මේ අහන්න ඔයා තනිවෙලා නැහැ....

මේ අහන්න ඔයා තනිවෙලා නැහැ....  

 
ඔයා දන්නවද වසරකට ලොව පුරා ලක්ෂ අටක් පමණ සිය දිවි නසා ගන්නවා කියලා. ඒ අතරින් ලංකාවේ වසරකට 3500ක් පමණ සිය දිවි නසා ගන්නවා. ඔයා දන්නවද මේ නිසා සැප්තැම්බර් 10 වැනිදා ලෝක සිය දිවි නසා ගැනීම් වැලැක්වීමේ දිනය (World Suicide Prevention Day) ලෙස වෙන් කරලා තියෙනවා කියලා.  
 
ජීවිතයේ විවිධ විවිධ ප්‍රශ්ණ නිසා අපි මානසිකව වැටෙනවා.
 
අපේ මානසික සෞඛ්‍ය සම්බන්ධ විවිධ ගැටලු එනවා. ඒවා අපේ මානසික සෞඛ්‍ය දුර්වල කරනවා. 
 
මානසිකව වැටුනම අපි ඒ ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න බැරිව හිරවෙනවා. ඒ කියන්නේ ගැඹුරු ලිඳකට වැටුනා වගේ.
 
ඇයි මම එහෙම කිව්වේ අපි ලිඳකට වැටනම අපිට පෙනෙන්නේ උඩ අහස විතරයි. බාහිර ලෝකය පෙනෙන්නේ නැහැ. 
 
ඉතිං අන්න ඒ වගේ අපිට ගැටළුවක් ඇවිත් මානසිකව වැටුනම අපිට පිළිතුරු හොයන්න පාර පෙනෙන්නේ නැහැ. 
 
තමන්ගේ ජීවිතයට හැමදාම ප්‍රශ්ණ, දුකක් කියලා හිතනවා, ගොඩ ඒමක් නැහැ කියලා හිතෙනවා. 
 
නමුත් ඒක නෙවෙයි ඇත්ත අපි මානසිකව වැටිල නිසා අපිට හරි පාර පේන්නේ නැහැ. නමුත් ඇත්ත තමයි ඔයාට පුළුවන් මේ ප්‍රශ්ණය විසඳා ගන්න. 
 
ඔයාට පුළුවන් ගොඩක් දේවල් වෙනස් කරන්න. අනෙක් අය ලඟ නැති දේවල් ඔයාට උපයන්න පුළුවන්. (දැනුම, බලය.....)
 
ඔයා දන්නෙ නැහැ අනෙක් අය ලඟ නැති දේවල් ඔයා ලඟ තියෙනවා. 
 
ඒත් ඔයා ඒව දැකලා නැහැ. ඔයා දන්නෙත් නැහැ. 
 
ඔයා හිතනවා ඔයාට ඔයාව තේරුම් ගන්න බැරිවුන නිසා ඔයාව තේරුම් ගන්න වෙන කවුරුත් නැහැ කියලා. ඒත්, ඒක නෙවෙයි ඇත්ත. 
 
ඔයාට උදව් කරන්න මනෝ උපදේශකවරු (Psychological Counsellor)  ඉන්නවා.
 
ඔයාට තියෙන ගැටළු මේ අය සමඟ කතා කරන්න. මානසික දුර්වලතා වලට, ජීවිතය නැති කර ගන්න හිතෙනවනම්, මානසික රෝග වලින් පෙළෙනවනම් ඔයා මේ අයගෙන් උදව් ගන්න.
 
මම අවසානෙට කියනවා ඔයා තනිවෙලා නැහැ”.
 
 
ඇමරිකානු මෝහන අධිකාරියේ ලියාපදිංචි මෝහනවේදි,                                          
මනෝ උපදේශක (SLNIPC) සහ මනෝ චිකිත්සක,                                                        
මනෝවිද්‍යාව ප්‍රවීණ දේශිකා හා ලේඛිකා,
දුල්මිනි එස්. සෙනවිරත්න 

වතු කම්කරුවන්ට වසර 25කට පසු සාධාරණය Read Previous

වතු කම්කරුවන්ට වසර 25කට පසු සාධාරණය

සිහින ගමනාන්තය Read Next

සිහින ගමනාන්තය

Realted Post

Leave a comment