සංගීත චිකිත්සාව ඖෂධයක් වෙන හැටි

සංගීත චිකිත්සාව එහෙම නැත්නම් මියුසික් තෙරපි කියන දෙය අද ලොව පුරා ජනප්‍රිය චිකිත්සක ක්‍රමයක් වෙනවා. සංගීත කියන විශ්ව භාෂාව යොදාගෙන මිනිස් ප්‍රජාවන් තුළ මතුවන කායික ,මානසික පීඩාවන් දුරු කළ හැකි මිල කළ නොහැකි ඖෂධයක් වෙනවා. ඒ කෙසේද යන්න පිළිබඳ විමසුමකි මේ. 

 

සංගීත චිකිත්සාවෙන් ලැබෙන වාසි


වේදනාව කළමනාකරණය කරගැනීම

වේදනාව ඇතිවූ විට අපි බොහෝ වෙලාවට මානසිකව ඇද වැටෙනවා. ඒ වගේම අතට අසුවෙන වේදනා නාශකයක් ගිල දමන්න තමයි බලන්නේ. නමුත් ඔබ සියුම් උසස් ගණයේ මිහිරි සංගීත රාවයක් ශ්‍රවණය කිරීමෙන් ඔබට සුළු වෙලාවකදී වේදනාව සමනය වන බව හොඳින් වැටහේවි. 


මානසික සෞඛ්‍ය වැඩිදියුණු වීම. 


දෛනික කටයුතු වල නිරත වීමේදී මානසික සුවය කියන දෙය ඉතාම වැදගත්. සංගීතය හරහා ධනාත්මක සිතුවිලි උපද්දවා ජීවිතය සාර්ථක හිමි පෙත්තටම යන්න ඉණිමං තනනවා. 
ඒ වගේම දරුවන්ටත් මේ මානසික සෞඛ්‍ය වර්ධනය කර ගැනීමෙන් දරුවාගේ අධ්‍යාපනය සංවර්ධන වර්ධනය වීම වැනි සියලු අංගසම්පූර්ණ දරුවෙකු ලෙස ගොඩනංවා ගැනීමට හැකියාව ලැබෙනවා. 

ආතතිය දුරුවීම. 

වර්තමාන ජීවන  සමාජ පසුබිම් හමුවේ නිතර නිතර ආතතින් වලට විවිධ අයුරින් මුහුණ දීමට සිදුවෙනවා. එතනදි යහපත් සංගීතයකට යොමුවීමෙන් ආතතිය දුරුකරවා ගැනීමට මහඟු මෙහෙයක් වෙනවා. 

සන්නිවේදනය

දියුණුවීම, හොඳ පෞරුෂවත් මිනිසෙකු ලෙස බිහිවීම , දුටුවන් මාන පිනවන ප්‍රියමනාප පෙනුමක් ලබා ගැනීමට හැකියාව ලැබීම. 

පුද්ගලික හැසිරීම් චර්යාවන් වෙනස් කිරීම. 

යහපත් ලෙස පුද්ගල හැසිරීම් චර්යාවන් වෙනස් කිරීම තුළින් හොඳ පෞර්ෂවත් මිනිසෙකු ලෙස සමාජගත වෙන්න පුළුවන් වෙනවා. 


සංගීත චිකිත්සාව භාවිතා කරන අයුරු

ගායනයෙන් තොරව නිර්මාණය වූ සියුම් මිහිරි නාද රටාවන් තමයි මෙම චිකිත්සක ක්‍රමයේ දී උපයෝගී කරගන්නේ. 
උදාහරණයක් ලෙස ස්වභාවික පරිසරය  නාද රටා උපයෝගී කර ගැනීම එනම් මුහුදු රළ වැස්ස , කුරුලු හඬ ගස්කොළන් සුළඟට සැලෙන හඬ මෙවැනි ස්වභාවික සිත නිවන නාද රටා තමයි මේ සඳහා යොදා ගන්නේ.

මේ සංගීත නාද එක් එක් රෝගය අනුවද ඔබේ පවතින භාවමය හැඟුම්වලදී යොදා ගැනීම වෙනස්ය. 

උදාහරණයක් ලෙස දුකෙන් පෙළෙන පුද්ගලයෙකුගේ සිතට වේදනාව තුරන් කර සතුටු සැනසුම දනවන නාද රටා යොදා ගැනීම කළ යුතුයි. 

සංගීත චිකිත්සාව යොදා ගන්නා අවස්ථා. 

ගර්භිනී මව්වරුන් ,
දරුවන් බිහිකල දෙමව්පියන්ට, ඕනෑම වයස් කාණ්ඩයන් වලට, විවාහ ජීවිතයට ඇතුළත් වෙන්න සිතාගෙන සිටින අයට, විවාහ ජීවිතයට ඇතුළත් වූ අයට ,බෝ නොවන / බෝවන රෝග වලදී ,ඔටිසම් වැනි රෝග දරුවන්ට , බාල, මහලු ,තරුණ ඕනෑම කෙනෙකුට අවස්ථාව අනුව සංගීත චිකිත්සාව යොදාගෙන සුවපත් වෙන්න පුළුවන්.


සටහන - මහේෂානි මීගහපොල.

උපදෙස් - කලා, සංගීත විශාරද , හෙළ හෙදඉසුරු ශාස්ත්‍රාචාර්ය,  මනෝ උපදේශිකා ,බාහිර කථිකාචාර්ය,  කුරුණෑගල ශික්ෂණ රෝහලේ වේදනා කළමනාකරණ අංශයේ හෙද නිලධාරිනි චන්දී මුදුන් කොටුව.

ට්‍රම්ප්ගේ 80 වැනි උපන්දිනයට යූඑෆ්සී සටනක් Read Previous

ට්‍රම්ප්ගේ 80 වැනි උපන්දිනයට යූඑෆ්සී සටනක්

අනතුරු දායක ලෙස මහනුවර නගරයේ පාරවල් හරහා පනින පදිකයන්ට නඩු... Read Next

අනතුරු දායක ලෙස මහනුවර නගරයේ පාරවල් හරහා පනින පදිකයන්ට නඩු...

Realted Post

Leave a comment