මී පැණි ඇත්තටම සෞඛ්‍යයට හොඳද? සීනිට වඩා හොඳ තේරීමක්ද?
අද මී පැණි ආහාරයක් විතරක් නෙවෙයි, “health product” එකක් විදිහටත් ප්‍රසිද්ධ වෙලා. විශේෂයෙන් නවසීලන්තයේ නිපදවන Manuka honey නම් මී පැණි වර්ගය “superfood” එකක් ලෙස පවා හඳුන්වන්න පටන්ගෙන තිබෙනවා.
නමුත් ප්‍රශ්නය තමයි, මී පැණි ඇත්තටම සීනිට වඩා හොඳද? කියන එක.
මී පැණි කියන්නේ මොකක්ද?
මී පැණි කියන්නේ මල් වල nectar එක මී මැස්සන් එකතු කර සකස් කරන ස්වභාවික ද්‍රව්‍යයක්. එහි ජලය, ඛනිජ ලවණ, enzymes සහ ශාක සංයෝග සුළු ප්‍රමාණවලින් අඩංගු වෙනවා.
මී පැණියේ රසය සහ පාට තීරණය වෙන්නේ මී මැස්සන් ගිය මල් වර්ගය අනුවයි. Clover honey, wildflower honey, heather honey සහ Manuka honey වගේ වර්ග ඒ අතර ජනප්‍රියයි. අපි දිනපතා තේ හෝ කෝපි වලට දමන සුදු සීනි නම් ඉතාමත් process කරන ලද ද්‍රව්‍යයක්. එය sugar cane හෝ sugar beet වලින් නිෂ්පාදනය කරනවා.
මී පැණි සහ සීනි අතර වෙනස
කැලරි සහ carbohydrates ගැන බැලුවොත්, මී පැණි සහ සීනි අතර ලොකු වෙනසක් නැහැ.
මී පැණි තේ හැන්දක කැලරි 21ක් සහ carbs ග්‍රෑම් 6ක් පමණ තියෙනවා.
සුදු සීනි තේ හැන්දක කැලරි 16ක් සහ carbs ග්‍රෑම් 4ක් තියෙනවා.
එහෙත් ප්‍රධාන වෙනස වන්නේ, සීනි “empty calories” ලෙස සැලකෙන එකයි. ඒ කියන්නේ එහි ශරීරයට ප්‍රයෝජනවත් විටමින් හෝ ඛනිජ ලවණ නොමැති වීම.
මී පැණියේ නම් සුළු ප්‍රමාණවලින් Vitamin C, Vitamin B, calcium, iron, zinc සහ copper වැනි පෝෂක අඩංගු වෙනවා.
මී පැණි ඇත්තටම සෞඛ්‍යයට හොඳ ඇයි?
1. ප්‍රතිඔක්සිකාරක ගුණ
මී පැණියේ තිබෙන antioxidants ශරීරයේ සෛල ආරක්ෂා කිරීමට උපකාරී වෙනවා. ඒවා inflammation අඩු කිරීමටත්, සමහර රෝග වල අවදානම අඩු කිරීමටත් දායක විය හැකියි.
2. විටමින් සහ ඛනිජ ලවණ
මී පැණියේ තිබෙන Vitamin C සහ B vitamins ශරීරයේ රුධිර නිෂ්පාදනය, නර්ව පද්ධතිය සහ ආහාර ජීර්ණයට උපකාරී වෙනවා.
3. උගුරේ අමාරුව සහ කැස්ස සඳහා
උණු වතුර, ලෙමන් සහ මී පැණි මිශ්‍රණය උගුරේ අමාරුවට හොඳ remedy එකක් ලෙස බොහෝ දෙනා භාවිත කරනවා.
Oxford University පර්යේෂණයකට අනුව, මී පැණි කැස්ස සහ උගුරේ අපහසුතා අඩු කිරීමට සමහර ඖෂධවලට වඩා ප්‍රභල බවත් සඳහන් වුණා.
Manuka Honey මෙතරම් ප්‍රසිද්ධ ඇයි?
Manuka honey කියන්නේ නවසීලන්තයේ ඇති විශේෂ පඳුරු වර්ගයක pollen වලින් නිපදවන මී පැණියක්. එය bacteria විනාශ කිරීමේ හැකියාව වැඩි බවට විද්‍යාත්මකව පර්යේෂණ තිබෙනවා.
එහි ඇති MGO (Methylglyoxal) නම් සංයෝගය bacteria වර්ධනය මන්දගාමී කිරීමට උපකාරී වෙනවා.
ඒ නිසාම Manuka honey බොහෝ වෙලාවට ඉතා මිල අධිකයි. UMF අගය වැඩි වීමත් සමඟ එහි potency එකත් මිලත් වැඩි වෙනවා.
මී පැණි කන්නේ කොහොමද?
මී පැණි pure sugar source එකක් නිසා එය අධික ලෙස පරිභෝජනය කිරීම හොඳ නැහැ.
පෝෂණවේදීන් පවසන්නේ:
yoghurt සමඟ
Peanut butter සමඟ
Oats හෝ porridge වලට
Toast මත jam වෙනුවට
භාවිත කිරීම වඩා හොඳ බවයි.
එවිට blood sugar spikes අඩු වන අතර, දිගු කාලයක් පූර්ණ බවක් දැනෙනවා.
කෙසේ වෙතත්, bee pollen වල antioxidants, vitamins සහ minerals බහුල නිසා එය සෞඛ්‍යයට හොඳ එකක් ලෙස සැලකෙනවා. මී පැණි කියන්නේ සම්පූර්ණයෙන්ම “superfood” එකක් නොවුණත්, සුදු සීනිට වඩා හොඳ ස්වභාවික විකල්පයක් බව නම් පැහැදිලියි. එහි vitamins, minerals සහ antioxidants තිබුණත්, එයත් sugar source එකක් නිසා අධික ලෙස භාවිත කිරීම සුදුසු නැහැ.
මේඝා චින්තාමණි MSN ඇසුරින්

Leave a comment