වැරදි ඉරියව් නිසා හැදෙන කොඳු ඇටපෙළේ වේදනාව

පුද්ගලයින් බහුලව පීඩා විඳින රෝගී තත්ත්වයක් ලෙස කොඳු ඇට පෙළ ආශ්‍රිත වේදනාව දැක්විය හැක. ඊට ප්‍රධාන හේතුවක් වන ගුදුයි හෙවත් Sciatica රෝගය ගැනයි මේ සටහන.

 

 

මොකක්ද මේ Sciatica

කොඳු ඇට පෙළ ආශ්‍රිතආබාධ යටතේ දැනට ලංකාවේ වගේම ලෝකයේ බහුලවම තිබෙන රෝග තත්ත්වයක් ලෙස Sciatics රෝගය හඳුනාගත හැක ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී මෙම තත්ත්වය ගුද්‍රස ලෙස හඳුන්වයි.


මෙම රෝගය සෑදීමට හේතු ගණනාවක් බලපායි.

පස්වැනි කටී කශේරුකා මුල්කරගෙන එහි වූ ගුද්‍රසි නාඩිය මුල පීඩනයට පත්වීම මූලික හේතුවක් වේ.

වයසත් සමඟ කැල්සියම් සමතුලිතතාව බිඳ වැටීමකට ලක්වීම හේතුවෙන් සිරුරේ යම් යම් ස්ථාන වල කැල්සියම් තැන්පත් වීමට පුළුවන. සන්ධිවල, කශේරුකාවේ සහ කටී කශේරුකාව වැනි සිරුරේ බර දරන ස්ථානවල කැල්සියම් තැන්පත් වේ. 

එවිට කොඳු ඇට පෙළේ කශේරුකාවේ පහළට ගලා යන නාළය තුළ හෝ ඉන් පිටත ස්ථානවල කැල්සියම් තැන්පත් වීමෙන් සුෂුම්නාව සහ ස්නායු අනු තෙරපීමකට ලක් වීමෙන් මෙම රෝගය මතු විය හැක.

 

වැරදි ඉරියව්

වැරදි ඉරියව් නිසා මේ තත්ත්වයෙන් කෙනෙකුගේ මෙම තත්ත්වය මතු විය හැක. බරක් උසුලන විට දණහිස් වලින් නැමි එය උස්සනවා මිස කොන්දෙන් නැමී ගැනීමට උත්සහ නොගත යුතුය. . විශේෂයෙන් ස්ථුලතාවයෙන් පෙළෙන කෙනෙකුගේ කොඳු ඇට පෙළට සිරුරේ බරත් එකතු වෙයි. එවැනි අවස්ථා වලදීත් මෙම රෝග තත්ත්ව මතු වීමට ඉඩ තිබේ.

කොන්ද ඇල කරගෙන සිටීම වැරදි ඉරියව්වල  කලාන්තරයක් සිටීමෙන් තමන්ට නොදැනීම මෙවැනි ගැටලු මතු විය හැක. කොන්ද ඇදවීම නිසා අන්තර් කශේරුකා මණ්ඩල වල ස්නායු එක පැත්තක් තෙරපී වම් හෝ දකුණු පැත්තේ වේදනාව සහිත හිරි ගතියක් සහිතව මෙම රෝගය මතු විය හැකිය. මේ තත්ත්වය සුළුවෙන් පටන්ගෙන පසුව සති 2-3 යාමේදී තද වේදනාවක් බවට පත් වී සිරුර ඇදවන තත්ත්වයක් දක්වා මතු වේ. අස්ථි වල පිහිටීම වෙනස්වීම නිසා එක් පාදයක් අනෙක් පාදයට වඩා කොට වීමක්ද සිදුවෙන්න පුළුවන.

මෙම රෝගය තිබෙන පුද්ගලයන් වගේම තුනටිය ප්‍රදේශයේ දුර්වලතා පවතී නම් මෝටර් සයිකල් වල, පොදු ප්‍රවාහන බස් රථවල පිටුපස අසුන හෝ රෝද උඩ තිබෙන අසුන මත වාඩි වී ගැස්සි ගැස්සී යාමෙන් එම තත්ත්වය වැඩිවීමේ අවදානම පවතී.

 

ප්‍රතිකාර මොනවාද?

කොන්ද කැක්කුමක් සමග පාදය දිගේ යන වේදනාව මතුවේ නම් රෝගියා ඇඳක දිගාකර පාද දෙකේ වෙනස්කම් තිබේදැයි මුලින්ම බැලිය යුතුය. ඊට හේතුව ප්‍රතිකාර ලබා දිය යුතු වන්නේ පාද දෙකේ දිග පළල ගැන විමසිලිමත් වීමෙනි.

 

ඖෂධ ප්‍රතිකාර විතරක් මදි

මලබද්ධය වළක්වා යුතුයි කෙඳි බහුල ආහාර ගැනීම වගේම හොඳින් ජලය පානයට හුරු විය යුතුයි. සිරුර තුළ ආම්ලිකතාව වැඩි කරවන උෂ්ණ අධික ආහාර ගැනීම සම්පුර්ණයෙන්ම නතර කළ යුතුයි. අවම වශයෙන් රෝගය සුව වී මාස 3,4 ක් යනතුරු උෂ්ණ අධික ආහාර නොගත යුතුයි. නිවැරදි ඉරියව් භාවිතයද අවශ්‍යයි.

 

පීඩාව අවම කරන උළුහාල් කොට්ටය.

පුලුන් වෙනුවට පිරිසුදු කරන ලද උළුහාල් ටිකක් අඟල් 2 ක් පමණ ගනකම සිටින සේ උරයකට දමා කුඩා කොට්ටයක් සාදාගන්න. එම කොට්ටය දිනපතා තද අව්වට දමා හොඳින් වේළාගත යුතුයි. එහිදී පුස් බැඳීම, දහදිය දැමීම වැනි තත්ත්ව මඟහැර ගත හැකියි. 

උළුහාල්වල වාත සමනය සහ වේදනාව සමනය කිරීමේ ගුණය පවතියි. මෙම රෝගය සුව වූ පසුන් කාලයක් යනතුරු උළුහාල් කොට්ටය භාවිත කිරීම වඩාත් ප්‍රතිඵලදායක වේ.

දිගු වේලාවක් වාඩි වී සිටින කෙනෙකු නම් පැයකට වරක් තම ඉරියව් වෙනස් කළ යුතුයි.

 

සටහන: මහේෂානි මීගහපොල
උපදෙස්: බෙන්තොට ප්‍රජා සෞඛ්‍ය ආයුර්වේද නිලධාරී වෛද්‍ය, ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් විමුක්තිද සොයිසා.

ලෝකාන්තය බලන්න යනවා වගේම පරිස්සම ගැනත් හිතන්න Read Previous

ලෝකාන්තය බලන්න යනවා වගේම පරිස්සම ගැනත් හිතන්න

සිරිකත ,කැලණි නදී අවුරුදු කුමරා කුමරිය  සහ විවාහක අවුරුදු කුමරා කුමරිය  2026 Read Next

සිරිකත ,කැලණි නදී අවුරුදු කුමරා කුමරිය සහ විවාහක අවුරුදු කුමරා කුමරිය 2026

Realted Post

Leave a comment