන්නා පෝෂණය සෘජුවම බලපායි. කාන්තාවක් දරුවාට කිරි දෙන කාලයේ මව් කිරි වර්ධක ආහාර හඳුනාගෙන ඒවා ආහාරයට ගත යුත්තේ එබැවිනි.

කිරි අඟුණ,ජපන් බටු, මුරුංගා වැනි ඕනම පලා වර්ගයක්.

එළවළු

  • පොලොස්
  • කරවිල
  • කෙසෙල්මුව
  • වට්ටක්කා
  • කිරි අල
  • දඹල
  • මුරුංගා කරල් 
  • බිම්මල්

ධාන්‍ය වර්ග

  • කුරක්කන් 
  • කොල්ලු
  • මුං ඇට

 

ජලය

  • මඳ උණුසුම් ජලය

 

පලතුරු

  • වෙල්ලි ඇතුළු විටමින් බහුල ඕනෑම දේශීය පළතුරක් ඉතා ගුණදායකයි ගුණදායකයි. ආනයනික පලතුරු ආහාරයට ගැනීමෙන් වැළකී සිටින තරමට සුදුසුයි.

 

පාරම්පරික සහල්

දේශීය පාරම්පරික සහල් වර්ග අතරින්  මඩතවාලු හීනටි සහල්, සුවඳැල් ගුණදායකයි. මෙම සහල් බතක් ලෙස පිස කෑමට ගැනීම අපහසු නම් කැඳක් ලෙස සකසා ගන්න. මද උණුසුම දිනකට දෙවරක් කැඳවීමෙන් මව්කිරි එරීම උත්තේජනය කරගත හැකියි. 

 

උපදෙස් : ආයුර්වේද වෛද්‍ය සේනක ගමගේ 

සටහන: මහේශානි මීගහපොළ

සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සභාපති ධූරය ක්‍රිෂාන් තිලකරත්නට Read Previous

සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සභාපති ධූරය ක්‍රිෂාන් තිලකරත්නට

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය Read Next

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය

Realted Post

Leave a comment